උතුරු මැද ප්‍රධාන අමාත්‍යධූරය සම්බන්ධයෙන් ජනාධිපති තුමා ගන්නා තීරණයකට හිස නමන බව හිටපු ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා පවසයි.
එසේම එස්.එම්.රංජිත් මහතා උතුරු මැද ප්‍රධාන අමාත්‍යධූරයේ දිව්රුම් දීම ස්ථිර බව අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍ය එස්.එම්.චන්ද්‍රෙස්න මහතා අද අවධාරණය කළේ ය.
කෙසේවෙතත් උතුරු මැද ප්‍රධාන අමාත්‍යධූරය සම්බන්ධයෙන් අවසාන තීරණය ජනාධිපතිතුමාගේ ඉන්දීය සංචාරයෙන් පසුව සිදු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.
No comments:
Post a Comment