Thursday 6 September 2012

පළාත් තුනේ පාසල් හෙට නිවාඩුයි

පළාත් සභා ඡන්ද විමසීම හේතුවෙන් සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර පළාතේ සියලු පාසල් හෙට දිනයේ වසා දැමෙන බව පළාත් අධ්‍යාපන බලධාරිහු පවසති. උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආනන්ද කුලරත්න මහතා පැවසුවේ පළාතේ සියලු පාසල් හෙට දිනයේ වසා තැබෙන බවය. මීට අමතරව ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස යොදා ගන්නා අනුරාධපුර මධ්‍ය විද්‍යාලය පසුගිය 3 වැනිදා වසා දැමුණු අතර එය ලබන 11 වැනිදා යළි විවෘත කෙරෙන බව ඔහු සඳහන් කළේය. නැගෙනහිර පළාතේ සියලු පාසල් ද පළාත් සභා මැතිවරණය හේතුවෙන් හෙට වසා දැමෙනු ඇති. පළාත් අධ්‍යාපන‍ ලේකම් එන්.ඒ.ඒ. පුෂ්පකුමාර මහතා පැවසුවේ ත්‍රිකුණාමලය , විපුලානන්ද විද්‍යාලය සහ විවේකානන්ද විද්‍යාලය, මඩකලපුව මධ්‍ය විද්‍යාලය සහ වින්සන් බාලිකා විද්‍යාලය මේ වනවිටත් වසා දමා ඇති බවය. එම පාසල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීම ඊට හේතුවයි. සබරගමුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්. අබේසිංහ මහතා පැවසුවේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් තුනක් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ එක් පාසලක ඡන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථාන පිහිටුවන බවයි. ඒ හේතුවෙන් එම පාසල් මේ වනවිට වසා දමා ඇති අතර පළාතේ සෙසු සියලු පාසල් හෙට වසා තැබෙන බව ඔහු සඳහන් කළේය.

No comments:

Post a Comment