වැලිකඩ බන්ධනාගාරය තුළ මීට ටික වේලාවකට පෙර හටගත් නොසන්සුන් තත්ත්වයක් පාලනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
එහි අණදෙන නිලධාරී නියෝජය පොලිස්පති ආර්.එම්.සි. රණවන මහතා පැවසූවේ, වැලිකඩ බන්ධානාගාරය තුළ අද පස්වරුවේ විශේෂ පරික්ෂාවක් සිදු කළ බවය.
එහිදී රැඳවියන් නොසන්සුන් ලෙස හැසිරීම හේතුවෙන් ඔවුන් පාලනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක් එලල කළ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
වැලිකඩ බන්ධනාගාරය තුළ විවිධ ජාවාරම් සිදුවන බවට ලද තොරතුරකට අනුව අද පස්වරු 1.00ට පමණ මෙම සෝදිසිය ආරම්භ කර තිබේ.
No comments:
Post a Comment