Sunday 19 May 2013

චේ : අග්‍රගන්‍ය විප්ලවවාදියාගේ ජීවිත කතාව...

       චේ : අග්‍රගන්‍ය විප්ලවවාදියාගේ ජීවිත කතාව... පළමු කොටස

මේ මහා පොලොව ගිල ගත්
මහා කළු ඝනදුරට
කදෝ පැණි එලි කුමට
තැනින් තැන ලප මතු කරන
සුවහසක් පීඩිත දනන්ගේ
ජීවිත එකලු කරවන
හෙට තනන නව ලොවට
පෙර මග ලකුණු පෙන්වන
නුඹයි හිරු අරුනලු ගෙනෙන
සදාකල් බැබලෙන ......

ඇමරිකානු මහාද්වීපයේ ලතින් ඇමරිකානු කොටසේ පහළින්ම වාගේ පිහිටි ආර්ජන්ටිනාවේ උතුරු කොටසේ සුප්‍රකට ගඟක්‌ වෙයි. "පරානා" නමැති මේ ගංගාව කිලෝමීටර් 5000 ක්‌ පමණ දිගු වන අතර දෙවැනි වන්නේ ඇමේසන් නදියට පමණි.
චේ ගෙවාරා උපදින්නේ පරානා ගංගා මිටියාවතේ පිහිටි රොසාරියෝ නමැති නගරයේය. 1928 ජුනි 14 වනදා උපත සිදුවිය . ලතින් ඇමරිකාවේ දරුවන්ට නම් තබන විට පියාගේ මුල් නම, පියාගේ වාසගම, මවගේ වාසගම යනාදිය එකතු කරනු ලැබේ. මේ අනුව චේ ගේ මුල් නම අර්නස්‌ටෝ වන අතර පියාගේ වාසගමින් ගෙවාරා යන්න ද මවගේ වාසගමින් ලසෙර්නා යන්නද එකතු කර අර්නස්‌ටෝ ගෙවාරා ඩි ලා සෙර්නා යන නම තබන ලදී.

පවතින සමාජක්‍රමයට එරෙහිව යන විප්ලවකාරයකු බිහිවන්නේ දරිද්‍රතාවය තුළිනැයි සාමාන්ය පිළිගැනීමක්‌ තිබේ. එහි මනෝවිද්යාත්මක පදනම වන්නේ දරිද්‍රතාවයව තුළ සිටින්නා එයට එරෙහිව සෙසු අය ද සමග නැගී සිටින බවය. නමුත් ඒ මතවාදය උඩු යටිකුරු කරමින් චේ ඉහළ පන්තියේ පවුලකින් පැමිණ පීඩිත පන්තියේ උස් නිදහස වෙනුවෙන් මුළු දිවියම කැප කළේය. චේගේ පියා වන අර්නස්‌ටෝ ගෙවාරා ලින්ච් ව්යාපාරිකයකු වූ අතර සුඛෝපභෝගී මගී යාත්‍රා සැළසුම් කළ කර ඒවා ඉදිකර ඉහළ මිලට විකුණුවේය. ඊට අමතරව ඔහු "ටැටේ" වගාව ද කළේය. "ටැටේ" යනු තේ හා සමාන, ආර්ජන්ටිනාවේ ජාතික පානයයි. ඔහුගේ ජාතිය ස්‌පාඤ්ඤ සහ අයර්ලන්ත රැඩිකල් විප්ලවවාදීන්ගේ රුදිරය සම්මිශ්රඔණයක්‌ වූ අතර ඔහුගේ සීයා දකුණු ඇමරිකාවේ සිටි ධනවත්ම පුද්ගලයෙක්‌ විය. චේගේ පරම්පරාව දිගු කලක්‌ ඇමරිකාවේ කැලිෆොනියාවේ වාසය කර තිබිණි. ළමා කාලයේදී තම අත්තම්මා වූ ඇනා ඉසබෙල් ලියූ කැලිෆොනියානු කතන්දර ඇසීමට චේ ඉතාප්‍රිය කළ බව දැනගන්නට ඇත.
                                                 චායාරුපයේ වම පසින් සිටින්නේ චේ .

                                                                                                                  මතු සම්බන්දයි......
 
චේ : අග්‍රගන්‍ය විප්ලවවාදියාගේ ජීවිත කතාව...
 දෙවන කොටස

මේ මහා පොලොව ගිල ගත්
මහා කළු ඝනදුරට
කදෝ පැණි එලි කුමට
තැනින් තැන ලප මතු කරන
සුවහසක් පීඩිත දනන්ගේ
ජීවිත එකලු කරවන
හෙට තනන නව ලොවට
පෙර මග ලකුණු පෙන්වන
නුඹයි හිරු අරුනලු ගෙනෙන
සදාකල් බැබලෙන ......

අර්නස්‌ටෝ උපන් පසු ඔහුගේ පියා මුහුදු යාත්රා නිෂ්පාදන ව්යා‍පාරයක කොටස්‌කරුවකු වෙමින් ආර්ජන්ටිනාවේම සැන් ඉසිදො පළාතට යයි. කුඩා දරුවකු වන චේ ඇදුම රෝගියකු බව දෙමාපියන් වටහාගන්නේ එහිදීය. චේගේ මව පිහිනුම් ශූරියක වූ අතර සැන් ඉසිදො බෝට්‌ටු සංගමයට බැඳී පිහිනන්නට යන අතර කුඩා චේද රැගෙන යාමට පුරුදුව සිටියාය. වැඩිපුර සීතලක්‌ පැවැති දවසක බෝට්‌ටු සංගමයෙන් පිටත්ව යැමට සැරසෙන අතර චේ ඉතා දරුණු ලෙස හුස්‌ම ගැනීමේ උත්සාහයක යෙදෙන බව මව දුටුවාය. වහා ඔහු වෛද්යවරයකු වෙත ගෙන යන අතර චේ නිදන්ගත ඇදුම රෝගියකු බව මවට හා පියාට දන්වනු ලැබේ. ඇදුම යනු කිසි කලකත් සුව කළ නොහැකි, එහෙත් කළමනාකරණය කරගත හැකි රෝගයකි. දරුවාගේ පරිසරය වඩා යහපත් කරනු වස්‌ වෛද්ය උපදෙස්‌ මත සැන් ඉසිදොව හැර යන ගෙවාරා පවුල මධ්යම ආර්ජන්ටිනාවේ සියරා චිකා ප්රදේශයට අයත් අල්තා ග්රාසියා ප්රදේශයේ පදිංචියට යන්නේය.

අල්තා ග්රාසියාවේදී ගෙවාරා පවුලට තවත් දරුවෝ සිවු දෙනෙක්‌ එක්‌ වෙති. දෙදෙනෙක්‌ පිරිමි දරුවන් වන අතර අනෙක්‌ දෙදෙනා ගැහැණු දරුවෝය. මේ පළාත ඔවුන් කලින් සිටි පළාතට වඩා වියළි නිසා චේගේ සෞඛ්ය තත්ත්වය යම් තරමකට යහපත් වන නමුත් විටින් විට ඇදුම රෝගය ඔහුට පීඩා කරයි. එවිට ඔහු දින ගණන් ඇඳටම වී කාලය ගත කරයි. කෙසේ වුවද වැඩුණු ළමයකු වූ පසු චේ නිතරම එළිමහනේ සිටීමට ප්රිය කළේය. ඔහුගේ මිතුරන් කියන පරිදි ඔහු නිතරම කඳුකරය බලා ගමන් සංවිධානය කළ අතර පිහිනීමට ද තදබල ලෙස ආශා කළේය. ඇදුම රෝගීන්ට පිහිනීම සුදුසු බවට මතයක්‌ පවතී. පිහිනීමේදී පෙනහලු ඉතා හොඳින් පිරෙන පරිදි වාතය පුරවා ගන්නා බැවින් ඇදුම රෝගියා පිහිනන විට රෝගීව ඇකිලී තිබෙන ඔහුගේ පෙනහළු හොඳින් දිග හැරෙන බව පිළිගනු ලැබේ. නව යෞවනයකු වූ පසු ඔහුගේ ප්රියතම ක්රීඩාවන් වන්නේ ගොල්ෆ් සහ අසුන් පිට යාමය. ඔහු තුළ තිබූ එකම විශේෂත්වය වූයේ නිර්භිත භාවයයි. නිතර කෝප නොගත්, කෝපය වහා නිවාගත් ඔහු සිය රෝගී තත්ත්වයද පැත්තකට වීසි කරමින් දඟකාරකම් කළ බව මිතුරන්ගේ හැඟීමයි.

අල්තා ගාර්සියා ප්රදේශයේ සිටි කාලයේදී ගෙවාරා පවුල ගෙවල් රාසියක්‌ මරු කළේය. එහෙත් 1935-1937 කාලයේදීත් 1939-1943 කාලයේදීත් ඔවුන් වාසය කළ "විලා නයිදියා" නමැති නිවස ගෙවාරා පවුල වැඩිම කාලයක්‌ ගත කළ නිවස ලෙස සළකා කෞතුකාගාරයක්‌ බවට පත් කර තිබේ. 
 මේ ලොවම ආදරයකළ ජාත්යන්තරවාදී විප්ලවවාදියාගේ නිවහනයි.    
                                                                                                                     මතුසම්බන්දයි........
     චේ :අග්‍රගන්‍ය විප්ලවවාදියාගේ ජීවිත කතාව... තුන්වන කොටස

මේ මහා පොලොව ගිල ගත්
මහා කළු ඝනදුරට
කදෝ පැණි එලි කුමට
තැනින් තැන ලප මතු කරන
සුවහසක් පීඩිත දනන්ගේ
ජීවිත එකලු කරවන
හෙට තනන නව ලොවට
පෙර මග ලකුණු පෙන්වන
නුඹයි හිරු අරුනලු ගෙනෙන
සදාකල් බැබලෙන ......

චේ නව යෞවනයකු වන විට මවත් පියාත් වෙන් වූහ. ලතින් ඇමරිකන් සංස්‌කෘතිය තුළ මෙය සාමාන්ය දෙයකි. චේගේ පියා ඔහුට හොඳ නිදහසක්‌ සහ චර්යාත්මක සහයෝගයක්‌ දුන් කෙනෙකි. මෙහිදී චර්යාත්මක සහය යනු යහ ගුණ සහ ආත්ම ධෛර්යය ඇතිකර ගැනීමට දෙන සහයයි. අම්මා ඇති තරම් චේට ආදරය දුන්නාය. කියුබන් විප්ලවයේ වැදගත් නායකයකු ලෙස කටයුතු කරන කාලයේදී පවා ඔහු තම මව සමග සම්බන්ධකම් පවත්වාගෙන ගියේය. ඇදුම රෝගය නිසා චේගේ ළමා කාලයේ "පාසල් අවුරුදු" කිහිපයක්‌ ඔහුට අහිමි විය. අම්මා මේ කාලයේදී ගෙදරදී ඔහුට ඉගැන්වූවාය. මව ඔහුට ප්රංපශ බස ඉගැන්වූ අතර පියා ඔහුට චෙස්‌ ක්රීරඩාව කියා දුන්නේය. ඒ අනුව පසු කාලයේදී මේ විෂයන් දෙකෙහිම ඔහු හසලයෙක්‌ විය.

නව යොවුන් චේ ඇතැම් අවස්‌ථාවලදී සිය මිතුරන් සමග එක්‌ව "මෝටර් සයිකල් සවාරි" සංවිධානය කරයි. එහෙත් ඔහුගේ මිතුරෝ මගදී ඔහු ඔසවාගෙන ගෙදර ගෙනෙති. හේතුව හදිසියේ ඇදුම වැළඳීමය. සිය දරුවන් නිදහස්‌ චින්තකයන් වනු දැකීමට කැමැති වූ මව හා පියා ගෙදරදී කිසිවිටෙකත් ආගම ගැන කතා කළේ නැත. එහෙත් සමහර විට ඒ දෙදෙනා කතෝලික පල්ලියේ පූජකයන්ගේ ඒකාධිකාරය විවේචනය කළහ. සමාජයේ සියලු ජාතීන්වල දරුවන් ඇසුරු කිරීමට ගෙවාරා පවුලේ දරුවන්ට ඉඩ දෙන ලදී. චේ කවදාවත් පල්ලි ගියේ නැත. එහෙත් සිය මාපියන් සතුටු කිරීම සඳහා චේගේ මාපියෝ ඔහු බෞතීස්‌ම කර තිබිණි. ලතින් ඇමරිකාවේ කතෝලික ප්රධානීන්ගේ සම්ප්‍රදායික ක්‍රියා කලාපය ගැන චේගේ පියා මහත් කෝපයෙන් පසුවිය. සිය දරුවන් ජීවිතයේ සියලු රහස්‌ දතයුතු බව විශ්වාස කළ ගෙවාරවරු ලිංගිකත්වයද ඇතුළුව ඕනෑම කාරණයක්‌ ගැන විමසූවිට දරුවන්ට පිළිතුරු දුන්හ.

චේ ගේ මව වන සීලියා ඉතාම ලිබරල් කාන්තාවකි. අල්තා ග්රාසියාවේ වඩාත්ම නිදහස්‌ අදහස්‌ තිබූ කාන්තාව ඇය වූවාය. එම නගරය හරහා රියක්‌ පළඳවමින් ප්ර‌සිද්ධියේ දුම් පානය කළාය. දිගු සායවල් වෙනුවට කලිසම් හැඳි පළමුවන කාන්තාව සීලියාය. ඇය සිය දරුවන් රථයේ දමාගෙන පාසලට ගෙනාවාය. පාසලේ දුගී දරුවන් සඳහා නොමිලේ කිරි ලබාදීමේ ව්යාපාරයක්‌ දියත් කළාය. ඒ සඳහා තම මුදල් වැය කළාය.
                                                                                                                 මතු සම්බන්දයි...........
     චේ : අග්‍රගන්‍ය විප්ලවවාදියාගේ ජීවිත කතාව... හතරවන කොටස

මේ මහා පොලොව ගිල ගත්
මහා කළු ඝනදුරට
කදෝ පැණි එලි කුමට
තැනින් තැන ලප මතු කරන
සුවහසක් පීඩිත දනන්ගේ
ජීවිත එකලු කරවන
හෙට තනන නව ලොවට
පෙර මග ලකුණු පෙන්වන
නුඹයි හිරු අරුනලු ගෙනෙන
සදාකල් බැබලෙන ......

නව යොවුන් චේ ආර්ජන්ටිනාවේ අල්තග්රාසියා ගමේ ගත කළ ජීවිතය ඉතා විචිත්‍රය . ගමේ සිටි හොඳම පාපන්දු ගෝල් රකින්නා ඔහු විය. නිතර නිතර වැළඳෙන ඇදුම රෝගයට මුහුණ දීම සඳහා "ඉන්හේලරයක්‌" සාක්‌කුවේ දමාගෙන විටින් විට එය උරමින් ඇදුම පලවා හැරි ඔහු ගෝල් රැක්‌කේය. චේ ගේ චරිතාපදානය ලියූ හියුගෝ ගැම්බිනා කියන පරිදි ගෝල් රකින්නකු ලෙස කැපී පෙනෙන්නට වීමෙන් චේ ගේ චරිතය ක්රමයෙන් තියුණු වන්නට පටන් ගත්තේය. පංති කාමරය තුළදී පාසල් විෂයයක්‌ පිළිබඳ අති දක්ෂ‍යෙක්‌ නොවුවද ඔහු හැමදාම විභාගවලින් එතෙර විය. එහෙත් උසස්‌ ලකුණු ලබා ගැනීමට විශේෂ උනන්දුවක්‌ ඔහු තුළ නොවීය.

