Thursday 13 September 2012

හෙම්මාතගම නොසන්සුන්

කෑගල්ල, හෙම්මාතගම පොලිස් ස්ථානය අසල ඊයේ රාත්‍රී දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගැනිණ. ඊට හේතු‍ වූයේ ඊයේ දහවල් සිදුවූ අනතුරකට සම්බන්ධ රියදුරෙකු පොලිස් ඇප මත මුදා හැරීමයි. ඊයේ දහවල් ත්‍රී රෝද රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් ස්වාමීන් වහන්සේ නමක් තුවාල ලබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබුණි. පසුව සවස 5.00 ට පමණ අදාළ රියදුරු පොලිස් ඇප මත නිදහස් කිරීමත් සමග ප්‍රදේශවාසීන් පොලීසිය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වී තිබේ. අනතුරුව තත්ත්වය පාලනය කිරීම සඳහා කෑගල්ල කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ප්‍රියලාල් දසනායක මහතා ද එම ස්ථානයට පැමිණියේය. අදාළ සැකකරු ඊයේ රාත්‍රී යළි අත්අඩංගුවට ගැනීමත් සමග ප්‍රදේශවාසීන් විරෝධතාවය අත්හල බව කෑගල්ල පොලිස් අධිකාරීවරයා සඳහන් කළේය.

No comments:

Post a Comment