Sunday 7 October 2012

හොරෙන් ගවයින් ප්‍රවාහනය කළ 3නෙකු බන්ධනාගාර ගත කෙරේ

නිති විරෝධීව ගවයින් 50 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තුන් දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ . දඹුල්ල වල්ගම්වැව ප්‍රදේශයේදී ගම්වාසින් පිරිසක් විසින් ඔවුන් අල්ලා පොලිසියට භාරදි ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළේය. බලපත්‍ර නොමැතිව මී ගවයින් 17 ක් එළ ගවයින් 24 ක් සහ මියගිය ගවයින් පිරිසක්ද ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටියදි අත් අඩංගුවට ගත් සැකකරුවන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලීසිය පැවසීය.

No comments:

Post a Comment