Saturday 3 November 2012

ආදරයට ඇසිඩ් පහරක්

ගාල්ල උඩුගම ප‍්‍රදේශයේ තරුණියකට ඇසිඩ් ප‍්‍රහාරයක් එල්ලකිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසයි. මේ සම්බන්ධයෙන් පොලීසිය තවදුරටත් විමර්ශන සිදුකරන බව එම කාර්යාලය සඳහන් කරයි. උඩුගම සිට ගාල්ල බලා ධාවනය වූ බස් රථයක ගමන් කරමින් සිටි තරුණියකට ඊයේ (02) පස්වරුවේ තරුණයෙකු විසින් ඇසිල් ප‍්‍රහාරයක් එල්ලකර ඇත. ප‍්‍රහාරයට ලක්ව ඇත්තේ යක්කලමුල්ල ප‍්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණියකි. පිළිස්සුම් තුවාල ලැබූ අදාළ තරුණිය කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා ඇත. ඇසිඩ් ප‍්‍රහාරයෙන් බස් රථයේ කොන්දොස්තරවරයා සහ තවත් මගී කාන්තාවන් පස් දෙනෙකු සුළු තුවාල ලබා උඩුගම රෝහල ඇතුළත් කර ඇති බව සඳහන්ය. පේ‍්‍රම සබඳතාවක් මත ඇතිවූ ආරවුලක් හේතුවෙන් ඇසිඞ් ප‍්‍රහාරය එල්ල කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසයි.

No comments:

Post a Comment