Friday 7 September 2012

තව එක පාරක් දුවන්න පුළුවන් වේවි

තම ශක්තිය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව ලොව වේගවත්ම මිනිසා ලෙසින් විරුදාවලිය ලැබ සිටින ජැමෙයිකාවේ උසේන් බෝල්ට් පවසයි.බෝල්ට් ඒ ලබ පැවසූවේ, මෙම වසරේදී තමන් සහභාගී වන අවසන් තරඟා‍වලිය පිළිබඳ ව අදහස් දක්වමිනි. උසේන් බෝල්ට් මේ වසරේ දී ඔලිම්පික් උළෙල ප්‍රමුඛව තරඟාවලි‍ කිහිපයකට එක් වූ අතර ඔලිම්පික් උළෙලේ දී ඔහු පදක්කම් 03ක් දිනා ගත්තේය. ඩ‍යමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරඟාවලි‍යට සඳහා බෙල්ජියමට ගොස් සිටින බෝල්ට් මෙලෙස අදහස් පළ කළේය. "මෙය මා සතු ශක්තිය වැඩියෙන් වැය කළ වසරක්. මොකද මම තරඟාවලි වැඩි සංඛ්‍යා‍වක‍ට සහභාගී වුණා. මම හිතනවා මට තවදුරටත් ශක්තිය ති‍යෙනවා කියලා. ඇත්තටම මම ඒ පිළිබඳ කල්පනා කළා මේ තරඟය හොඳින් නිම කරන්න පමණක් මට ශක්තිව තියෙනවා කියලා මම හිතනවා. ඒත් මම කියන්න කැමතියි මම මානසිකව නිරවුල් නැහැ. මම කල්පනා කළා මොකද කරන්නේ කියලා මේ තරගයේදී මම හිතනවා තව එක පාරක් දුවන්න පුළුවන් කි‍යලා. තත්ත්පර 19 කින් දුවන්න පුළුවන් වේවි. මම හිතන්නේ මට ඒක ගැටලුවක් නෑ" බෙල්ජියම් ඩ‍යමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරඟාවලි‍ය අද පැවැත්වෙන අතර උසේන් බෝල්ට් එහි මීටර් 200 ඉසව්ව සඳහා පමණක් වන අතර මීටර් 100 ඉසව්ව නියෝජනය කරනු ලබන්නේ යොහාන් බ්ලේක් විසිනි.

No comments:

Post a Comment