Thursday 20 September 2012

රටවල් රැසක ප්‍රංශ කාර්යාල තාවකාලිකව වැසේ

ලෙව පුරා රටවල් රැසක පිහිටි සිය කාර්යාල ඉදිරි දින කිහිපය තුළ වසා දැමීමට ප්‍රංශය තීරණය කර තිබේ. නබි නායක තුමාට අපහාස වන අයුරින් ප්‍රංශ සඟරාවක් පළකර තිබු කාටූනයට විරෝධය පළ වීමත් සමඟ ප්‍රංශය මේ තීරණය ගෙන ඇති බවට වාර්තා වේ. අදාළ කාටූනයට එරෙහිව පසුගිය සිකුරාදා ප්‍රංශයේ මෙන්ම තවත් රටවල් කිහිපයක විරෝධතා හට ගත් අතර විදේශ රටවල පිහිටි තම කාර්යාලවල ආරක්ෂාව තර කිරීමට ප්‍රංශ බලධාරීහු පියවර ගත්හ. එමෙන්ම රටවල් 20 ක පිහිටි සිය තානාපති හා කොන්සල් කාර්යාල සංස්කෘතික මධ්‍යස්ථාන හා පාසල් ඉදිරි දින කිහිපයේ දී වසා දැමෙන බව ප්‍රංශය නිවේදනය කළේය. අදාළ සඟරාව මුද්‍රණය කළ පැරිස්හි පිහිටි මුද්‍රණාලය අවට ද ආරක්ෂාව තහවුරු කර ඇති බව ප්‍රංශ බලධාරීන් පැවසීය. මේ අතර සිය වෙබ් අඩවියට දැනටමත් ප්‍රහාරයක් එල්ල වී ඇති බැවින් ඊයේ උදෑසන සිට ඊට ඇතුළුවිය නොහැකි බව අදාල ප්‍රංශ සඟරාව ප්‍රකාශ කළ බව විදේශ වාර්තාවල සඳහන් ය.

No comments:

Post a Comment