Tuesday 11 September 2012

බිලිපුජාව නවතන්න බලයක් නැහැ

හලාවත, ශ්‍රී භද්‍රකාලී අම්මන් කෝවිලේ වාර්ෂික සත්ත්ව බිලි පුජාව නතර කිරීමට කළ ඉල්ලීමක් හලාවත මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ජගත් ඒ. කහඳගම මහතා අද ප්‍රතික්ෂේප කළේය. එමෙන්ම සත්ත්ව බිලිපුජා පැවැත්වීම වැළැක්වීමට තම අධිකරණයට බලයක් නොමැති බව ද විනිසුරුවරයා අවධාරණය කළේය. විනිසුරුවරයා ඒ බව පැවසුවේ පුජ්‍ය ඕමාරේ කස්සප හිමියන් මෙම බිලිපුජාව වළක්වන ලෙස කළ පැමිණිල්ලකට අදාළව හලාවත පොලීසිය අධිකරණය හමුවේ කරුණු දැක්වු අවස්ථාවේදිය. හලාවත භද්‍රකාලී අම්මන් කෝවිලේ බිලි පුජාව පැවැත්වීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ලැබී ඇති පැමිණිලි සලකා බලා බිලි පුජාව නතර කිරීමට නියෝග කරන ලෙස පොලීසිය වැඩිදුරටත් ඉල්ලා සිටියේය. කෙසේ වෙතත් විනිසුරුවරයා වැඩිදුරටත් දන්වා සිටියේ පොලිස් බලතල අනුව පොලීසියට කටයුතු කිරීමට බාධාවක් නොවන බවය.

No comments:

Post a Comment