Wednesday 24 October 2012

වෛද්‍යවරුන් සංකේත වැඩවර්ජනයක

මූලික ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද දීප ව්‍යාප්තව සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරයි. ඒ අතර අද පෙරවරුවේ මහා භාණ්ඩාගාර‍ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිතව තිබේ. වෛද්‍ය නවීන් සොයිසා මහතා පැවසුවේ වර්ජනය ඉදිරියටත් ක්‍රියාත්මක කරන්නේ ද යන්න පිළිබඳව අවසන් තීරණය එම සාකච්ඡාවෙන් පසුව ගන්නා බවය.

No comments:

Post a Comment