Tuesday 4 September 2012

වතු සේවා සංගමය වෘත්තීය ක්‍රියා මඟකට

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට ලංකා වතු සේවා සංගමය තීරණය කර තිබේ. මේ වන විට වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ ගැටලු හා අර්බුද රැසක් උද්ගත වී ඇති බව එම සංගමයේ සභාපති ධම්මික ජයවර්ධන මහතා සඳහන් කළේය. විශේෂයෙන්ම හිඟ මුදල් ලබානොදීම මෙම ගැටලු අතර ප්‍රධාන වන බව හෙතෙම පැවසීය. මේ වන විට රටපුරා තේ කම්හල් 80 කට වැඩි ප්‍රමාණයක් වැසී ගොස් ඇති අතර ඉතා හොඳ තත්ත්වයේ කම්හල් පවා විකුණා ඇති බව ඒ මහතා පෙන්වාදෙයි. මෙම තත්ත්වය තුළ අදාළ ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් තම සංගමය ඉදිරියේ දී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹෙන බව ද ලංකා වතු සේවා සංගමය සඳහන් කර සිටියි.

No comments:

Post a Comment