චේ පවුල ඉතා තදින් දේශපාලනීකරණය වූවකි. ස්‌පාඤ්ඤ සිවිල් යුද්ධයේදී වාමාංශික ජනරජවාදීන්ට සිදුවුණු විපත පිළිබඳව චේ ගේ දෙමාපියෝ ඉමහත් කම්පනයෙන් පසු වූහ. වාමාංශික ජනරජවාදී පක්ෂය අත තිබූ ස්‌පාඤ්ඤය උග්‍ර දක්ෂිණාංශික ජනරාල් ෆැන්සිස්‌කෝ ෆැන්කෝ විසින් පැහැර ගන්නා ලදී. ඉන්පසු හටගත් කෲර මර්දනයට මුහුණදීමට නොහැකි වූ ඇතැම් වාමාංශික පවුල් සිය රටින් පැනවිත් ආර්ජන්ටිනාවේ පදිංචි වූහ. මෙබඳු පවුල් දෙකක්‌ හෙවාරා පවුලේ කිට්‌ටු ඇසුරට පත්වූ බැවින් ධනවාදයේ සැබෑ මුහුණුවර සහ මර්දනය සැබෑ භීෂණය ගැන මතුපිට අවබෝධයක්‌ ලබා ගැනීමට චේ ට හැකිවිය. ගෙවාරා පවුල මුලසිට ම නාසි දේශපාලනය අප්‍රිය කළ පිරිසකි. ෙච්ගේ පියා ඇභියොන් ආර්ජන්ටිනා නමැති නාසි විරෝධී පක්ෂයක සාමාජිකයෙක්‌ විය. චේ මේ පක්යේ තරුණ සංවිධානයට මුලින්ම එක්‌ වන්නේ අවුරුදු 11 දීය. දෙවැනි ලෝක යුද්ධයේදී චාල්ස්‌ ඩිගෝල් අරඹා තිබූ නිදහස්‌ ප්රංශ බළකායට ආධාර උපකාර කළ චේ ගේ මව එම බළකායට ආධාර පිණිස ඇඳුම් පැළඳුම් එකතු කර යෑවීම සඳහා කමිටුවක්‌ද පිහිටුවූවාය. 
දෙවැනි ලෝක යුද සමයට පෙර සිටම නාසිවාදය පැතිරවීම සඳහා හිට්‌ලර්, මූසෝලිනි වැනි නායකයන් ගත් උත්සාහයට එරෙහි වූ ගෙවාරා පවුල ආර්ජන්ටිනාවේ දේශපාලන බලවේගයක්‌ බවට පත් වෙමින් සිටි යුද හමුදා නිලධාරියකු වන ජුවාන් පෙරොන් මහත් සේ අප්‍රිය කළේය. ජුවාන් පෙරොන් රටේ ජනාධිපති ධුරයට ඉදිරිපත් වූ විට එම පියවර දැඩි සේ විවේචනය කළ චේ ගේ මව හෙරොන්වාදය ලෙස ආර්ජන්ටිනාව හරහා හමා ගිය නව දක්ෂිණාංශික දේශපාලන ප්රවාහයට අකුල් හෙළුවාය. මේ නිසා දෙවැනි ලෝක යුද සමය වනවිට චේ ද උග්ර නාසි විරෝධී දක්ෂිඅණාංශ විරෝධී වාමවාදියෙක්‌ව සිටියේය. කෙසේ වුවද චේ නව යෞවනයකුව සිටියදීත් වඩා ප්‍රිය කළේ පොත් කියෑවීමටය. දේශපාලනය ඔහුට දෙවැනි විෂයයක්‌ විය.

ඉහළ පන්තිවල සිටින කාලයේදී චේ දර්ශනවාදය, සාහිත්ය, ඉතිහාසය යන විෂයයන්ට මහත් සේ ප්‍රිය කළේය. ඒ අතර ගණිතයට ඔහු ඉතා දුර්වල විය. ඉංග්‍රීසි භාෂාව සහ සංගීතයට චේ තුළ කිසිදු උනන්දුවක්‌ වූයේ නැත. ඔහුට ගීතයක හෝ තාලයක රස විඳින්නට කිසි විටෙකත් නොහැකි විය. මේ නිසා ඔහුට නැටීමටද බැරි විය. වයස අවුරුදු 17 දී පිටු 165 ක්‌ සහිත දර්ශනවාදය පිළිබඳ ශබ්දකෝෂයක්‌ ලියූ ඔහු ඉදිරි වසර 10 තුළ එවැනි පොත් 7 ක්‌ ලිවීය.
                                                                                                                   මතු සම්බන්දයි........
     චේ :අග්‍රගන්‍ය විප්ලවවාදියාගේ ජීවිත කතාව..පස්වන . කොටස

මේ මහා පොලොව ගිල ගත්
මහා කළු ඝනදුරට
කදෝ පැණි එලි කුමට
තැනින් තැන ලප මතු කරන
සුවහසක් පීඩිත දනන්ගේ
ජීවිත එකලු කරවන
හෙට තනන නව ලොවට
පෙර මග ලකුණු පෙන්වන
නුඹයි හිරු අරුනලු ගෙනෙන
සදාකල් බැබලෙන ......

1946 දී චේ තම පළමුවැනි රැකියාවට යන්නේය. ඒ ප්රාදේශීය මහාමාර්ග දෙපාර්තමේන්තුවේ ක්ෂේත්ර නිලධාරියකු ලෙසය. මේ රැකියාවේ මාස කිහිපයක්‌ නිරතව සිටින විට ඔහුට නරක ආරංචි දෙකක්‌ ලැබෙයි..... පළමුවැන්න ඔහු ළමා වියේ සිට මහත් සේ ආදරය කළ වීරයා වූ මහත්මා ගාන්ධි ඝාතනය වීමය. දෙවැන්න ඔහුගේ ආදරණීය මිත්තණිය රෝගීව අසාධ්යව සිටි බවය. රැකියාව අත්හැර දමන චේ මිත්තණිය මිය යනතුරු ඇය බලා ගනු පිණිස ඇගේ නිවසට යයි. චේ ගේ පියා මේ ගැන කියන්නේ මෙසේය; "ආත්තම්මා ආහාර නොගත් නිසා චේ මහත් ඉවසිල්ලෙන් ඇයට කෑම කැවුවා. ඔහු ඇය විනෝදවත් කළා. ඇය මිය යනතුරුම ඔහු සිටියේ ඇය සිටි නිවස තුළයි......"

චේ පළමුවරට තම ජීවිතයේ සසල වූ දවස මිත්තණිය මියගිය දවසයි. චේ ගේ සොයුරිය වන සිලියා කියන පරිදි චේ කවදාවත් එසේ කම්පනයට පත්ව නොතිබිණ. මේ අතර ඔහු ඉංජිනේරුවකු වීමට කල්පනා කළ අතර ඒ අදහස පසෙක දමා තම ඇදුම රෝගය සුව කර ගැනීම සඳහා වෛද්‍ය උපාධියක්‌ සඳහා පාඩම් කරන්නට පටන් ගත්තේය. ඔහු වෛද්ය උපාධිය කළේ බුවනෝර්ස්‌ අයර්ස්‌ විශ්වවිද්යාලයේදී ය. ඒ අතර ඔහු වෛද්ය වෘත්තියට සම්බන්ධ හා සම්බන්ධ නැති අර්ධකාලීන රැකියා රැසක්‌ද කළේය. ඒ අතර ආර්ජන්ටිනාවේ නීතියට අනුව යුද සේවය සඳහා ලියාපදිංචි වුවද ඔහු ඇදුම රෝගියකු නිසා ඉන් මුදාහරින ලදී. අධ්යාසපනය සහ රැකියාව අතර කාර්යබහුල වුවද ඔහු දිගටම පොත් කියෙව්වේය.

චේ ගේ දේශපාලන මතවාදය හැමවිටම අධිරාජ්ය විරෝධී විය. ඔහු ඇමරිකන් ව්යාප්තවාදයට ද මහත් සේ විරුද්ධ විය. එසේම ආර්ජන්ටිනාවේ කොමියුනිස්‌ට්‌ පක්ෂයට සහ එහි තරුණ සංවිධානය බුවනෝර්ස්‌ අයර්ස්‌ සරසවිය තුළ කටයුතු කළ ආකාරයට ඔහු විරුද්ධ විය. චේ මුල් අවදියේ මාක්‌ස්‌වාදියකු නොවූ නමුත් මාක්‌ස්‌ගේ රචනා මහත් ඕනෑකමින් කියෑවීය. මෙය ඔහු දේශපාලන වශයෙන් ගන්ධබ්බ කාලයක්‌ ගත කළ යුගයකි. ඔහු ස්‌ථාවර ප්‍රගතිශීලී යෙක්‌ විය. එහෙත් තමා මාක්‌ස්‌වාදී ප්‍රගතිශීලී යෙක්‌ද, ප්රජාතන්ත්රවාදී ප්‍රගතිශීලී යෙක්‌ද, මාඕ සේතූං වැනි ජාතික සංස්‌කෘතිකවාදී ප්‍රගතිශීලී යෙක්‌ද යන්න තෝරා ගැනීමට ඔහුට හැකිව තිබුණේ නැත. 1946 දී ජුවාන් පෙරොන් ආර්ජන්ටිනාවේ ජනාධිපති ධුරයට තරග කළේය. එවකට ට ඡන්ද බලය නොතිබිණ. එහෙත් ඔහු පෙරොන්ට විරුද්ධ ව්යාපාරයේ ක්රියාකාරිකයෙක්‌ විය. දිනෙන් දින මුහු කුරා යන තරුණ චේ ලොව දෙස විප්ලවීය වෙනසකින් බැලීමට පටන් ගත්තේය. ඔහු සෑම දෙයක්ම තර්කානු කුලව සිතීමටත්, ගවේෂනයටත් වැඩි කාලයක් ගත කළේය
                                                                                                               මතු සම්බන්දයි.........
චේ : ලොව අග්‍රගන්‍ය විප්ලවවාදියෙකුගේ ජීවිත 
කතාව...  හයවන කොටස

මේ මහා පොලොව ගිල ගත්
මහා කළු ඝනදුරට
කදෝ පැණි එලි කුමට
තැනින් තැන ලප මතු කරන
සුවහසක් පීඩිත දනන්ගේ
ජීවිත එකලු කරවන
හෙට තනන නව ලොවට
පෙර මග ලකුණු පෙන්වන
නුඹයි හිරු අරුනලු ගෙනෙන
සදාකල් බැබලෙන ......

චේ වෛද්ය විද්යාලයට ඇතුල්වීමෙන් පසුව ජීවිතයේ ප්රථම ප්රේමය රසවිදී . ඇය නමින් බර්ටා බිටා ය. සිය පළමු පෙම්වතියද සමකාලීන වෛද්ය ශිෂ්යාවකි . ඔහු ඇය සමඟ තනිව ගමන් යයි. තනිව පාඩම් කරයි. එහෙත් කිසි විටෙකත් ඇයට හාදුවක්‌වත් නොදෙයි. ඇයට එබන්දක්‌ අවශ්ය වූ විට පවා මගහැර යාමට තරම් ඔහු පරෙස්‌සම් වෙයි. වෛද්යවරුන් වී වෙන්වී යැමෙන් පසු ද ඔහු දිගටම "ටීටා" ට ලියුම් ලියයි. වෛද්ය විද්යාලයේ ජීවිතය ගැන චේ කෙටියෙන් මෙසේ කියන්නේය.
"මා දොස්‌තරවරයකු වීමට ඉගෙන ගැනීමට ගිය විට මගේ අදහස්‌ ගබඩාවේ තිබූ විප්ලවීය අදහස්‌ සියල්ල අතුරුදන් විය. මට උවමනා වූයේ වෛද්යවරයකු වී මානව සංහතිය වෙනුවෙන් අලුත් සොයාගැනීමක් කිරීමටය. . ඒ කල්පනාව එවකට මා ජීවත් වූ පරිසරය විසින් මා තුළ උපදවන ලද කල්පනා ය. මම පරිසරය විසින් බිහි කරන ලද ළමයකු බවට පත්ව සිටියෙමි."

චේ සංචාරයට මහත් සේ ප්රිය කළ තරුණයෙකි. ලෝකය පිරික්‌සා බැලීමට තිබූ කුසගින්න යනුවෙන් චේ සිය සංචාරක අවශ්යතාව හඳුන්වනු ලැබේ. 1950 දී ඔහු මෝටර් සයිකලයක නැගී ආර්ජන්ටිනාවේ ගැමි ප්රදේශ හරහා කිලෝ මීටර් 4500 ක්‌ ගමන් කළේය. එහිදී දුටු දෙයින් කුපිත වූ ඔහු සමස්‌ත ලතින් ඇමරිකාවම හරහා සංචාරය කළ යුතු බව තිරීණය කළේය. ආර්ජන්ටිනාවේ උතුරු කොටසේ සිටි පල් හොරු, පාදඩයන්, රස්‌තියාදුකාරයන්, කුලී කාරයන්, ස්‌වදේශික දුප්පතුන් ඔහුට හමු විය. බොහෝ රාත්රි කාලවල ඔහු නිදා ගත්තේ පොලිසිවල හෝ රෝහල්වලය. තමා නාගරික ආර්ජන්ටිනාවේ දී දුටුවේ යුරෝපයෙන් ආනයනය කළ සමාජ ක්රමයක්‌ බව ඔහුට හැඟී ගියේ මේ දුප්පතුන් හා පාදඩයන් අතර සිටින විටිය. මේ සංස්‌කෘතිය ආර්ජන්ටිනාවේ සැබෑ සංස්‌කෘතිය වූ බවත්, එකී සැබෑ සංස්‌කෘතිය පිටතට ඒ ගත නොහැකිව කුණු වෙමින් පවත්නා බවත් ඔහු තීරණය කළේය.

සංචාරය නිම වී ආපසු බුවනොර්ස්‌ අයර්ස්‌ අග නගරයට පැමිණි චේ සිය මෝටර් සයිකලය අලුත්වැඩියා කිරීම සඳහා කාර්මිකයකුට භාර දෙයි. මෝටර් සයිකලයෙන් චේ කිලෝමීටර් 4500 ක්‌ ගමන් කළ බව අසන කාර්මිකයා ඒ බව සහතික කරන ලිපියක්‌ චේ ගෙන් ඉල්ලන්නේ අදාළ යතුරු පැදියේ වෙළෙඳ නාමය ජනප්රිය කරවීම සඳහාය. සති දෙකක්‌ තුළ මේ ලිපියත්, චේ මෝටර් සයිකලයේ හිඳ සිටින පින්තූරත් සහිත දැන්වීමක්‌ පුවත්පත්වල පළ කෙරේ.

පළමු ලතින් ඇමෙරිකානු සංචාරයෙන් අනතුරුව චේ වඩාත් ගැඹුරින් සමාජය දෙස විමසිලිමත් දෙනෙත විවර කළේය. තමා ජීවත් වන සමාජ රටාවට වඩා ලෝකය බොහෝ විෂමාකාර තත්වයක සිටින බවත්, මිනිසුන් අධිරාජ්යවාදීන්ගේ ග්රහණයට නතු වී ඇතයි බවත් වටහාගත්තේය.
                                                                                                                                     මතු සම්බන්දයි.....
    චේ : අග්‍රගන්‍ය විප්ලවවාදියාගේ ජීවිත කතාව.. හත්වන.කොටස

මේ මහා පොලොව ගිල ගත්
මහා කළු ඝනදුරට
කදෝ පැණි එලි කුමට
තැනින් තැන ලප මතු කරන
සුවහසක් පීඩිත දනන්ගේ
ජීවිත එකලු කරවන
හෙට තනන නව ලොවට
පෙර මග ලකුණු පෙන්වන
නුඹයි හිරු අරුනලු ගෙනෙන
සදාකල් බැබලෙන ......

සංචාරය නිම වී ආපසු බුවනොර්ස්‌ අයර්ස්‌ වෛද්ය විද්යාලයට එන චේ තමන් අර්ධ කාලීන රැකියාව කළ වෛද්ය මධ්යස්‌ථානයට සුපුරුදු පරිදි අනුයුක්‌ත වෙයි. පළාතේ ඉන්නා ධනවත් පවුලක සුරූපී තරුණියකට චේ ආදරය කරන්නට පටන් ගන්නේ මේ අතරය. ඇගේ නම මාරියා පෙරෙයිරා ය. ඔවුන් 1950 දී මුල් වරට හමුවන්නේ විවාහ මංගල උළෙලකදී ය. ඇය ඉතා කාර්යශූර නැණවත් තරුණියකි. එසේම ඇය වංශවත් වන අතර ආර්ජන්ටිනා සම්ප්‍රදායට අනුව සිටු පවුලක්‌ හා සමාන පවුලක තරුණියකි. බොහිමියානුවකු වන චේ ගේ පරම්පරාව මේ පවුල හා සැසඳෙන්නේ නැත. මාරියාගේ පවුල සතු විශාල තේ වතු, අසුන්, යාන වාහන, සහ වනය සහිත පරිසරය සමඟ හැරෙන්නටවත් චේ පවුලට නො හැකිය. ඒ බැවින් මේ සම්බන්ධය දුර යන්නේ නැත. චේ මාරියාට පෙම් කළේ ස්‌ථිර වශයෙන් ම ඇය හා විවාහ වනු පිණිසය. ඒ ප්‍රේමය කඩා වැටීමෙන් ඔහු මහත් සේ කනගාටුවට පත් වන්නේය.

1915 වන විට චේට නැවතත් මුදල්වල අවශ්යතාව තදින්ම දැනෙන්නට පටන් ගනී. ඔහු ආර්ජන්ටිනාවේ තෙල් ප්‍රවාහන නෞකා සමාගමක සේවය කිරීමට ගිවිසුම් අත්සන් කරයි. ඒ අතර ඔහු වරින්වර බ්‍රසීලය , වැනිසියුලාව, කැරිබියන් දූපත් වලට යමින් එමින් කාලය ගත කරයි. ය. නැවේ වැඩ නිම වූ පසු ඔහු නැව් තට්‌ටුවට වී වෛද්ය විද්යා ග්‍රන්ථ හදාරයි. නාවික ජීවිතය ඔහුට අලුත් අත්දැකීමකි. 1951 ජුනි මාසය වන විට රැකියාවෙන් ඉවත් වන ඔහු නැවතත් වෛද්ය විද්යාලයට යයි.

ලතින් ඇමරිකාව හරහා යන දෙවන මෝටර් සයිකල් සංචාරයකට චේ තුළ සිතක්‌ පහළ වෙයි. මේ සඳහා ඔහු සිය ගමන් සගයා ලෙස තෝරා ගන්නේ දිගු කාලීන මිතුරකු වන ඇල්බර්ටෝ ග්රා නාඩෝය. මේ සංචාරයේ අත්දැකීම් දිනපොත් කිහිපයක ලියෑවෙන අතර, "මෝටර් සයිකල් ඩයරිස්‌" ලෙස චේගේ මරණයෙන් පසු ඒවා ප්රකාශයට පත් කෙරේ. චිලී රටට යන විට දෙදනාගේම මෝටර් සයිකල් තවදුරටත් පාවිච්චි කිරීමට නොහැකි තරමට අබලන් වේ. ඒවා අතහැර දමන දෙමිතුරෝ පයින්, බස්‌වල, අසුන් පිට, ට්‍රැක්ටර් පමණක්‌ නොව බූරුවන් පිට ද යමින් ගමනාන්තයට ළඟාවෙති. එම ගමනේදී ඔවුන්ට අන්දිස්‌ කඳුවැටිය තරණය කිරීමට ද සිදුවේ. ගමනාන්තයට යැමට පෙර ඔවුන් අත තිබූ මුදල් නිම වෙයි. ඇල්බර්ටෝ සහ චේ මේ අනුව අතට හසුවන සෑම කබල් රස්‌සාවක්‌ම කරමින් මුදල් උපයයි.
                                                                                                                                                  මතු සම්බන්දයි......
     චේ : අග්‍රගන්‍ය විප්ලවවාදියාගේජීවත   කතාව...           අටවන කොටස

මේ මහා පොලොව ගිල ගත්
මහා කළු ඝනදුරට
කදෝ පැණි එලි කුමට
තැනින් තැන ලප මතු කරන
සුවහසක් පීඩිත දනන්ගේ
ජීවිත එකලු කරවන
හෙට තනන නව ලොවට
පෙර මග ලකුණු පෙන්වන
නුඹයි හිරු අරුනලු ගෙනෙන
සදාකල් බැබලෙන ......

ලතින් ඇමරිකාව හරහා යන දෙවන මෝටර් සයිකල් සංචාරය ගැන පසු ගිය කොටසින් කීවෙමි. අද එතැන් සිට ….

සිය ප්‍රේමය කඩා වැටී තිබුණ ද චේ ඒ බව තම දෙමාපියන්ට කියන්නේ නැත. ඒ නිසා චේ ලතින් ඇමරිකානු සංචාරය ආරම්භ කරන්නට පෙර, මාරියාගෙන් වෙන් වී දිගු කලක්‌ ගත කරන්නේ කෙසේ දැයි චේගේ පියා විමසයි. එවිට චේ කියන්නේ මාරියා තමාට සැබැවින්ම ආලය කරන්නේ නම් තමා එනතුරු විවාහයක නොපැටලී සිටිය යුතු බවයි. ඒ අතර ගමන අතරතුරදී ගමනේ තොරතුරු ලිපි මගින් පියාට දන්වන බව ද චේ පොරොන්දු වෙයි.

තම ප්‍රේමය කඩා වැටී ඇති බව චේ දැන සිටියත් චේ සහ මාරියා අතර ඒ ගැන කිසිදු අදහසක්‌ එළිපිට හුවමාරු වන්නේ නැත. ප්‍රේමය අවසන් කරන බවට මාරියා චේට දන්වන්නේ ඔවුන්ගේ සංචාරය අතරතුරය. සෑම ප්‍රධාන නගරයකම තැපැල් කන්තෝරුවකින් ම තමන්ට හිමි ලියුම් ලබා ගැනීමේ හැකියාවක්‌ එකල යුරෝපයේ හා ලතින් ඇමරිකාවේ විය. ලැබිය යුතු අයගේ නම ලියා තැපැල් කාර්යාලයේ ලිපිනයට ලිපිය තැපැල් කළ විට එය ලබන්නා කළ යුත්තේ තම අනන්ය තාව හෙළිකර තැපැල් කන්තෝරුවෙන් ලිපිය ඉල්ලා ගැනීමය.

ගමන පුරාම මෝටර් සයිකල් ලෙඩ දෙන්නට වීම ගැන චේ මහත් සේ කනගාටුවට පත්වූ බව ඔහුගේ දිනපොත්වල සඳහන් වේ. මේ ගමනේදී චේ ට හමුවන සාමාන්ය ජනයා ඔහුට දැනුම් සම්භාරයක්‌ ලබා දෙයි. චිලියේදී හමුවන විවාහක යුවළක්‌ පතල් කම්කරුවන් ලෙස සේවය කරති. ඔවුන් චිලියේ කොමියුනිස්‌ට්‌ පක්ෂවයේ සාමාජිකයන් ය. චිලි රජය එරට කොමියුනිස්‌ට්‌ පක්ෂය තහනම් කළ සැනින් තමන්ට තුන් මාසයක්‌ හිරේ ලගින්නට වූ හැටි සැමියා චේට කියයි. චිලියේ තඹ පතල්වල මෙවැනි කොමියුනිස්‌ට්‌කාරයෝ දහස්‌ ගණනක්‌ සිටිති. සංවිධානය නොවීම නිසා හිරේ යැම හැර රාජ්ය බලය ලබා ගැනීමට ඔවුනට නොහැකි බව චේ පැහැදිලි කර ගනී.

චේ මානව හිතවාදී විප්ලවවාදියකු බවට පත් කරන්නේ ලතින් ඇමරිකාව හරහා ගිය ගමන විසිනි. මේ ගමන මගින් ඔහු ගවේෂණය කළ ප්‍රධානතම කාරණය වන්නේ ලතින් ඇමරිකාව කොතරම් සමෘධිමත් භූමියක්‌ වුවද එම සමෘද්ධිය අධිරාජ්යවාදය විසින් සූරා කනු ලබන බවය. චේ ජීවත් වූ යුගයේදී එකිනෙකාට ද්වේෂ කරන, වෛර කරන සහ එකිනෙකාගෙන් පළි ගැනීමට බලාගෙන සිටින කොටස්‌ දෙකක්‌ විසින් ලෝකය බෙදා ගෙන තිබිණි. පළමුවැනි පාර්ශ්වය ඇමරිකන් ධනවාදය සහ එහි ඒජන්තවරුන්ගෙන්ද,බ්‍රිතාන්‍ය යටත්විජිතවාදය සහ එහි ඒජන්ත වරුන්ගෙන් ද සැදී තිබිණි. චේ ඇමෙරිකානු ආක්රමණික පීඩනය දෙස බැලීමේදී එයට සාපේක්ෂව ගැටීමට හැකියාව ඇත්තේ චීනයට වඩා රුසියාවට බව තේරුම් ගියේය.
එතැන් සිට ඔහුගේ කොමියුනිස්ට්වාදී අදහස් මෝරා එමින් තව දුරටත් එය හැදෑරිය යුතුබවට තීරණය කෙරුණි.
 
                                                                                                     මතු සම්බන්දයි........
  
     චේ : අග්‍රගන්‍ය විප්ලවවාදියාගේ ජීවිත කතාව... නවවන කොටස
 මේ මහා පොලොව ගිල ගත්
මහා කළු ඝනදුරට
කදෝ පැණි එලි කුමට
තැනින් තැන ලප මතු කරන
සුවහසක් පීඩිත දනන්ගේ
ජීවිත එකලු කරවන
හෙට තනන නව ලොවට
පෙර මග ලකුණු පෙන්වන
නුඹයි හිරු අරුනලු ගෙනෙන
සදාකල් බැබලෙන ......

මෝටර් සයිකල් සංචාර පෙළ නිම කරන චේ ආර්ජන්ටිනාවට පැමිණ ආපසු වෛද්ය විද්යාලයට ගොස්‌ සිය පාඨමාලාවේ ඉතිරි කොටස නිම කරන්නේය. 1953 මාර්තු මාසයේදී ඔහු වෛද්ය උපාධිය ලබා ගනී. අනතුරුව යුරෝපයේ සහ ආසියාවේ ජනතාවගේ ජීවිතය දැක ගැනීමට ඔහුට වුවමනා වෙයි. ඉහළ මධ්යම පන්තියේ සැපවත් වෛද්ය වරයකු ලෙස ජීවත්වීමට ඔහු තුළ කැමැත්තක්‌ නැත. දැන් ඔහුට වයස 25 කි. නැවත වතාවක්‌ මඟට බැස ලතින් ඇමරිකාව හරහා සංචාරය කිරීමට ඔහුට සිත් වෙයි. මුල් සංචාරයේදී ඔහුගේ ගමන් සගයා වූ ඇල්බර්ටෝ ග්‍රේනාඩෝ ( ඔහු 2011 මැයි 05 වැනි දින මිය ගියේය.) චේ පිළිබඳව කියන්නේ මෙසේය.

"පළමු සංචාරයේදී ඔහු සොයා බැලුවේ ලතින් ඇමරිකානු ජන ජීවිතයයි. ඔවුන්ගේ සමාජ ප්ර ශ්නයි. දෙවන සංචාරයකින් ඔහු අපේක්ෂා කළේ ලතින් ඇමරිකාවේ දේශපාලන තත්ත්වය පිරික්‌සා බලා නිසි ප්‍රතිපල ලැබිය හැකි විප්ලවයක්‌ දියත් කරන ආකාරයයි.

මෙකී අලුත්ම සංචාරය සඳහා ඔහුගේ ගමන් සගයා වන්නේ කාලෝස්‌ 'තලිසා'පෙරෙයිරාය . 1953 ජුලි 07 වැනිදා 'බුවනෝර්ස්‌ අයර්ස්‌' නගරයේ සිට සැතපුම් 1600 ක්‌ ඈතින් පිහිටි බොලිවියාවේ "ලාපාස්‌" දක්‌වා යැමට දුම්රියට නගී.. බොලිවියාව තුළ ජනතාවාදී විප්ලවයක්‌ හටගෙන තිබිණි. ඇමරිකන් ධනවතුන්සතුව තිබූ ආකර කර්මාන්තය ජනසතු කර තිබූ අතර වැඩවසම් ධනවතුන්ගේ ඉඩම් ඒවායේ වහලුන් ලෙස සේවය කළ අඳ ගොවියන්ට අයත් වී තිබිණි. මුළු ලාපාස්‌ නගරයම විප්ලවීය උණුසුමකින් ප්‍රාණවත් වී තිබූ අතර ඒ ගැන චේ තම දිනපොතේ මෙසේ ලිවීය. "මෙහි සිටින සියලු ජාතීන්ට අයත් ජනයා ප්‍රභෝතමත් සිටිති. එසේම ධනවත් ජනයා ඊළඟට කුමක්‌ සිදුවන්නේ ද යන කාරණය අරභයා කම්පාවට පත්ව සිටිති. කෙසේ වුවද රජය විසින් කරන ලද සියලු ප්රගතිශීලී ක්‍රියා නිසා ජාතික මට්‌ටමේ පුනර්ජීවනයක්‌ හටගෙන තිබේ".

ආර්ජන්ටිනාව කුරිරු මර්ධනයකින් පාලනය කල ජෙනරාල් ජුවන් පෙරොන්ගේ පාලනයට විරුද්ද වීම නිසා රටින් පැන යැමට සිදු වූ ආර්ජන්ටිනා ජාතිකයන් කිහිපදෙනකු චේ ට ලා පාස්‌ නුවරදී හමුවෙයි. මෙයින් අයකු වන්නේ තරුණ නීතිඥයකු වන රිකාඩෝ රෝජෝය. බොලිවියාවේ ටික කලක්‌ ගත කරන විට චේ ට ඉතා පැහැදිලි ලෙස පෙනී ගිය කාරණයක්‌ විය. එනම් ඒ රටේ නව පාලකයන් ප්රතිසංස්‌කරණවාදීන් මිස සැබෑ විප්ලවකාරයන් නොවන බවය. බොලිවියානු ගැමි කටයුතු අමාත්යාංශයට ගිය චේ එහි පෙළ ගැසී සිටින අපිරිසිදු නූගත් ගැමියන් සිය ගණනක්‌ දුටුවේය. ඔවුන්ගේ ඇඟේ සිටින මැක්‌කන් අරන් දැමීම සඳහා ඔවුන්ගේ සිරුරුවලට ඩී.ඩී.ටී ගසන ලදී. නව රජය බොලිවියානුවන්ගේ ප්ර්ශ්නවල මුලට පිළියම් නොකර මතුපිටින් අතපත ගාන හැටි චේ දුටුවේය. රජය කළ යුතුව තිබුණේ ගැමියන්ගේ සිරුරට ඩී. ඩී. ටී. විදීම නොවේ. කල යුත්තේ ජනයා දැනුම්වත් කර එයට අවශ්ය සෞඛ්ය ආරක්ෂණ පිළියම් යෙදීම බව චේ බොලිවියානු ජනතාව හා එහි බලදරයන්ට කිවේ වෛරයෙන් පුපුරු ගසමිනි. 
                                                                                                         මතු සම්බන්දයි........
    චේ : අග්‍රගන්‍ය විප්ලවවාදියාගේ ජීවිත කතාව... දහවන කොටස

”අප අපේ අනාගත පරපුරෙන් බලාපොරොත්තු වන්නේ කුමක්‌දැයි අසන විට අප දෙන උත්තරය විය යුත්තේ චේ මෙන් ඔවුන් චරිතය සකසා ගත යුතු බවය. අප අපගේ දරුවන්ට ඉගැන්විය යුත්තේ කවර ලෙසද යන ප්‍රශ්නය නඟන ලද්දේ නම් චේ පරිදි ඔවුන් උගත යුතු බවය. අප බලාපොරොත්තු විය යුතු අනාගත පරමාදර්ශී චරිතය කුමක්‌ දැයි අසන ලද්දේ නම් මගේ හද පතුලෙන්ම මා කියන්නේ එය චේගේ චරිතය විය යුතු බවය. ඒ චරිතයේ චර්යාව තුළත් ක්රියාකාරකම් තුළත් කිසිදු පැල්ලමක්‌ නැත”

පිදෙල් කස්ත්රෝ ------------------------

චේ බොලිවියාවට පැමිණි මුල් දින කිහිපයේදී රටේ මිනිසුන්ගේ ජීවන විලාසය පිලිබඳ අවබෝදයක් ලැබුණි. ඉන් පසුව ඔහු වඩාත් දේශපාලනකිව සිද්දීන් විශ්ලේෂණය කිරීමට පටන් ගත්තේය. මේ මොහොත වන විටත් චේ යනු මානව හිතවාදියකු පමණි. ඔහු තවමත් සමාජවාදියකු හා මාක්‌ස්‌වාදියකු බවට පත්ව නැත. දේශපාලනයේදී ඔහු ප්‍රතිශන්ස්කරනවාදයට හෝ කේවල් කිරීමට කැමැති වුයේ නැත. ඔහුට කෙළින්ම වුවමනා වූයේ ප්‍රශ්නවලට උත්තර ය. බොලිවියාව රටක්‌ වශයෙන් තවමත් ඉතා දුප්පත් බව ඔහු කල්පනාවට ගත්තේය. අලුත් ආණ්‌ඩුව ආකර ජනසතු කළාට තවමත් ඒවායින් ආදායමක්‌ උපයීමට තරම් විදිමත් සැලසුමක් දේශපාලන පක්ෂ තුල නොවිණි. චේ බොලිවියාවේ අස්සක් මුල්ලක් නෑරම සංචාරය කරමින් මිනිසුන් සමග දීර්ග කතිකාවතක් ඇරැඹීය. ඔහුට අවශ්ය් වුයේ සමාජය වෙනස් කල යුත්තේ කුමන දිශාවකින්ද යන්න පිරික්සීමටය. ඔහුගේ සංචාරයේ නිත්ය අරමුණ වුයේද එයයි.

1953 දී චේ සහ කාලිසා බොලිවියාවෙන් නික්‌මී පේරු රාජ්ය වෙත යයි. ඉන්කාවරුන්ගේ "නැති වූ නගර" වන මචුවා පිචු සහ කැස්‌තෝ යන නගර බැලීම ඔහුගේ අරමුණ වෙයි. ලතින් ඇමරිකාව යනු අතිවිශාල බිම් කඩකි. චේගේ හදවත ලතින් ඇමරිකාවටත් වඩා විශාල විය. ඔහු බයිසිකල්වලින්, මෝටර් සයිකල්වලින්, බස්‌ වලින්, කාර්වලින් පමණක්‌ නොව පයින් පවා ලතින් ඇමරිකාව හරහා ගියේ සත්‍ය සෙවීම පිණිසය. චේගේ ලතින් ඇමරිකානු සංචාරවලදී ඔහුට වැටහුණු පරිදි ඒ භූමිය තුළ සැඟව තිබූ සත්‍යය දුක්‌ඛ සත්‍යකි. ඒ අනුව දුකට හේතුව සෙවීම උදෙසා ඒ මහාද්වීපය හැකි තරම් ගවේෂණය කළේය. පණුවාට කුණුගොඩ සැපතකි. දිගු කාලීන වහල් බැම්මෙහි සිටින වහලා තමා බැඳ තිබෙන යදම්වලට ආදරය කරන්නට පටන් ගනී. ඒ ආකාරයෙන් ලතින් ඇමරිකාව තුළ කඳුළු සහ දහදිය වගුරුවමින් කුණු වෙමින් ගඳ ගසමින් සිටි ජනයාට තමන් ගතකරන කාලකණ්‌ණි ජීවිතය ගැන වැටහුණේ නැත. ඒ වැටහීම යම් ප්රමාණයකට හෝ තිබුණේ උසස්‌ අධ්යාපනය ලැබූ තරුණයන්ට පමණි. එබඳු තරුණයන් එක්‌ව පවතින සූරාකෑමට හා දරිද්‍රතාවයට එරෙහිව හඬක්‌ නැගූ විට රජය විසින් කෘර ලෙස මර්ධනය කළේය . චේ බොලිවියාවට යන විට (1953) එහි තිබුණේ කිසියම් ආකාරයක ප්‍රතිශන්ස්කරනවාදී ආණ්‌ඩුවකි. එය වහලා වෙනුවට ප්රවේණිදාසයාගේ පැමිණීම හා සමාන විය. වැඩවසම් පාලන තන්ත්‍රය වෙනුවට ධනවාදී පාලන තන්ත්‍රය පැමිණීමක්‌ හා සමාන විය. වෙනස තිබුණේ වචනවල පමණි. ක්‍රියාව තව එකක්‌ විය.
වචන තුල නොරැදී එය ක්‍රියාවට නැගිය යුතුබව චේ පසක් කර ගත්තේය

                                                                                                                 මතු සම්බන්දයි........
 
චේ : අග්‍රගන්‍ය විප්ලවවාදියාගේ ජීවිත කතාව... (එකළොස්වන කොටස)

”අප අපේ අනාගත පරපුරෙන් බලාපොරොත්තු වන්නේ කුමක්‌දැයි අසන විට අප දෙන උත්තරය විය යුත්තේ චේ මෙන් ඔවුන් චරිතය සකසා ගත යුතු බවය. අප අපගේ දරුවන්ට ඉගැන්විය යුත්තේ කවර ලෙසද යන ප්‍රශ්නය නඟන ලද්දේ නම් චේ පරිදි ඔවුන් උගත යුතු බවය. අප බලාපොරොත්තු විය යුතු අනාගත පරමාදර්ශී චරිතය කුමක්‌ දැයි අසන ලද්දේ නම් මගේ හද පතුලෙන්ම මා කියන්නේ එය චේගේ චරිතය විය යුතු බවය. ඒ චරිතයේ චර්යාව තුළත් ක්රියාකාරකම් තුළත් කිසිදු පැල්ලමක්‌ නැත”

පිදෙල් කස්ත්රෝ චේ ගැන එසේ කිවේය

1953 වන විට බොලිවියන් ආණ්‌ඩුව හා සමාන්තර ගමනක යෙදුණු සන්නද්ධ කණ්‌ඩායම් වූහ. ඔවුහු හැම රැයකම තම විරුද්ධවාදී කණ්‌ඩායමේ සාමාජිකයෙක්‌ හෝ එක්‌ එක්‌ කණ්‌ඩායමට ඔත්තු සැපයූ බවට සැක කෙරෙන අහිංසක ගම්වැසියකු මරා දැමූහ. රාජ්‍ය ත්‍රස්තවාදය හරහා රට පාලය කිරීමට පහසු බැවින් බොලිවියන් ආණ්‌ඩු ප්‍රතිවිරුද්ධ සන්නද්ධ කල්ලි සමඟ රහසින් සම්බන්ධකම් පැවැත්වීය.
පිටතින් බලන කෙනකුට පෙනී ගියේ බොලිවියාව තුළ විජලවයක්‌ පවතින බවය. එහෙත් එය විප්ලවයක්‌ නොවූවා පමණක්‌ නොව විප්ලවයක සැකිල්ලක්‌වත්නොවීය. ඇමරිකාව ලතින් ඇමරිකාව තුළ මුදා හරින ලද ආධිපත්යවාදය සමඟ හැරෙන්නටවත් ඒ විප්ලවයට හැකි වූයේ නැත. බොලිවියාව නියම සන්නද්ධ අරගලයක්‌ මගින් වෙනස්‌ කළ හැකි බව චේ හිතන්නට පටන් ගන්නේ මෙතැනදී ය.

බොලිවියාවෙන් නික්‌මෙන චේ සහ ඔහුගේ ගමන් සගයා වන කලිසා ඉක්‌වදොරයට යති. එහිදී ඔහුට රිකාඩෝ රෝජෝ නැවත හමුවෙයි. චේට ඔවුන් හමුවන විට ආර්ජන්ටිනාවෙන් පැන ආ වාමාංශික නීති ශිෂ්ය යන් තිදෙනෙක්‌ ද රිකාඩෝ සමඟ සිටිති. චේ ගේ දිනපොතට අනුව මේ සියලුම දෙනා ඉක්‌වදෝරයේ පිහිටි බෝඩිමකදී දින කිහිපයක්‌ එකට ගත කරති. චේ, රිකාඩෝ රෝජෝ, කලිසා සහ නීති ශිෂ්යයන් තිදෙනා එක්‌ව ශිෂ්ය කවයක්‌ පිහිටුවා ගනී. ගෝතමාලාවේ පාලනය විප්ලවීය රජයක්‌ අතට පත්ව තිබෙන බවත්, එම ආණ්‌ඩුව ඉතා ප්රිගතිශිලී බවත් රෝජෝ සහ නීති ශිෂ්යයෝ තිදෙනා චේට සහ කලිසාට කියති. ඒ මතුද නොව චේ සහ කලිසා ගෝතමාලාවට ගොස්‌ ඒ රටේ තත්ත්වය සියෑසින් ම දැක බලා ගත යුතු බව ද ඔවුහු කියති. චේ තම දිනපොතේ ඒ ගැන ලියන්නේ මෙසේය. "ගෝතමාලාවට යැම පිළිබඳ අදහස්‌ මගේ හිතේ කොනක සැඟවී තිබිණි. මට අවශ්යා වුණේ කාගෙන් හෝ ලැබෙන තල්ලුවක්‌ පමණි. නීති ශිෂ්යයන් අතර සිටි එඩුවාඩෝ ගුවාලෝ මට ඒ තල්ලුව දුන්නේය.
චේ එඩුවාඩෝ ගුවාලෝ, කලිසා ඇතුළු ශිෂ්යය කවය චේ සහ ගුවාලෝ එක කණ්‌ඩායමක්‌ ලෙස ද සෙස්‌සෝ තනි තනිව ද ගෝතමාලාවට යති. පැනමාව හා කොස්‌ටාරිකා රාජ්ය‌ය හරහා චේ සහ ගුවාලෝ ගෝතමාලාවට යන විට 1953 දෙසැම්බර් මාසය ද කිට්‌ටු වී තිබිණි. කොස්‌ටාරිකාවේදී චේට ඩොමිනිකන් ජනරජයේ ජනප්රියතම විප්ලවීය ජාතිකවාදී නායකයා වූ ජුවාන් බෝෂ් හමුවෙයි. ඊටත් අමතරව වැනිසියුලාවෙන් පැනවිත් කොස්‌ටාරිකාවේ ජීවත්වන දේශපාලන නායකයකු වූ රොමියුලෝ බෙටන්කෝර්ට්‌ සහ කොස්‌ටාරිකාවේ කොමියුනිස්‌ට්‌ නායක මැනුවෙල් මෝරා වැල්වෙර්දා ද ඔහුට හමුවෙයි. මැනුවෙල් මෝරා සමඟ සාකච්ඡාවක නිරත වන චේ සිය දිනපොතේ මෙසේ ලියන්නේ ය.

"කොස්‌ටාරිකා රාජ්යනයේ හිටපු ජනාධිපති කල්දේරන් ගාර්දියා ධනවත් මිනිසෙකි. ඔහු බලයට ආවේ ඇමරිකාව විසින් කොස්‌ටාරිකාවේ පවත්වාගෙන යන යුනයිටඩ් පෘට්‌ සමාගමේ සහ ස්‌වදේශික ඉඩම් හිමි ධනවතුන් ගේ ආධාරයෙනි. ඔහු දෙවැනි ලෝක යුද්ධය පටන් ගන්නා තුරු වසර දෙකක්‌ රට පාලනය කළේය. යුද්ධයේදී කොස්‌ටාරිකාව මිත්රය හමුදා සමඟ එකතු විය. එවිට මිත්රළ හමුදාවල කොටස්‌කාරයකු වූ ඇමරිකාව කොස්‌ටාරිකා ජනාධිපතිගෙන් අරුම පුදුම ඉල්ලීමක්‌ කළේය. එනම්, කොස්‌ටාරිකාවේ පිහිටි, ජර්මන්කාරයන්ට අයත් ඉඩම් රජයට පවරා ගන්නා ලෙසය.
  විශේෂයෙන් ම එම ඉඩම්වල කෝපි වවා තිබුණේ නම් ඒවා පවරා ගත යුතුම යෑයි ඇමරිකන් රාජ්ය දෙපාර්තමේන්තුව කියා සිටියේය. එබඳු ඉඩම් වහාම පවරා ගන්නා ලදී. අනතුරුව ඒවා මහජනතාවට විකිණීම සඳහා ඉදිරිපත් කරන ලදී. ඒවා මිලට ගන්නා ලද්දේ මහජනතාව නොව කල්දේර ගාර්දියාගේ ඇමැති මණ්‌ඩලයය. මේ ඉඩම් ගැනීමට බලාගෙන හිටි දේශීය ඉඩම් හිමියෝ ගාර්දියා සමඟ අමනාප වී ඔහුට උදව් කිරීම අත්හළහ. එහෙත් ඇමරිකාවට අයත් යුනයිටඩ් පෘට්‌ සමාගම දිගටම ගාර්දියාට උදව් කළේය."
                                                                                                                  මතු සම්බන්දයි........
චේ : අග්‍රගන්‍ය විප්ලවවාදියාගේ ජීවිත කතාව... (දොළොස්වන කොටස)

ගෝතමාලාවේ සිදුව ඇතැයි කියන විප්ලවය බැලීමට චේ මිතුරන් කිහිපදෙනකු ද එකතු කරගෙන තිබිණි. කොස්‌ටරිකා රාජ්යට යන චේ සහ මිතුරන් කිහිපදෙනෙක්‌ ගෙන යැමට චේගේ දේශපාලන මිතුරෙකු වූ නීතිඥ රිකාඩෝ රෝජෝ පැමිණ සිටියේය. ගමන් කළ වාහනයේ ටයර් සිදුරු වීම, මුදල් හිඟය, ලැගුම්හල්වලට ගෙවීමට වීම නිසා රාත්‍රී කාලයේදී මහමඟ නිදා ගැනීමට සිදුවීම, ඇතුළු දුෂ්කරතා මද්යේ ඔවුහු දේශසීමාව පසුකර ගෝතමාලාවට පැමිණෙති. ගෝතමාලාවේ අගනුවර නම ද ගෝතමාලාමය. වාසනාවකට මෙන් අත්තිකාරම් නොගෙවා නතර වීමට ඉඩ ලබාදෙන ලැගුම්හලක්‌ එහිදී ඔවුනට හමුවෙයි. එය නත්තලට පෙර දිනයයි. ඔවුන් ඒ රාත්‍රී කාලයෙන් වැඩි කොටසක්‌ ගත කරන්නේ ආර්ජන්ටිනා ජාතික කාන්තාවක සමඟ විවාහ වී සිටින ගෝතමාලා ජාතික කෘෂිකර්ම විශේෂඥයකුගේ නිවසේ ය. ඊළඟ සතියේ චේට ඇදුම රෝගය වැළඳෙයි. ඔහු දෙසැම්බර් 31 වැනිදා දක්‌වා ඇදුම රෝගයෙන් දුක්‌ විඳී.

