Tuesday 24 July 2012

ඔලිම්පික් විකාශයට MTV/MBC වෙත පැනවූ අතුරු තහනම ඉවතට

ලන්ඩන් ඔලිම්පික් උළෙල විකාශය කිරීම වලක්වමින් එම්.ටී.වී සහ එම්.බී.සී මාධ්‍ය ජාලයට කොළඹ වාණිජ මහාධිකරණය පැනවූ අතුරු තහනම් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද(23) ඉවත් කරනු ලැබිණි. එම්.ටී.වී සහ එම්.බී.සී ආයතන ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ අභියාචනා සලකා බැලීමෙන් අනතුරුව අදාළ තීරණය ගනු ලැබිණි. අගවිනිසුරු ආචාර්ය ශ්‍රිරාණී බන්ඩාරනායක, නිමල් ගාමිණී අමරතුංග හා කේ.ශීපවන් යන විනිසුරු මඩුල්ල හමුවේ එය අද සලකා බැලිණි. පෙත්සම සම්බන්ධ දෙපාර්ශවයේ කරුණු දීර්ඝ ලෙස සලකා බැලූ විනිසුරු මඩුල්ල තීරණය කලේ එම්.ටී.වී සහ එම්.බී.සී ආයතනවලට පැනවූ අතුරු තහනම ඉවත් කිරීමටය. මෙම අභියාචනය තවදුරටත් විභාග කිරීමට තීරණය වූ අතර එය ලබන වසරේ පෙබරවාරි 7 වැනි දින යළි සලකා බැලෙනු ඇති.

No comments:

Post a Comment