Thursday 13 September 2012

පක්ෂ තුනක් බලය පිහිටුවන්න සූදානම්

නැගෙනහිර පළාත් සභාවේ බලය පිහිටුවීමට හැකියාව පවතින බවට දේශපාලන පක්ෂ තුනක් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහතාට දැනුම්දී තිබේ. ඒ සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ ද්‍රවිඩ ජාතික සන්ධානය, එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය තමාට එලෙස දැනුම්දී ඇති බවයි. කෙසේ වෙතත් පළාත් සභා ඡන්දයෙන් තේරීපත් වු නියෝජිතයින් පිළිබඳ මෙතෙක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර නොමැති බව ද හෙතෙම පැවසීය. ඔහු පැවසුවේ ප්‍රසාද මන්ත්‍රී ආසන පිළිබඳවද තවමත් නිර්දේශ කර නොමැති බවයි. එවැනි පසුබිමක් යටතේ ව්‍යවස්ථානුකූලව ඉදිරි ක්‍රියා මාර්ග ගැනිමට නොහැකි බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

No comments:

Post a Comment