Wednesday 24 October 2012

මැතිව්ස්ට ඇමති‍ අනුමැතිය නැහැ

පන්දුවාර 20-20 ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට නම් කළ ඇන්ජලෝ මැතිව්ස්ට තවමත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී නොමැත. ඔහු 20 -20 නායතක්වයට පත් කළ බව අද සවස මාධ්‍ය මඟින් අනාවරණය කෙරුණි. ඇන්ජලෝ මැතිව්ස්ගේ නම නායකත්වය සඳහා යෝජනා කර ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමු කළ බව අප කළ විමසීමක දී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්තා ද මැල් මහතා ප්‍රකාශ කළේය. අදාළ නම් ලැයිස්තුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හරවා යැවූ බව ක්‍රීඩා අමාත්‍ය ක්‍රීඩා අමාත්‍ය මහින්දාන්ද අලුත්ගමගේ මහතා පැවසීය. තම අනුමැතිය ලබා දීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය වෙත අදාළ තොරතුරු හෙළි කිරීම එම තීරණය ගැනීමට හේතුව බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment