Tuesday 4 September 2012

ලාංකීය වන්දනාකරුවන් රැගත් බස් රථවලට ප්‍රහාරයක්

ඉන්දියාවේ සංචාරය කරන සහ එහි රැදී සිටින සියලු ශ්‍රි ලාංකිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සදහා අඛණ්ඩව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව එරට රජය පවසයි. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා මේ බව සදහන් කළේ, දකුණු ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ සංචාරය කිරීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා ආණ්ඩුව නිකුත් කර ඇති සංචාරක උපදේශනය පිළිබදව අවධානය යොමු කරමිනි. ‍ ඒ අතර දකුණු ඉන්දියාවේ සංචාරයක් සදහා ගිය ශ්‍රී ලාංකික වන්දනාකරුවන් පිරිසට යළිත් වරක් පහරදීමක් සිදුව ඇතැයි එරට වාර්තා පවසයි. ඉන්දිය වාර්තාවන්හි දැක්වෙන්නේ මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස රැගත් බස්රථ 5 ට්‍රිචී ගුවන්තොටුපළ වෙත පැමිණෙමින් සිටියදී කිසියම් කණ්ඩායමක් ඒවාට පහරදී ඇති බවයි. එක් බස්රථයක වීදුරු බිදී යාමෙන් ඇතැමුන් තුවාල ලබා ඇති බව ද එම වාර්තාවන්හි සදහන් ය.

No comments:

Post a Comment