Thursday 20 September 2012

මට කවුරු තරහ වුණත් කමක් නැහැ

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපතිවරයා ප්‍රමුඛ පිරිස් විදේශීය බලවේගවලට හිස නමමින් ළමා පරපුර විනාශ කරන බවට අමාත්‍ය මර්වින් සිල්වා මහතා චෝදනා කරයි. ’’මම උත්තර දෙන්න ලැස්තියි. දෙවිදත්තර නිකායේ තාම ඉන්නවා මේ ශාසනේ විනාශ කරන්න දෙවිදත්තරට මේ ශාසනය විනාශ කරන්න මම ඉඩ දෙන්නේ නැහැ. මහජන කටයුතු ඇමතිවරයා හැටියට මට කවුරු තරහ වුණත් කමක් නැහැ. ඒවට උත්තර දෙන්න ලෑස්තියි. හුගක් කට්ටිය මාධ්‍යට බයයි. කෙලින් කතා කරන්නේ නැහැ. ඒවගේ ඉන්නවා නිර්මල දේවසිරිලා වගේ මහාචාර් ආචාර්යවරු එතකොට හාමුදුරුවනේ ජිවත් වෙන්නේ, ඩොලර් පවුම් යූරෝවලින් විදේශ සුද්දන්ට ඔළුව නවලා මේ ළමා පරපුර විනාශ කරන්න බහිමු මාත් එක්ක පාරට ගේන්න මේ නොහාබිනා මේ රට විනාශ කරන විදේශ බලවේගවලට උල්පන්දම් දෙන මේ වගේ මහාචාර්ය ආචාර්වරුන් ඒක මම කියන්න ඕනේ’’ ඔහු මෙම චෝදනාව කරනු ලැබුවේ, ඊයේ වත්තල ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ පැවති උත්සවයකදීය.

No comments:

Post a Comment