චේට පසුදින සිය අනාගත බිරිය මුණ ගැසෙයි. ඇගේ නම හිල්ඩා ගාදියෝ ය. ඔහුට ඇය හඳුන්වා දෙන්නේ රිකාඩෝ රෝජෝ ය. තමන්ට නවතින්නට නවාතැනක්‌ සොයා දියහැකි දැයි චේ හිල්ඩාගෙන් විමසයි. ගෝතමාලාවේ දේශපාලන රැකවරණ ලබා සිටින ඇය පේරු රාජ්යේ ආර්ථික විද්යාඥවරියක ලෙස කටයුතු කරයි. පීරු රාජ්යේ වාමාංශික දේශපාලන පක්ෂයක්‌ වන APRA (American Populer R e v o l u t i o n a r y
Alliance) සංවිධානයේ සාමාජිකාවක වන ඇයට මවු රටින් පැන යන්නට සිදුවන්නේ පීරු රාජ්යයේ අඥාදායක ජෙනරාල් මැනුවල් ඔද්රියාගේ ආණ්‌ඩුව විසින් APRA පක්ෂ ය තහනම් කරන නිසාය. ඇය සමඟ තවත් පාක්ෂිකයන් පිරිසක්‌ පැන එන අතර ඔවුනට ද ගෝතමාලවේ දේශපාලන රැකවරණ ලැබේ. මේ වකවානුවේදී ලතින් ඇමරිකාවේ රටවලින් පැන එන සියලුම වාමාංශික විප්ලවකාරයන් නතර වන්නේ ගෝතමාලාවේ ය.

චේ පළමුවන වරට හමුවීම ගැන හිල්ඩා මෙසේ ලියා ඇත.
"අර්නෙස්‌ටෝ ගුවේරා යනු වයස විසිහතක්‌ හෝ විසිපහක්‌ විය හැකි සිහින් උස ලතින් ඇමරිකානුවෙකි. ගුවේරාට ලා දුඹුරු හිසකෙස්‌ ඇත. ඔහුගේ මුහුණ දුර්වල නමුත් දැස්‌ දීප්තිමත් කාලවර්ණයෙන් යුතුය. ඔහු යහපත් තරුණයෙකි. ඔහුගේ ස්‌වරය දැඩි ය. එහෙත් පෙනුම ශක්‌තිමත් නැත. ඔහුගේ වැඩ කඩිසරය. ඔහුගේ දැනුම උද්යෝගය සහ විනිවිද යන බැල්ම මෙන්ම ඇතැම් දේ ගැන පලකරන අදහස්‌ ගැන මා තුළ විශේෂ මතකයක්‌ ඇත."

චේ ඇතුළු පිරිස සාමාන්ය ඇඳුමින් සැරසී සිටින බවත්, වෘත්තීය දේශපාලනඥයන්ට ශිෂ්යයන් හා සමාන වූ බවත් හිල්ඩාගේ තක්‌සේරුව විය. හිල්ඩාගේ දේශපාලන අත්දැකීම් චේට වඩා ඉතා ඉහළින් පැවැතිනි. එහෙත් මේ තරුණ පිරිස ඉතා හොඳ උගතුන් බව පෙනෙන්නට තිබූ නිසා ඔවුන් සමඟ කතාබහ කිරීමට ඇය උත්සුක වූවාය. ඔහු ඇදුම රෝගියකු බව ඇයට ටික දිනකින් දැන ගන්නට ලැබිණ. ඇය වහාම ඔහු කෙරෙහි වූ අවධානය විශේෂ අවධානයක්‌ බවට හරවා ගත්තී, ඔහුට හැකි උපරිම උපකාර කිරිමට සිතට ගත්තා ය. සිත තුල ආදර හැඟුමක් ඇති නුනාම නොවේ...

ගෝතමාලාවේ සිටි හිල්ඩා සහ ඇගේ මිතුරෝ සුවිශාල මිත්‍ර සමාජයකට චේ ඇතුළු කණ්‌ඩායම හඳුන්වා දුන්හ. මොවුන් අතර රජයේ නිලධාරීන්, ලතින් ඇමරිකානු දේශපාලන සරණාගතයන් බොහෝ පිරිසක් විය . ඉතා සුළු කාලයක්‌ තුළ හිල්ඩා සහ අර්නස්‌ටෝ ඉතා කිට්‌ටු මිතුරන් වූ ආකාරය දක්‌නා ලදී. ලතින් ඇමරිකාවේ දේශපාලන ව්යුසහය වටහා ගැනීම තම අවශ්යතාව බව ඔහු ඇයට කීවාය. ගෝතමාලාවේ උද්ගතව ඇති රැඩිකල් වෙනස්‌කම් ගැන දැන ගැනීමට ද ඔහු තුළ උනන්දුවක්‌ විය.
                                                                                                                        මතු සම්බන්දයි.....
චේ : අග්‍රගන්‍ය විප්ලවවාදියාගේ ජීවිත කතාව...
(දහතුන්වන කොටස)

චේ හා හිල්ඩා අතර ප්‍රේමය දළුලා වැඩෙන විට සිය ජීවිත කතාව ටිකෙන් ටික පැවසුවාය.
තම ළමා විය, පළමු පෙම්වතිය යනාදීන් ගැන චේ හිල්ඩාට කීවේය. ආර්ජන්ටිනාවේ ධනපති පන්තියේ ජීවිතය තමා අනුමත නොකරන බැවින් තම පළමු පෙම්වතිය හෝ ඒ හා සමාන කෙනෙකු සමඟ විවාහ විය නොහැකි බව චේ හිල්ඩාට පැහැදිලි කර දුන්නේය. සිය පවුල සමඟ ඔහුට ඇති උණුසුම් සම්බන්ධය කෙරෙහි හිල්ඩා මහත් සේ පැහැදුනාය. චේ සහ මව අතර ඇති සම්බන්ධය ඉතා දැඩි වීම ගැන ද ඇයට මහත් සතුටක්‌ ඇති විය. දකුණු ඇමරිකාවේ වෛද්‍යවරුන් ජීවත් විය යුතු ආකාරය ගැන ද චේ දැරූ වෙනස්‌ මතය ඇගේ උනන්දුවට හේතු විය. "දකුණු ඇමරිකන් දොස්‌තරවරු වරප්‍රසාද ලත් පන්තියේ රෝගීන්ට පමණක් ප්‍රතිකාර කරමින් සීමාවන් තුළ කොටුවිය යුතු නැහැයි චේ නිතර කීවේය. "ඔවුන් සිටිය යුත්තේ මන්දපෝෂණයෙන් පීඩා විඳින, දැඩි දුප්පත්කම නිසා හටගත් ක්ෂය රෝගය වැනි කටුක ආබාධවලින් පීඩා විඳින අයට පිළිසරණක්‌ වීමටයි. ලතින් ඇමරිකාවේ ජනතාවගෙන් වැඩි කොටස දුප්පත්කමේ මන්දපෝෂණයෙහි ගැලී සිටින අයයි...."

ගෝතමාලාවේදී චේට හමුවුණු දේශපාලන කණ්‌ඩායම් අතුරින් කියුබානුවන් පිරිසක්‌ විශේෂ තැනක්‌ ගනී. මේ කියුබානුවන් චේ හමුවන්නේ හිල්ඩා හරහා ය. 1953 ජූලි 26 වැනිදා කියුබානු ජනාධිපති බැටිස්‌ටාගේ පාලනය යටතේ පවත්නා මොන්කාඩෝ මිල්ටරි බැරැක්‌කයට ප්රහාරයක්‌ එල්ල කිරීමෙන් පසු ගෝතමාලාවට පැන ආ පිරිසේ නායකයා වූයේ පිදෙල් කස්ත්රෝය . ඇමරිකන් සහාය ලබන බැටිස්‌ටාට විරුද්ධව අවි අතට ගත් මේ කුඩා පිරිසේ කැපවීම හිල්ඩා මෙන්ම චේ තුළත් ඇති කළේ මහත් උද්යෝගයකි. "මේ පිරිස තුළ කිසියම් පදනමක්‌ සහිත දේශපාලන අරමුණක්‌ තිබුණේ නම් ඒ ඉතා සුළු වශයෙනි. එහෙත් ඔවුහු මොන්කාඩාවට එල්ල කළ ප්ර‌හාරය ගැන මහත් සේ සතුටු වන බව පෙනෙන්නට තිබිණ. කෙසේ වුවද කියුබාව තුළ විප්ලවයක්‌ ඇති විය යුතුව තිබූ අතර ඒ විප්ලවයේ නියමුවා ස්‌ථිර වශයෙන් ම පිදෙල් කස්‌ත්රො‌ විය යුතුව තිබිණ. පිදෙල්ගේ ගති ලක්ෂයණ විමසා බැලූ චේ තම අර්ථකථනය ඉදිරිපත් කළේ මෙසේය. ආධිපත්යයෙන් කියුබාව නිදහස්‌ කර ගැනීමේ සටනට නායකත්වය සැපයූ 'ජෝසේ මාර්ටි "ගෙන් පසු පහළ වූ ශ්‍රේෂ්ටතම සහ අවංකම කියුබානුවා පිදෙල් ය.

දැඩි වාමාංශික මතධාරිණියක වූ හිල්ඩා විප්ලවීය අදහස්‌ ඇති කණ්‌ඩායම් සහ සම්බන්ධකම් පැවැත්වීමටත් ඔවුන් සමඟ අදහස්‌ හුවමාරු කර ගැනීමටත්, කිසිදු අවදානමක්‌ නොබලා කටයුතු කළාය. හැරල්ඩ් වයිට්‌ යනු උතුරු ඇමරිකානු මහාචාර්යවරයෙකි. මාක්‌ස්‌වාදය ගැන ඉංග්‍රීසියෙන් පොතක්‌ ලියා තිබූ ඔහු එය ස්‌පාඤ්ඤ බසට හැරවීම සඳහා තමාට උපකාර විය හැකි කෙනෙකු සොයමින් සිටියේය. තමාට උපකාර කරන ලෙසත්, ඒ සඳහා මිලක්‌ ගෙවන බවත් වයිට්‌ හිල්ඩාට කීවේය. චේට ගෝතමාලාවේ සිය පැවැත්ම සඳහා මුදල් අත්යහවශ්ය බව දැන සිටි හිල්ඩා මේ පරිවර්තනය සඳහා චේ ගේ සහාය ලබා ගෙන ඔහුට මුදල් ගෙවන ලෙස මහාචාර්යවරයාව පොළඹවා ගත්තේය. හිල්ඩාට තරම් ඉංග්‍රීසි දැනුමක්‌ චේට නොවීය. චේට තරම් මාක්‌ස්‌වාදය ගැන දැනුමක්‌ හිල්ඩාට නොවීය. අවසානයේදී මහාචාර්යවරයාට ඉතා හොඳ ස්‌පාඤ්ඤ පරිවර්තනයක්‌ ලැබුණේය.
පසු කාලයේදී හිල්ඩා විසින් කියන ලද පරිදි මහාචාර්ය හැරල්ඩ් වයිට්‌ චේ ගේ චින්තනය කෙරෙහි බෙහෙවින් පැහැදී සිටියේය. මහාචාර්යවරයා හිල්ඩා සහ චේ සමග සති අන්ත සංචාරවල නිරත විය. මේ ගමන්වලදී මහාචාර්යවරයා සමඟ කැඩුනු ඉංග්‍රීසියෙන් චේ සාකච්ඡා කළේය. එම සංවාද ඔහුගේ ඉංග්‍රීසි දැනුම ශක්‌තිමත් කිරීමට ඉවහල් විය. මහාචාර්යතුමා මාක්‌ස්‌වාදය, ලෙනින්, එංගල්ස්‌, ස්‌ටාලින්, සිග්මන් ෆ්රොයිඩ්, සෝවියට්‌ දේශය යන මාතෘකා පිළිබඳව චේට දීර්ඝ වශයෙන් කියා දුන්නේය. මෙය වෛද්ය විද්යාලයේදී චේ ලැබූ දැනුමට වඩා වෙනස්‌ ප්රායෝගික ලෝකයක්‌ පිළිබඳ දැනුමකි. චේ වෛද්ය විද්යාචලයේදී මිනියක්‌ කපන්නාක්‌ මෙන් මහාචාර්යවරයා ලෝකය දෙපළු කර චේ ඉදිරිපිට ගෙනහැර දැක්‌වීය. දෙපළු කළ ලෝකයෙහි විවිධ ජන කොටස්‌ විවිධ පීඩනයන් මැද. විවිධ දුක්‌ දොම්නස්‌වලට පාත්ර වෙමින් සිටිනු ඔහු දුටුවේය. ධනවාදී රටවල ව්යාප්තවාදී සූරාකෑම්, එක්‌ රටක්‌ ඒ රටේ ධනපති පන්තියට අයත් පවුල් 50 ක්‌ හෝ 60 ක්‌ විසින් පාලනය කරන අන්දම යනාදිය ඔහු දුටුවේය.

මේ චායාරුපයෙ දිස්වන්නේ මෙක්සිකොවෙදී චේ හා පිදෙල් ගේ ප්‍රථම හමුවය.
                                                                             මතු සම්බන්දයි.....
චේ : අග්‍රගන්‍ය විප්ලවවාදියාගේ ජීවිත කතාව...
(දාහතර වන කොටස)

චේ ඇමරිකානු මහාචාර්යවරයාට කැමැති වූ නමුත් ඇමරිකානු වයාප්තවාදී දේශපාලන ප්‍රතිපත්ති වලට කැමැති වූයේ නැත. එය ඇමරිකානුවන් නිසා ඔහු තුළ උපන් පොදු පිළිකුලකි. වසර බොහෝ ගණනකට පසු කියුබානු විප්ලවය දිනා එරට කර්මාන්ත ඇමැති සහ මහ බැංකුවේ අධිපති වූ පසු චේ මහාචාර්ය හැරල්ඩ් වයිට්‌ කියුබාවට ගෙන්වා ගෙන මාක්‌ස්‌වාදයේ හා සමාජ විද්යාවේ මුල් පොත තමන්ට කියා දුන් ඒ මහා පුරුෂයා ෆිදෙල් කස්‌ත්රෝට හඳුන්වා දුන්නේය. එතැන් පටන් 1968 සිදුවූ තම මරණය දක්‌වා මහාචාර්යවරයා වූ හැරල්ඩ් වයිට්‌ කියුබාවේ ජීවත් විය.

1954 දී චේගේ මිතුරන් ගෝතමාලාවෙන් පිටවී ආපසු ගම්බිම් බලා යැමට තීරණ තීරණය කළේය. එහෙත් හිල්ඩා කෙරෙහි හිත තුළ හටගෙන තිබූ ආදරයත්, ගෝතමාලා රජයේ විප්ලවීය වැඩසටහන් කෙරෙහිත් උනන්දුවෙන් දිගටම එරට රැඳෙන්නට චේ තීරණය කළේය. ඒ වන විටත් චේට රැකියාවක්‌ නොවීය. ඔහුට ආහාර සහ ඉඳුම් හිටුම් සඳහා මුදල් නැති විය. ගෝතමාලා රජයේ සෞඛ්ය වැඩසටහන්වල වෛද්යවරයකු ලෙස සේවය කිරීමට ඔහු තුළ කැමැත්තක්‌ විය. විශේෂයෙන් ගෝතමාලාවේ ඉතා දුර බැහැර පිටිසරබද ගම්මානයක්‌ වූ 'එල් පෙනෙන්' පළාතේ ස්‌වදේශිකයන් වූ ඇමරිකන් ඉන්දියානුවන්ගේ සෞඛ්ය සේවා වැඩසටහන්වලට එක්‌වීමට ඔහු ආසා කළේය. ඔහු මේ ප්රදේශවල වැඩ කිරීමට උත්සුක වූයේ ඉපැරැණි මායාවරුන්ගේ ශිෂ්ටාචාරයේ නටබුන් එහි තිබූ නිසා ය. එහෙත් ගෝතමාලාව ඔහුගේ අර්ජන්ටිනා සහතික පිළිගත්තේ නැත. එරට සෞඛය අමාත්යාංශය කියා සිටියේ තවත් වසරක්‌ ගෝතමාලා වෛද්ය විද්යාංලයේ ඔහු උගත යුතු බවයි. ඒ අතර ඔහුට තවත් ප්‍රශ්න කිහිපයකට මුහුණ දෙන්නට සිදුවිය. ඉන් පළමුවැන්න ඔහු දේශපාලන රැකවරණ පතා ගෝතමාලාවට පැමිණි අයකු නොව සංචාරකයකු වීමය. ඒ අතර ඔහුට නේවාසික වීසාවක්‌ තිබුණේ ද නැත. ඊටත් අමතරව ගෝතමාලා රජය සමඟ සම්බන්ධකම් තිබූ එරට කිසිදු පක්ෂයක්‌ සමඟ ඔහුට සම්බන්ධයක්‌ තිබුණේ ද නැත. ඒ අතර ඇදුම රෝගය නිසා ඔහු ඇතැම් විට දවස්‌ ගණන් ඇඳටම වී කාලය ගත කළේය.

මේ අතර දිනක්‌ හිල්ඩා ගෝතමාලා කොමියුනිස්‌ට්‌ පක්ෂයේ බලගතු සාමාජිකයකුට චේ හඳුන්වා දුන්නේය. හර්බට්‌ සෙයිසිග් නමැති ඔහු ගෝතමාලා රජයේ සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුවේ රැකියාවක්‌ චේට ලබාදීමට කැමැත්ත පළ කළේය. ගෝතමාලා කොමියුනිස්‌ට්‌ පක්ෂයේ සාමාජිකයන් රැසක්‌ මේ දෙපාර්තමේන්තුවේ සේවය කළහ. රැකියාව දීමට නම් චේ ද පක්ෂයට බැඳිය යුතු බව හර්බට්‌ සෙයිසිග් හිල්ඩාට කීවේය. කෝපයට පත් චේ තමා ගෝතමාලා කොමියුනිස්‌ට්‌ පක්ෂ යට බැඳෙන්නේ තමාට අවශ්ය වේලාවට මිස රැකියාවක්‌ ලබා ගැනීමට නොවන බව කීවේය. චේ ගේ ස්‌ථාවරය ගැන හිල්ඩා තුළ වූයේ මහත් පැහැදීමකි. පසුව චේ හිල්ඩාට මෙසේ කියා තිබිණි. "මට ගෝතමාලා කොමියුනිස්‌ට්‌ පක්ෂය සමඟ කිසිම ගැටලුවක්‌ නැහැ. පක්ෂයේ කොමියුනිස්‌ට්‌ මතවාදයටත් මම කැමැතියි. ඒත් මේ ක්රමයෙන් පක්ෂවලට සාමාජිකයන් බඳවා ගන්නවාට මා විරුද්ධයි.

1959 මාර්තු මාසය මැද දී ප්රේම සම්බන්ධයක්‌ අරඹමු යි චේ හිල්ඩාට ආරාධනා කළේය. පසුව ඒ සම්බන්ධය විවාහයක්‌ දක්‌වා ගෙන යැම ඔහුගේ අරමුණ විය.

චේ ගෙවාරාගේ මංගල යෝජනාව සහ ප්‍රේම සම්බන්ධයට කැමැත්ත පළ කළ ද ඔහු හා වහා විවාහ නොවීමට හිල්ඩා පරෙස්‌සම් වූවාය. මමත් නුඹට ආදරේ බව ඇත්ත ඒත් ඒ ආදරය විවාහයක්‌ වෙන්නට තරම් මෝරලා මදි" ඇය කීවාය. චේ එයට එකඟ විය. පසු කාලයේදී චේ සමඟ ගත කළ කාලය ගැන පොතක්‌ ලියු හිල්ඩා එහි මෙසේ සඳහන් කළාය. 

"විවාහයක්‌ කර ගැනීම පිළිබඳ ක්ෂණික තීරණයක්‌ ගැනීමට මා පසුබට වූයේ හේතු කිහිපයක්‌ නිසාය. පළමු කොට ගෝතමාලාවේ සිදුවෙමින් පැවැති විප්ලවයත් මගේ මවු රටේ (පීරු රාජ්යයේ) සිදු වෙමින් පැවැති අරගලයත් උදෙසා යමක්‌ කිරීමට මට වුවමනා විය. මා එය සළකන ලද්දේ සමාජය උදෙසා මගෙන් විය යුතු මෙහෙවරක්‌ ලෙසය. මේ යුතුකම් ඉටු කිරීම සඳහා නිදහසේ වාසය කිරීමට මට සිදුව තිබිණි. එවිට චේ කීවේ මා කියන සියල්ල පෙරුවියානු කොමියුනිස්‌ට්‌ පක්ෂයේ මතවාදයක්‌ බවය. පෙරුවියානු කොමියුනිස්‌ට්‌ පක්ෂය විවාහය දේශපාලනයට බාධාවක්‌ ය යන පූර්ව විනිශ්චයෙහි එල්බ සිටින බවත් දේශපාලන ක්රියාකාරිකයකු විවාහ නොවිය යුතුය යන මතය වැරදි බවත් විවාහය යනු දේශපාලන ගමන් මාර්ගය සන්තෘප්ත කරන ක්රියාවලියක්‌ බවත් චේ සඳහන් කළේය. මාක්‌ස්‌ හා ලෙනින් විවාහ වුණා. ඒත් විවාහ වීම කාරණයක්‌ කරගෙන ඔවුන් තම සටන් මාර්ගය අත්හැරියේ නැහැ. මේ දෙදෙනාගේම බිරියන් ඔවුන්ගේ ඉදිරි ගමනට උපකාර කළා යනුවෙන් චේ තර්ක කළේය. එහෙත් අන්තිමේදී "පසු කාලයේදී විවාහ වනු පිණිස දැන් පෙම් කරමු" යන කොන්දේසියට එකඟ වීමට චේට සිදුවිය.

                                                                                                                                                මතු සම්බන්දයි....
 
චේ : අග්‍රගන්‍ය විප්ලවවාදියාගේ ජීවිත කතාව... (පහළොස්වන කොටස )

ගෝතමාලාවේ දිවි ගෙවන චේට තවමත් ස්‌ථිර රැකියාවක්‌ නැත. මහාචාර්ය හැරල්ඩ් වයිට්‌ගේ පරිවර්තන කටයුතු කරමින් සිටිය ද එයින් ලද මුදල චේට ප්රමාණවත් වූයේ නැත. ඒ නිසා ගෝතමාලාවේ සිටි කියුබානු සරණාගතයන් සමඟ ගෙයින් ගෙට ගොස්‌ බඩු විකිණීමේ ව්යාපාරයකට ඔහු සම්බන්ධ විය. එහෙත් මේ ජාවාරම ලාභදායී නොවූ නිසා මද කලකින් කියුබානු සරණාගත පිරිස මැක්‌සිකෝව බලා ගියහ. ඒ බැවින් මෙතෙක්‌ කලක්‌ සාමූහික පදනමක්‌ මත කුලී ගෙවාගෙන ජීවත් වූ බෝඩිම චේට අහිමි විය. මෙතැනදී චේගේ පිහිටට එන හිල්ඩා සිය මිතුරියක වන හෙලේනා ඩී. හොල්ස්‌ට්‌ ගේ නිවසේ චේට නවාතැන් පහසුකම් සැපවීමට කැමැති වෙයි. හොන්ඩියුරස්‌ රටෙන් පැමිණි සරණාගත කාන්තාවක වූ ඇය ගෝතමාලාවේ සිටි ජර්මන් ව්යාපාරිකයකු සමඟ විවාහ වී සිටියාය. මාක්‌ස්‌වාදය ගැන සුවිශාල දැනුමක්‌ තිබූ ඇය සෝවියට්‌ සංගමය සහ චීනය යන රටවල සංචාරය කර තිබිණි. ඇය චේට සත්කාර කළේ තම දරුවකුට හා සමානවය. කිසිදු ගාස්‌තුවක්‌ අය නොකර චේට නවාතැන් හා ආහාර සැපයීමට මේ යහපත් මිතුරිය කැමැති වූවාය. එහෙත් ඉතාම විනීත ලෙස චේ එම ආධාරය ප්රතික්ෂේයප කරමින් තම ඇඳ ඇතිරිල්ල සහ කොට්‌ටය ගෙන යාබද ක්රීඩා සමාජ ශාලාවක රාත්රිය ගත කරන්නට පටන් ගත්තේය.

හැම උදයකම හිල්ඩා සිටි නිවසට ආ ඔහු ඇගෙන් උණු වතුර ඉල්ලාගෙන Mate (අපේ රටේ තේ හා සමාන පානයකි.) සාදා පානය කළේය. හිල්ඩා නිතරම ඔහු වෙනුවෙන් අලුත් පළතුරු ගෙනැවිත් තැබුවාය. ඔහු උදේ ආහාරය ලෙස අනුභව කළේ එම පළතුරු පමණි. රාත්රි ආහාරය ලෙස ද ඔහු ගත්තේ පලතුරු හෝ එළවළු සලාදයක්‌ පමණි. ඒ වෙනත් අසාත්මික ආහාර අනුභව කර ඇදුම රෝගය වැළඳීම මඟහරවා ගනු පිණිසය. හරියටම මේ කාලයේදී ඔහුට ගෝතමාලා අධ්යාපන අමාත්යාංශයේ ගුරු අභයාශ මධ්යස්‌ථානයේ රැකියාවක්‌ ලැබින. මේ අතර ඔහුගේ ගෝතමාලා වීසාව අලුත් කර ගත යුතුව තිබිණ. ඒ සඳහා එරටින් පිටව ගොස්‌ නව සංක්‍රමනිකයෙකු සේ ආපසු ඒම රජය පිළිගත් නීතිය විය. චේට ගෝතමාලාව තුළ වැඩ කිරීම සඳහා බලපත්‍රයක් ලැබෙන්නේ එවිටය.

1954 අප්රියෙල් මාසයේදී ආර්ජන්ටිනාවේ සිටින සිය මවට ලිපියක්‌ ලියූ චේ කියා සිටියේ තමන් එල්. සැල්වදොරය බලා ගොස්‌ ආපසු ගෝතමාලාවට එන බවය. රටින් පිටවන විට ගෝතමාලා රජය ඔහුට ඩොලර් 10 ක්‌ දුන්නේය. පයින්ද, වාහනවල එල්ලෙමින්ද, බස්‌ හෝල්ට්‌වල නවතිමින් ද ඉතා දුකසේ එල් සැල්වදොරයට ළඟා වූ ඔහු සතුව තිබූ කොමියුනිස්‌ට්‌ පොත්පත් එරට දේශසීමා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. එහෙත් රට තුළට ඇතුළුවීමට ඔහුට අවසර ලැබිණි. අනතුරුව ඔහුට ගෝතමාලාවට යැමට නව වීසාවක්‌ ද නිකුත් කරන ලදී. ගෝතමාලාවට යැමට පළමුව හොන්ඩියුරස්‌ රාජ්යට ගොස්‌ රට තොට බලා ගැනීමට ඔහු කල්පනා කළ ද ඔහු අත තිබූ ගෝතමාලා නේවාසික වීසාව දුටු හොන්ඩියුරස්‌ ආගම විගමන කාර්යාලය ඔහු රටට ඇතුළු වීම ප්රතික්ෂේප කළේය. මේ කාලයේදී හොන්ඩියුරස්‌ රාජ්යය තුළ වැඩ වර්ජනයක්‌ හට ගෙන තිබිණි. හොන්ඩියුරස්‌ රාජ්යය තුළ එවකට වෘත්තීය සමිති සහ වැඩ වර්ජන තහනම් විය. ඔහු මේ නීරස දේශපාලන කතා සියල්ල අම්මාට ලියා යෑවීය. ඔහු ලිපිය අවසන් කළේ මෙසේය.

"ආදරණීය අම්මේ, මා ගෝතමාලාවේ ජීවත් වන්නේ හිල්ඩා ගාදියා නමැති වාමාංශික විප්ලවකාරී සහෝදරියගේ උදව්වෙනි. ඇය පීරු රාජ්යයේ විප්ලවීය වාමාංශික පක්ෂයේ සාමාජිකාවකි. ඒ පක්ෂ ය කුණු ගොඩකි. ඉන් ඉවත් වන ලෙස මා ඇයට කොතෙක්‌ කීවද ඇය එයට සවන් නොදෙයි. ඇගේ හදවත රන් හා සමානය. 1954 මැයි මාසයේදී චේ සිය මවට යෑවූ ලිපියක්‌ පටන් ගන්නේ මෙලෙසය. "මගේ වෛද්ය උපාධිය පාවිච්චි කර පෞද්ගලික චිකිත්සාගාරයක්‌ විවෘත කර ගෝතමාලාව තුළ ලොකු ධනවතකු වීමට මට අවස්‌ථාව ඇත. අසාත්මිකතා පිළිබඳ විශේෂඥයකු ලෙස ක්රියා කිරීමට ද මට පුළුවන. එහෙත් ඒ ක්රමයට මා කැමැති නැත. එහෙත් මා තුළ සැඟව සිටින සමාජවාදියා සහ සංචාරකයා යන දෙදෙනාම ඒ ද්රෝහී කටයුත්තට විරුද්ධය......" චේ ක්රමයෙන් සමාජවාදියකු වන ලකුණු මේ ලිපියෙන් පෙනී යයි. තමා තුළ සමාජවාදියකු සිටින බව ඔහුම කියයි.

                                                                                                                           මතු සම්බන්දයි.....
චේ : අග්‍රගන්‍ය විප්ලවවාදියාගේ ජීවිත කතාව...
 (දහසය වන කොටස )

ගෝතමාලාවේ ඇති වී තිබූ විප්ලවය සියයට සියයක්‌ ම ප්රගතිශිලී අරගලයක්‌ නොවූවද, එය කිසියම් අවස්‌ථාවකදී ජනතා අරගලයක්‌ බවට පත්ව ධනවාදයට ප්රහාරයක්‌ එල්ල කරනු ඇතැයි ගෝතමාලාවට බැල්ම හෙළාගෙන සිටි අධිරාජ්ය‌වාදී බලවේග කල්පනා කළහ. එබඳු පෙරළියක්‌ සිදුවුවහොත් ගෝතමාලාවේ පලතුරු නිෂ්පාදන මිලට ගනිමින් එරට ආර්ථිකයට විශාල බලපෑමක්‌ කළ ඇමරිකාවට අයත් යුනයිටඩ් ෆෘට්‌ සමාගම නන්නත්තාර වීමට ඉඩ තිබිණ. මේ නිසා කළ හැකි හොඳම දෙය වූයේ ගෝතමාලාවේ වාමාංශික ආණ්‌ඩුව පෙරළා දැමීමය.
1954 ජුනි මාසයේ දිනක අසල්වැසි හොන්ඩියුරස්‌ රටේ දේශසීමා තරණය කර ගෝතමාලාවට කඩා වැදුණු ඇමෙරිකානු ගුවන් යානයක්‌ බිම සිටි සිවිල් වැසියන්ට ද හමුදා මුරපළ කිහිපයකට ද වෙඩි තබා ජීවිත හානි සිදු කළහ. මහ දවල් කළ මේ සාහසික ක්රියාවෙන් සාමාන්ය ජනයාගෙන් විශාල පිරිසක්‌ තුවාල ලදහ. සමහරු මරු වැළඳ ගත්හ. එදා පටන් ගෝතමාලා තරුණ හමුදාව රාත්රි කාලයේ ගෝතමාලා අගනුවර සහ වෙනත් ප්රධාන නගරවල මුර සංචාරවල නිරත වූහ. එම හමුදාවල වෛද්ය බළකායට ආධාර කිරීම සඳහා චේ ඇතුළු වෛද්යරවරුන් යොදවන ලදී. ගුවන් යානා සිද්ධියෙන් පසු දවසක, හොන්ඩියුරස්‌ රාජ්යයේ සිට ගෝතමාලා රජය පෙරළීමට සටන් කරන 'කර්නල් කස්‌තිලෝ අර්මාස්‌'ගේ හමුදාව දේශසීමාවේ විවිධ තැන්වලින් මතුව ගම්මාන සහ නගරවලට පහර දෙන්නට පටන් ගත්හ. කස්‌තිලෝ අර්මාස්‌ සිතා සිටියේ ඔහු ආණ්‌ඩුවේ හමුදාවලට ප්රහාර එල්ල කිරීමට පටන් ගත් සැනින් රටේ පොදු ජනතාව ඔහු සමඟ එකතු වන බවය. මේ නිසා ඔහු දේශසීමාව හරහා ගම් දනව්වලට ආයුධ බෙදා හැරියේය. එහෙත් එම ආයුධ අතට ගත් ගැමියන් තම රටේ වාමාංශික ජනාධිපති වු ආර්බෙන්ස්‌ යටතේ සංවිධානය වී කස්‌තිලෝගේ හමුදාවට පහර දෙන්නට විය. මේ අනුව හොන්ඩියුරස්‌ පැත්තේ දේශ සීමාවේ සිටි කස්‌තිලෝ අර්මාස්‌ගේ හමුදා පලවා හරින්නට හැකි විය.
එහෙත් හොන්ඩියුරස්‌ සහ නිකරගුවා රටවල් පැත්තෙන් පැමිණි ගුවන් යානා සිවිල් වැසියන්ට වෙඩි තබමින් මහත් කලබලයක්‌ කළහ. ඒ ගැන තම දයාබර පාඨකයා සහ ශ්‍රාවකයා වූ අම්මාට දන්වමින් චේ මෙසේ ලිපියක්‌ යෑව්වේය.

"දැන් තත්ත්වය බරපතළ ය. ගොන්ඩියුරස්‌ සහ නිකරගුවාව පැතතෙන් එන සතුරු ගුවන් යානා ගෝතමාලාවට බෝම්බ දමන්නට පටන් ගෙන ඇත. ගෝතමාලාව තුළ සිටින ජනයා දුක්‌ විඳින බවත්, රට තුළ මිනිස්‌ අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් කියමින් ඇමරිකානුවන් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පවා නොමඟ යවා ඇත. එම සංවිධානය තුළට රිංගා ගෙන සිටින ඇමරිකන් ගැත්තන් ගෝතමාලාවට මැදිහත් වීම සඳහා එක්‌සත් ජාතීන්ගෙන් අවසර පතන බව පෙනේ. ඇමරිකානුවන් සහ ඔවුන්ගේ ජනාධිපතිතුමා වූ ෆ්‍රැන්ක්ලින් රුස්‌වෙල්ට්‌ මෙතෙක්‌ කලක්‌ 'යහපත් වෙස්‌මුහුණ' පැළඳගෙන රඟපෑ නාටකය අවසන් කර ඇත. තත්ත්වය නරක්‌ වුවහොත් ඇමරිකාවට අයත් 'යුනයිටඩ් ෆෘට්‌ සමාගම' හෝ ඇමරිකාව යන දෙකෙන් එකක්‌ මේ රටට බෝම්ම දැමීම සඳහා යුද ගුවන් යානා හමුදාවක්‌ එවනවා ඇත. ගෝතමාලා වැසියන් සිටින්නේ මහත් කෝපයෙනි. යුද ගුවන් යානා මිනිසුන්ට මෙෂින් තුවක්‌කුවලින් වෙඩි තැබීම, ජාත්යන්තර පුවත්පත් හා සඟරා එය සාධාරණීයකරණය කරමින් භේද වැපිරවීම යන කාරණා නිසා සියලු දේශපාලන භේද අත්හැර දමා රට වෙනුවෙන් පෙනී සිටීමට ගෝතමාලා වැසියන් තිරණය කර ඇති බව පෙනේ.

දින කිහිපයකට පසු චේ තම දිනපොතේ මෙසේ ලීවේය.

"අද 1954 ජුනි 27 වැනිදා. ගෝතමාලා ජනාධිපති අර්බෙන්ස්‌ තනතුරින් ඉල්ලා අස්‌විය. සුනයිටඩ් ෆෘට්‌ සමාගම සහ ඇමරිකාව සිවිල් වැසියන් මරා දැමූ බව ප්ර සිද්ධියේ කියූ ඔහු එය හෙළා දැක්‌කේය. ඔහු ඉල්ලා අස්‌වූයේ දකුණු ඇමරිකානු බලවතකුගේ නියෝගය මතය. ඔහු ඉල්ලා අස්‌නොවුනොත් බෝම්බ දමා රට විනාශ කරන බවත්, නිකරගුවාව සහ ගොන්ඩියුරසය ගෝතමාලාවට එරෙහිව යුද ප්රකාශ කරනු ඇති බවත් එවිට ඇමරිකාව සිද්ධියට මැදිහත් වනු පිණිස හමුදාව එවන බවත් එම බලවේග ජනාධිපතිතුමාට කියා ඇත. තව දින දෙක තුනකින් මා වැඩ කරන රෝහලින් මා එළවා දමනු ලැබීමට ඉඩ තිබේ. දේශපාලන පළිගැනීම් මඟ එන බව පෙනේ. හිල්ඩා තම ලිපිනය වෙනස්‌ කර ඇත. ගෝතමාලා කොමියුනිස්‌ට්‌ පක්ෂ යේ නායකයන් හිතවත් රටවල දේශපාලන රැකවරණ පතා පැන යන්නට පටන් ගෙන ඇත. හෙට වන විට කර්නල් කස්‌තිලෝ අගනුවර බලය බාර ගැනීමට එනවා ඇත....
"

                                                                                                                                            මතු සම්බන්දයි.......
 
චේ : අග්‍රගන්‍ය විප්ලවවාදියාගේ ජීවිත කතාව... දාහත්වන කොටස

”අප අපේ අනාගත පරපුරෙන් බලාපොරොත්තු වන්නේ කුමක්‌දැයි අසන විට අප දෙන උත්තරය විය යුත්තේ චේ මෙන් ඔවුන් චරිතය සකසා ගත යුතු බවය. අප අපගේ දරුවන්ට ඉගැන්විය යුත්තේ කවර ලෙසද යන ප්රශ්නය නඟන ලද්දේ නම් චේ පරිදි ඔවුන් උගත යුතු බවය. අප බලාපොරොත්තු විය යුතු අනාගත පරමාදර්ශී චරිතය කුමක්‌ දැයි අසන ලද්දේ නම් මගේ හද පතුලෙන්ම මා කියන්නේ එය චේගේ චරිතය විය යුතු බවය. ඒ චරිතයේ චර්යාව තුළත් ක්රියාකාරකම් තුළත් කිසිදු පැල්ලමක්‌ නැත”

පිදෙල් කස්ත්‍රෝ එසේ කීවේය

1954 ට පෙර ගෝතමාලාව යනු ඇමරිකාව සතු තවත් එක කෙසෙල් වත්තකි. ලතින් ඇමරිකානු රටවල් බොහොමයක්‌ මෙන්ම ගෝතමාලාව පාලනය කළේද ඇමරිකාවේ යුනයිටඩ් ෆෘට්‌ සමාගම ය. මේ කොම්පැණියට මධ්යම ඇමරිකාවෙත් කැරිබියන් දූපත්වලත්, කොලොම්බියාවෙත් ඉක්‌වාදොරයෙත් අක්‌කර දශ ලක්ෂ කිහිපයක කෙසෙල් වගාවන් තිබිණි. 1944 දී එතෙක්‌ ගෝතමාලාවේ සිටි ජනාධිපති ආඥාදායකයා වූ ජෝර්- උබිතෝ ඔහුගේම හමුදාවේ සිටි තරුණ නිලධාරීන් සහ විශ්ව විද්යාගල ශිෂයයන් ගැසූ කැරැල්ලකින් බලයෙන් පහ විය. මෙය ජනප්රිය විප්ලවයකි. මතුපිටින් බැලූ බැල්මට පෙනී ගියේ මේ කැරැල්ල උබිතෝ ගේ ඒකාධිපති ආණ්‌ඩුව පළවා හැර ප්‍රජාතන්ත්‍රවාදය පැතිරවීම සඳහා කළ එකක්‌ ලෙස ය. එහෙත් ඊට වඩා පුළුල් අරමුණක්‌ ඒ විප්ලවකරුවන් තුළ විය. ඒ වූ කලී ගෝතමාලාව පුරා පැතිර ඇති සූරාකෑම සහ ආර්ථික විෂමතාව නැතිකර දැමීමය.

විප්ලවයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක්‌ පැවැති අතර ගෝතමාලාවේ මහජන ඡන්දයෙන් තේරුණු පළමුවන ජනාධිපති ලෙස ජුවාන් හෝසේ අරෙවාලෝ බලයට පත් විය. දකුණු ඇමරිකාවේ පාරම්පරික ස්‌වදේශිකයක්‌ වන ඇමරිකන් ඉන්දියානුවන් තවමත් 19 වැනි සියවසේ සිටි අතර, ඔවුන් 20 වැනි සියවසට කැඳවාගෙන ඒම මෙහි අරමුණ විය. මේ අනුව ස්‌වදේශික ගැමියන් ලක්ෂ ගණන් ඒකරාශී කරන ලදී. ජනාධිපති අරෙවාලෝ ප්රතිසංස්‌කරණවාදියෙකි. ඔහු රටට හොඳ කලක්‌ උදා කර දීමට මහන්සි විය. අරොවාලෝගේ අනුප්රාප්තිකයා වූයේ 1951 දී බලයට පත් කර්නල් ජාකෝබො අර්බෙන්ස්‌ ය. ඔහු ද හිටපු ජනාධිපතිගේ ප්රතිපත්තිය දිගටම ගෙන ගියේය. 1953 දී අර්නස්‌ටෝ චේ ගෙවාරා හෙවත් ගෝතමාලාවට එන විට ජනාධිපති අර්බෙන්ස්‌ ඉඩම් නැති ගැමියන්ට ඉඩම් හෙක්‌ටයාර් ලක්ෂයක්‌ බෙදා දෙමින් තිබිණ. මෙසේ බෙදා දුන් ඉඩම්වලින් හෛක්‌ටයාර් 11000 ක්‌ අයත්ව තිබුණේ යුනයිටඩ් පලතුරු සමාගමට අයත් වගා නොකළ ඉඩම් ලෙස ය. මේ වන විටත් ගෝතමාලාවට තැපෑලක්‌ පවා නොතියූ අතර ලියුම් බෙදන ලද්දේ ද යුනයිටඩ් ෆෘට්‌ සමාගම ය. එය හරියටම 1505 න් පසු නැඟෙනහිර ඉන්දියානු වෙළෙඳ සමාගම ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව වැනි රටවල් පාලනය කළා හා සමාන විය.

ආණ්‌ඩුව ඉඩම් අක්‌කර 11000 පවරා ගෙන බෙදා දීමත් සමගම ඇමරිකාව ජනාධිපති අර්බෙන්ස්‌ සමඟ මහත් සේ කෝප විය. මේ කාලයේ ඇමරිකාවේ රාජ්ය ලේකම් ලෙස කටයුතු කළේ නීතිඥ ජෝන් ෆොස්‌ටර් ඩලස්‌ ය. යුනයිටඩ් ෆෘට්‌ සමාගමේ සියලු නීති කටයුතු කළේ ෆොස්‌ටර් ට අයත් පෙරකදොරු සමාගමක්‌ විසිනි. ෆොස්‌ටර් ඩලස්‌ගේ සහෝදරයා වූ ඇලන් ඩලස්‌ ඒ වන විට සී. අයි. ඒ. සංවිධානයේ අධ්යක්ෂ විය. මේ සියල්ලටම අමතරව ඇමරිකන් රාජ්ය දෙපාර්තමේන්තුවේ අන්තර් ඇමරිකානු (උතුරු ඇමරිකානු සහ දකුණු ඇමරිකානු) සම්බන්ධතා භාරව කටයුතු කළ ජෝන් මුවර්ස්‌ කැබෝට්‌ගේ සහෝදරයා යුනයිටඩ් ෆෘට්‌ සමාගමේ හිටපු සභාපති විය.

1954 යනු උතුරු ඇමරිකාවට කෙසේ වෙතත් දකුණු ඇමරිකානු රටවලට ඉතා වැදගත් අවුරුද්දකි. ඇමරිකානු රටවල විදේශ ඇමැතිවරුන්ගේ (උතුරු හා දකුණු) මහා සමුළුවක්‌ ඒ වසරේ මාර්තු මාසයේදී පවත්වන ලදී. මෙම සමුළුවේදී කතාවක්‌ කළ ඇමරිකන් රාජ්ය ලේකම් ජෝන් ෆොස්‌ටර් ඩලස්‌ ගෝතමාලාවේ අර්බෙන්ස්‌ ජනාධිපතිගේ ආණ්‌ඩුව තුළට කොමියුනිස්‌ට්‌වරුන් ඇතුළු වී සිටින බවත් ගෝතමාලාවේ සෝවියට්‌ සංගමය සමඟ ඒකාබද්ධ කිරීමට අර්බෙන්ස්‌ ජනාධිපති අදහස්‌ කරගෙන ඇති බවටත් චෝදනා කළේය. මෙසේ කියූ ඇමරිකානු රාජ්ය ලේකම් ලතින් ඇමරිකානු රටවලට සිදුවිය හැකි කොමියුනිස්‌ට්‌ මැදිහත් වීම් වළක්‌වා ගැනීම සඳහා පියවර ගැනීමේ කාර්යය වෙනුවෙන් ලතින් ඇමරිකාවට බලය දෙන කුප්ර‌කට 93 වන පනත සම්මත කර ගත්තේය. මෙය කරන ලද්දේ සී. අයි. ඒ. සංවිධානය ආධාර කරගෙන ගෝතමාලාවට ඇමරිකන් හමුදාව හෝ කුලී හේවායන් පිරිසක්‌ එවා ආර්බෙන්ස්‌ගේ ආණ්‌ඩුව පෙරළීමය. ආර්බෙන්ස්‌ ප්රජාතන්ත්රයවාදී ඡන්දයකින් බලයට පත් ජනාධිපති කෙනෙකු බව මේ 93 වැනි පනතට අදාළ යෝජනාව සම්මත කරන විට ඇමරිකාව තුට්ටුවකට මායිම් කලේ නැත. අර්බෙන්ස්‌ එළවීම සඳහා කුලී හමුදා සංවිධානය කිරීමට තීරණය කෙරුණේ ගෝතමාලාවට යාබද රටවල් වූ හොන්ඩියුරස්‌ සහ එල්සැල්වදොර් යන රටවල දී ය. එබඳු කාර්යයක්‌ සඳහා මේ රටවල් ඉතා නුසුදුසු විය. ඇමරිකන් ගැති ආඥාදායක අනස්‌තාසියෝ සෝමෝසා දෙබයිලේ විසින් පාලනය කෙරුණු නිකරගුවාව මෙබඳු කටයුත්තකදී ඉතා පහසුවෙන් "මිලට" ගැනීමට ඇමරිකාවට හැකි විය. ආක්රමණික කුලී හමුදාවලට ප්රහාරක අහස්‌ යානා සහ අවි සැපයීම ඇමරිකාව භාර ගත්තේය. ඊටත් අමතරව අර්බනිස්‌ගේ ගෝතමාලා ආණ්‌ඩුවේ සිටි හමුදා ප්රධානීන් කිහිපදෙනකු ද බා ගැනීමට ඇමරිකාවට හැකි විය.

