Tuesday 28 August 2012

බසය ප්‍රපාතයකට පෙරළී 15කට තුවාල

දැරණියගල, කැන්දලන්ද මාර්ගයේ මියනවිට ප්‍රදේශයේදී අද අලුයම බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ, අදාළ බස් රථය අඩි 50 ක පමණ ප්‍රපාතයකට පෙරලී ඇති බවයි. තුවාල ලැබූවන්ගෙන් 12 දෙනෙකු දැරණියගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර බරපතල තත්ත්වයේ පසුවන තිදෙනෙකු කරවනැල්ල රෝහලට මාරුකර යවා තිබේ

No comments:

Post a Comment