Saturday 3 November 2012

කන්තලේ වැව් රක්ෂිතයේ ආරක්ෂාව තර කෙරෙයි

මැණික් ඉල්ලම් මතුවූ කන්තලේ වැව් රක්ෂිතයේ ආරක්ෂාව තරකර ඇති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය අවධාරණය කරයි. කන්තලේ වැව ආශ‍්‍රිත ප‍්‍රදේශයට ඇතුළු වූ අනවසර පුද්ගලයින් සියලු දෙනා යුධ හමුදාවේ මැදිහත්වීමෙන් ඉවත් කළ බව එහි අධ්‍යක්ෂ ජෙනරාල් නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේය. කන්තලේ වැව් රක්ෂිතයේ අයිතිය වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ලබා ගැනීමෙන් අනතුරුව කඩිනමින් එහි ඉඩම් කොටස්වල ඉල්ලම් පස් ලබා ගැනීමේ නීත්‍යානුකූල අයිතිය ජනතාවට ලබා දෙන බවද නිමල් බණ්ඩාර මහතා පවසයි. මේ සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමග සාකච්ජා කරමින් සිටින බවද ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සඳහන් කළේය.

No comments:

Post a Comment