Saturday 10 November 2012
වැලිකඩ ගැටුමෙන් 16 ක් මරුට
වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ තුවාල ලැබූවන් 42 කු රෝහලේ ප්‍රතිකාර ලබන බවය.
ඊයේ පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන් තත්ත්වය පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී.ඩබ්ලිව්. කොඩිප්පිලි මහතා නිව්ස්ෆස්ට් වෙත කරුණු පැහැදිලි කළේය.
ඔහු සඳහන් කළේ, බන්ධනාගාරයේ ආයුධ ගබඩාවට කඩා වැදුණු රැඳවියන් එහි තිබූ ආයුධ රැගෙන කළහකාරී ලෙස හැසිරුණු බවය.
කෙසේ වෙතත් අදාළ සිද්ධියෙන් සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අද දිනයේදී පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා සමග සාකච්ඡා කරන බව ඔහු සඳහන් කළේය.
ඒ අතර පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම් ජී.එස්.විතානගේ මහතා පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බවය.
ඒ සඳහා පරීක්ෂණ නිලධාරියෙකු හා කමිටුවක් පත්කරන බව ද ඔහු සඳහන් කළේය.
ඒ අතර පොලීසිය පැවසුවේ, වැලිකඩ බන්ධනාගාර ආශ්රිත ප්‍රදේශයේ ආරක්ෂාව තරකර ඇති බවය.
වැලිකඩ බන්ධනාගාරයේ ඊයේ පස්වරුවේ ඇති වූ නොසන්සුන් තත්ත්වය පාලනය කිරීම සඳහා යුද හමුදාව යෙදවූ බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා සඳහන් කළේය.
ඔහු පැවසුවේ, පොලීසියේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ ඉල්ලීම අනුව එම පියවර ගත් බවය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment