Friday 26 October 2012

සෞඛ්‍ය නිලධාරීයා මහඔයේ අතුරුදන්

මහඔයේ දිය නෑමට ගිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්ත නිලධාරියෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ. ඔහු කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සිටින ජීව විද්‍යා සහකාර නිලධාරියෙකු බව පොලීසිය සඳහන් කළේය. මියගිය පුද්ගලයා දැදිගම නෙළුම්දෙණිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. ඔහු සමීක්ෂණ කටයුත්තක් සඳහා කොදාපාලුව ප්‍රදේශයට ගොස් සිටියදී අනතුරට ලක්වි තිබේ. පොලීසිය පැවසූවේ, සිරුර සෙවීමේ කටයුතු ක්‍රියාත්මක වන බවය.

No comments:

Post a Comment