Saturday 3 November 2012

විමල්ගේ කතාවලට අපිට හිනා - වාසුදේව

විමල් වීරවංශ වැනි ඇමති වරුන් කරනු ලබන ජාතීවාදී විහිළු ප්‍රකාශවටල තමන්ට හිනායන්නේ යැයි ජාතික භාෂා ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්කාර මහතා පවසයි. ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුන්ගේ විහිළු කතාවලට සිනහවීම හැර පිළිතුරු දීමට තමන්ට කිසිදු අවශ්‍යතාවක් නැති බවත් ඔහු පවසා ඇත. ඇමැතිවරයා මෙසේ පැවැසුවේ දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට සහයෝගය ලබා නොදෙන්නන් ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට විමල් වීරවංශ ඇමැතිවරයා විසින් කර තිබූ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි. කවුරුන් කුමක් කීවත් දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය තවමත් නීතිගතව පවතින නිසා වැඩිදුර අදහස් දැක්වීම අනවශ්‍ය බවද සඳහන් කළ ඇමැතිවරයා ජාතිවාදීන්ගේ අවශ්‍යතාව අනුව කටයුතු කිරීමට තමන් කිසි දිනෙක සූදානම් නැති බවද අවධාරණය කෙළේය.

No comments:

Post a Comment