Sunday 7 October 2012

වැල්ලවායේ හා බුත්තල රක්ෂිත වල ගින්නක්

වැල්ලවාය වඩිනාහෙලයාය රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබේ. මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමණාකරන සහකාර අධ්‍යක්ෂ ඒ.එච් රවීන්ද්‍ර කුමාර මහතා ප්‍රකාශ කළේ අද දහවල් 12.30 ට පමන හටගත් ගින්න මේ වන විටත් පැතිරයමින් ඇති බව ය. පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට උත්සහ කරමින් සිටින අතර ඒ සඳහා යුද හමුදාවේ සහය ලබාගැනීමට කටයුතු යොදා ඇති බවද ඔහු පැවසීය. මේ අතර බුත්තල රහතන් කන්ද රක්ෂිතයේද ගින්නක් වාර්තා වී තිබේ. අද පස්වරු දෙකයි හතලිස් පහට පමන ගින්න හට ගත් බවත් ගින්න නිවීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමණාකරන සහකාර අධ්‍යක්ෂ ඒ.එච් රවීන්ද්‍ර කුමාර මහතා ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment