Tuesday 4 September 2012

සිසුහු තුන් ලක්ෂයක් හැඳුනුම්පත් ඉල්ලති

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ලක්ෂ තුනකට ආසන්න සිසුන් පිරිසක් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්ත‍මේන්තුව පවසයි. එහි කොමසාරිස් ජෙනරාල් ජගත් විජේවීර මහතා පැවසුවේ එම පිරිස සඳහා දෙසැම්බර් මාසයට පෙර ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට සැලසුම් සකස් කර ඇති බව ය. ඔක්තෝබර් මස 15 වැනි දිනට පෙර වයස අවුරුදු 16 සම්පුර්ණ වන පාසල් අයදුම්කරුවන්ට, ජාතික හඳැනුම්පත ලබා ගැනීම සඳහා විදුහල්පතිවරුන් මාර්ගයෙන් ඉල්ලුම් කළ හැකියි. ඒ සඳහා ලබා දුන් කාල සීමාව ජුලි 30 වැනිදා අවසන් වු බව ද ඔහු සඳහන් කළේය. අයදුම්පත් භාරදීමේ කාලසීමාව අවසන් වුව ද යම් කිසි හේතුවක් මත මෙතෙක් තම අයදුම්පත්‍ර එවීමට නොහැකි වූ සිසුන් වෙත්නම් හැකි ඉක්මනින් අයදුම්පත්‍ර තම දෙපාර්තමේන්තුව වෙත යොමුකරන ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජෙනරාල්වරයා දැනුම් දී සිටී.

No comments:

Post a Comment