Thursday 6 September 2012

ඝාතකයින් දෙදෙනාටම මරණ දඬුවම

මනුෂ්‍ය ඝාතනයකට වරදකරුවන් වූ පුද්ගලයින් දෙදෙනෙකුට අනුරාධපුර මහාධිකරණයේදී අද මරණ දඬුවම නියම කෙරිණ. එලෙස මරණ දඬුවම නියමවූයේ ගල්කිරියාගම හා මහඇලගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකුටයි. 1995 වසරේ දෙසැම්බර් මස 10 වැනි දින අතින් පයින් හා මුගුරුවලින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ බවට පුද්ගලයින් තිදෙනෙකුට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණ. ඉන් පළමු හා තෙවන විත්තිකරුවන්ට අද මරණ දඬුවම නියමවූ අතර දෙවන විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා නියෝග කළේ ය.

No comments:

Post a Comment