Sunday, 18 November 2012

රත්නපුර පොලිස් සේවාස්ථ පුහුණු ආයතනයේ ස්ථානාධිපතිවරයා ඝාතනය කෙරේ

රත්නපුර පොලිස් සේවාස්ථ පුහුණු ආයතනයේ ස්ථානාධිපති ආර්.එම්. ඉන්ද්‍රසෝම රත්නායක මහතා වෙඩි තබා ඝාතනය කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සදහන් කළේ අද පෙරවරු 8.30 ට පමණ අමුවල , ගුරු පස්කඩ හන්දිය ප්‍රදේශයේ පිහිටි ඉන්ද්‍රසෝම රත්නායක මහතාට අයත් ඉඩමකදී එම වෙඩි තැබීම සිදුව ඇති බව ය. වෙඩි තැබීමෙන් තුවාල ලැබු ඔහු රත්නපුර රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව මිය ගොස් තිබේ. පොලිසිය සදහන් කළේ බලපත්‍ර සහිතව ළග තබා ගත් ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව ය. වෙඩි තැබු පුද්ගලයාද මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ. ඉඩම් ආරවුලක් මත මෙම ඝාතනයට සිදුකරන්නට ඇතැයි සැක කරන බවද රත්නපුර ප්‍රදේශය භාර උසස් පොලිස් නිළධාරියෙකු පැවසීය.

No comments:

Post a Comment