Friday 9 November 2012
අගවිනිසුරුවරිය බැංකු ගිණුම් හෙළිකරයි
අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය තම බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු නීතීඥ සමාගමක් මාර්ගයෙන් අනාවරණය කර තිබේ.
ඇයගේ නීතීඥ සමාගමක් විසින් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත්තේ ජාතික සංවර්ධන බැංකුව සමග පමණක් ගනුදෙනු කර ඇති ඇය සක්‍රීය සියලු ගිණුම් පිළිබඳ තොරතුරු හෙළිදරව් කර ඇති බවයි.
දැනට ඔස්ට්‍රේලියාවේ ඉංජිනේරු වෘත්තියේ නියුතු තම සොහොයුරිය සහ ඇයගේ ස්වාමිපුරුෂයා කොළඹ නිවසක් මිලදී ගැනීම සඳහා විකිණුම්කරුවන්ට ඔස්ට්‍රේලියානු බැංකුවකින් මුදල් බැර කළ බව ඇය පෙන්වාදී ඇත.
විවිධ වාර්තාවල පළ වූ පරිදි රුපියල් මිලියන 34 ක ගනුදෙනුවක් කිසිසේත් සිදුනොවු බව අගවිනිසුරුවරිය වෙනුවෙන් ඇයගේ නීතීඥ සමාගම තොරතුරු අනාවරණය කර ඇති බව බී.බී.සී ලෝක සේවය වාර්තා කළේය.
අගවිනිසුරු ධුරයට පත්වීමෙන් පසු තම පවුලේ අයගෙන් සහ වැටුප වශයෙන් ලැබූණු මුදල් හැර කිසිදු මුදලක් ඇය ලබාගෙන නොමැති බව ද අදාළ නීතීඥ සමාගම පෙන්වාදී තිබේ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment