Tuesday 4 September 2012

ප්‍රදීප් පැරාඔලිම්පික් උළෙලේ අවසන් තරගයට

ප්‍රදීප් සංජය 2012 ලන්ඩන් පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 400 පිරිමි එක් අතක් අප්‍රාණික ධාවන ඉසව්වේ අවසන් තරගයට අද සුදුසුකම් ලැබීය. මෙම ඉසව්වේ අවසන් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට අලුයම 1.20ට පැවැත් වීමට නියමිතය. අද පැවති මීටර් 400 එක් අතක් අහිමි ටී 46 පිරිමි ධාවන ඉසව්වේ මූලික වටයේ දෙවැනි තරගයට රටවල් 6ක් නියෝජනය කරමින් එක්ව සිටි ක්‍රීඩකයින් ගණන 6කි. ඔවුන් අතරින් රුවන්ඩා ක්‍රීඩකයාට පමණක් දෙවැනි වූ ප්‍රදීප් තරගය නිම කළේ, තත්ත්පර 49.82ක දක්ෂතාවක් දක්වමනි. එය ඔහුගේ උපරිම පෞද්ගලික දක්ෂතාව වන අතර අවසන් තරගයට සුදුසුකම් ලද ක්‍රීඩක දක්ෂතා අනුව දෙවැනි ස්ථානය හිමිව ඇත්තේ ද ඔහුටය.

No comments:

Post a Comment