1954 ජුනි 17 වැනිදා ගෝතමාලාවේ හිටපු කර්නල් කාර්ලෝස්‌ කස්‌තිලෝ අර්මාස්‌ගේ අණ පරිදි අති විශාල හමුදාවක්‌ ගෝතමාලා දේශසීමා හරහා රටට ඇතුළු වී අගනුවර බලය අල්ලා ගැනීමට පිටත් වූහ. ජනාධිපති අර්බෙන්ස්‌ගේ හමුදා ඔහුට ප්රතිප්රහාර එල්ල කරන විට ගෝතමාලාවේ ඇමරිකන් තානාපති හරහා ජනාධිපති අර්බෙන්ස්‌ට කතා කළ ඇමරිකාව රටේ පාලනය හමුදා ජෙනරාල්වරුන්ගෙන් සමන්විත මණ්‌ඩලයකට භාර දී ඉල්ලා අස්‌වන ලෙස බල කළේය. ඒ අතර කස්‌තිලෝගේ හමුදාව ගෝතමාලා අගනුවරට ඇතුළු විය. ගෝතමාලාවේ ඇමරිකන් තානාපති ජෝන් හියුරි ෆොඩිගේ පුද්ගලික ගුවන් යානය හොන්ඩියුරස්‌ බලාගොස්‌ එහි සිටි කර්නල් කස්‌තිලෝ "රජ කරවීම" සඳහා රැගෙන ආවේය. අලුත් ආණ්‌ඩුව ගෝතමාලාවේ බලයට පත්වන විට ඇමරිකාවේ තිබුණේ විශ්රාමික ඇමරිකන් ජනරාල් කෙනෙකු වූ ඩී. ඩී. අයිසන්හවර්ගේ ආණ්‌ඩුවයි. අයිසන්හවර් ඉදිරි වසර 30 තුළ වැය කිරීම සඳහා ක්‌ස්‌තිලෝට ඩොලර් මිලියන 80 ක්‌ දුන්නේය. නව රජය රටේ ආණ්‌ඩු ක්රම ව්යවස්‌ථාව තහනම් කර අර්බෙන්ස්‌ට හිතවත් කොටස්‌ දඩයම් කරන්නට පටන් ගත්තේය. රටේ පොලිසිය සහ විමුක්‌තිකාමී හමුදාව නමැති ඇමරිකන් රූකඩ හමුදාව එකඟවී අර්බෙන්ස්‌ ගේ නොමිලේ ඉඩම් දීමේ යෝජනා ක්රමය යටතේ ඉඩම් ලබා ගත් වැඩි දෙනා මරා දැමූහ. ඒ බව ආරංචි වූ ගෝතමාලාවේ පිටිසරබද වැසියෝ තමන්ට ලැබුණු ඉඩම්වල ඔප්පු සිය කැමැත්තෙන්ම පොලිසියට භාර දුන්නේය. ඒ අතර අර්බේන්ස්‌ගේ ඉඩම් ප්ර තිපත්තිය අහෝසි කිරීමත් යුනයිටඩ් පෲට්‌ සමාගමේ ඉඩම්වලින් ලබා ගත් හෙක්‌ටයාර් 11000 ආපසු එම සමාගමට භාර දීමත් සිදුවිය.

මතු සම්බන්දයි...

චේ : අග්‍රගන්‍ය විප්ලවවාදියාගේ ජීවිත කතාව... දහ අටවන කොටස

අර්බෙන්ස්‌ ජනාධිපති ඇමරිකාවට අයත් යුනයිටඩ් පෲට්‌ සමාගමේ ඉඩම් හෙක්ටයාර ලක්ෂ ගණනක් ජනසතු වීමෙන් ඇමෙරිකාව කෝපයට හා වෛරයට පාත්රවිය . ඒ අතර ධනපතියන් සතු අක්කර දහස් ගණනක්ද ජනතාව අතරේ බෙදී ගියේය. ශ්රී ලංකාවේද 1970 දශකයේ ඉඩම් ජනසතු කිරීමේ ව්යාපාරයක් ඇරඹීමට සිරිමා රජයට සිදුවිය. එයට මුලිකම බලපෑම සිදු වුයේ 71 අරගලය මතින් ධනපති පසුගාමී ආණ්ඩුවට එල්ල කල ප්‍රබල බල පෑමය. ඉන් පසුව අකමැත්තෙන් වුවද සිරිමා රජයට රදලයන් සතු ඉඩම් අක්කර දහස් ගණනක් රජයට පවරා ගැනීමට සිදු විය. එයට එරෙහිව මහා ගෝෂාවක් කලේ යැංකි ඩිකී නොහොත් ලාංකීය ධනේශ්වර න්‍යායේ අත්පොත ලිවූ ජේ.ආර්. ජයවර්ධනය.

අපි නැවතත් චේ ගේ ගෝතමාලා ජීවිතය දෙසට හැරෙමු...
ගෝතමාලාවේ යුද්ධය පටන් ගත් විට අර්නස්‌ටෝ ෙච් ගෙවාරා ඇතුළු ප්රතිසංස්‌කරණවාදී පිලේ තරුණයෝ සිදුවීමට යන දේ ඉතා ප්රවේශමෙන් අධ්යයනය කළහ. චේ අම්මාට ලිපියක්‌ ලිව්වේය.
”ආදරණීය අම්මේ, රාජද්‍රෝහී වීම මේ රටේ යුද හමුදාවේ උත්පත්ති ගතිය බව පෙනේ. ඉතාම නරක සත්‍ය වන්නේ වුවමනා අවස්‌ථාවට අනුව ක්රියා කිරීමට ජනාධිපති අර්බෙන්ස්‌ දැන නොසිටීමය. ඔහුගේ ආණ්‌ඩුවට ගුවන් යානා නැත. ගුවන් යානා නාශක තුවක්‌කු ද නැත. ජනාධිපති කළ යුතුව තිබුණේ සමස්‌ත ජනතාවම සන්නද්ධ කිරීමය. එසේ නොකිරීමේ කාලකන්නි ප්රතිඵලය දැන් නිකුත් වී තිබේ...."

ඇමරිකන් ආක්රමණයෙන් පසු චේ ගෝතමාලාවේ ආර්ජන්ටිනා තානාපති කාර්යාලයේ දේශපාලන රැකවරණ ලැබීය. ඔහු එසේ නොකළේ නම් කස්‌තිලෝගේ හමුදාව ඔහු මරා දමන්නේය . ගෝතමාලාවේ තිබූ සියලු ලතින් ඇමරිකන් තානාපති කාර්යාල දේශපාලන රැකවරණ පතන්නන්ගෙන් පිරී යන්නට විය. ඒවා අතර ප්රමුඛ තැනක සිටියේ ආර්ජන්ටිනා සහ මැක්‌සිකන් තානාපති කාර්යාලය. ගෝතමාලා ආණ්‌ඩුවේ හිටපු හමුදා ප්රධානීන් සිය ගණන් එම තානාපති කාර්යාල තුළ ගාල්ව සිටියහ. තමාට මැක්‌සිකෝවට යැමටත්, එතැනින් චීනයට යැමටත් වුවමනා බව සිය පෙම්වතිය වූ හිල්ඩාට කී චේ තමන් කැටුව එන ලෙස ඇයට දැන්වීය. මැක්‌සිකෝවේදී ඇය හා විවාහ වන බව ෙච්ගේ පොරොන්දුව විය. එහෙත් තමාට තම මවු රට වූ පිරු රාජ්යයට යැමට අවශ්ය බව කී හිල්ඩා තමා ආර්ජන්ටිනාවට ද යන බවත් චේ ගේ මාපියන්ගේ නිවසේ ලිපිනය අවශ්ය බවත් කීවාය. එහෙත් මැක්‌සිකෝවට පැමිණි හිල්ඩා කසාද බඳින බව අර්නස්‌ටෝ තරයේ කීය.

ආර්ජන්ටිනා තානාපති කාර්යාලය තුළ දේශපාලන රැකවරණය ලබමින් සිටි කාලයේදී චේ ට දිනපතාම වාගේ හිල්ඩා හමුවිය. නො එසේ නම් ඇය ඔහු බැලීමට නිතර තානාපති කාර්යාලයට පැමිණියාය. එහෙත් හදිසියේම ඇගේ ගමන නැවතිණ. ඇය ගැන සොයා බැලූ චේ ඇය පොලිස්‌ අත්අඩංගුවට පත් වූ බව දැනගත්තේය. පොලිසිය ඇගෙන් ඇසූ පළමු පැනය වූයේ "චේ කොහේද?" යන්න බව ද ඔහුට දැන ගන්නට ලැබිණ. පොලිසිය හිල්ඩා සතුව තිබූ පින්තූර තොගයක්‌ අත්අඩංගුවට ගෙන ඒවා අතර චේගේ පින්තූරය වී දැයි ඇගෙන් අසා ඇත. චේගේ පින්තූරය එහි වුවද ඒ ගැන කිසිත් නොකීමට ඇය පරෙස්‌සම් වූවාය. අනතුරුව ඇය සතුව තිබූ සියලු දේ තම සන්තකයට ගත් පොලිසිය ගෝතමාලාවේ ප්රධාන සිරගෙදර රිමාන්ඩ් බන්ධනාගාරයේ කාන්තා සාමාන්ය අපරාධකාරියන් අතර ඇය රඳවා තැබීය.

මේ බව දැනගත් චේ හිල්ඩා නිදහස්‌ කරන්නේ නම් ඒ සඳහා හිලව් වශයෙන් පොලිසියට යටත් වීමට සූදානම් විය. එහෙත් ගෝතමාලාවේ ආර්ජන්ටිනා තානාපති කාර්යාලයේ ලේකම්වරුන් සහ දේශපාලන රැකවරණ ලබන්නෝ ඊට විරුද්ධ වූහ. ඔවුන් කියා සිටියේ ඔහු පොලිසියට යටත් වූ විට පොලිසිය ඔහුත් කූඩුවට දමා ස්‌ථිර වශයෙන්ම හිල්ඩා තවදුරටත් කූඩුවේම තබා ගැනීමට ඉඩ ඇති බවය. මේ අතර හිල්ඩා උපවාසයක්‌ ආරම්භ කළාය. තමා දේශපාලන රැකවරණ පතා ගෝතමාලාවට පැමිණ සිටියකු බවත්, රජය නීත්යනුකූල ලෙස තමන්ට රැකවරණ දුන් බවත්, දැන් කිසිදු චෝදනාවක්‌ නැතිව රිමාන්ඩ් කර සිටින බවත් ඇය කියා සිටියාය. පුවත්පත් මගින් ඇයට විශාල ප්රචාරයක්‌ ලැබුණු අතර ඇය බැලීම සඳහා ලතින් ඇමරිකානු රටවල් රැසක තානාපතිවරු සිර ගෙදරට ගියහ. එහෙත් හිල්ඩාගේ මවුබිම වූ පීරු රජයේ තානාපති පමණක්‌ එහි යැමෙන් වැළකී සිටියේය. පොලිසිය වහා ඇය නිදහස්‌ කළේය. ඒ අතර ගෝතමාලාවේ නව නීතිපතිවරයා ඉදිරිපිට පෙනී සිටින සේ නියෝග කළේය හිල්ඩා කොමියුනිස්‌ට්‌වාදියකු බවට නීතිපති චෝදනා කළ අතර ඇය එය තරයේ ප්ර්තික්ෂේප කළාය. මේ අතර හිල්ඩා හමුවීමේ අවශ්යතාවක්‌ ඇති බව අලුත් ජනාධිපති කස්‌තිලෝ අර්මාස්‌ පණිවුඩකරුවකු මගින් ඇයට දන්වා එවනු ලැබ තිබිණ. ඇය ඔහු හමු වූ විට ඇයට සිදු වූ කරදරය ගැන බරපතළ ලෙස ශෝක වන බව පෙන්වූ ජනාධිපති ගෝතමාලාවෙන් පිටව යැමට ඇයට ඉඩදිය හැකි බව කීවේය.

                                                                                                                                                          මතු සම්බන්දයි ....
 චේ : අග්‍රගන්‍ය විප්ලවවාදියාගේ ජීවිත කතාව... 
19 වන කොටස

මිනිසුන් මියයති ..එහෙත් තමා මිය ගිය පසු පුරාවෘතයක් වියහැකි මිනිසෙකු වේ නම් ඔහු පරිපුර්ණ මිනිසෙකි. චේ එවන් උදාර මානව දයාවකින් ලොව දෙස බැලු අසහාය විප්ලවවාදියෙකි

ගෝතමාලා සමාජවාදී ආණ්ඩුව බිද වැටීමත් ඉන් පසුව ගෝතමාලා හි ආජන්ටිනා තානාපති කාර්යාලයේ කොටු වී සිටින චේ ගැන පසු ගිය ලිපියෙන් කතා කළෙමු. අද එතැන් සිට....

ගෝතමාලාවේ ආර්ජන්ටිනා තානාපති කාර්යාලයේ සිටින චේට මුදල් සහ ඇඳුම් ඔහුගේ මව සහ පියා විසින් එවන ලදී. තව සති කිහිපයක්‌ ගතවෙද්දී ආර්ජන්ටිනා රජය මගින් තානාපති කාර්යාලයේ සහ වෙනත් තැන්වල සිරවී සිටින තම රටේ වැසියන් ආපසු ගෙන්වා ගැනීම සඳහා ගුවන් යානා කිහිපයක්‌ ගෝතමාලාවට එවීය. එයින් එකක නැගී තම මවුබිමට යැමේ අවස්‌ථාව චේට ලැබුණ නමුත් ඔහු එය ප්රතික්ෂේප කළේය. ඔහු තම රටේ තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියේ මැක්‌සිකෝව බලා යැමට අවස්‌ථාව ලබා දෙන ලෙස ය. ආර්ජන්ටිනා තානාපති කාර්යාලය සහ ගෝතමාලාවේ මැක්‌සිකන් තානාපති කාර්යාලය තමාගේ වීසා සහ සුරක්ෂිත ගමන් ක්ර‌මවේදය ගැන සලකා බලන අතර දිනෙක චේ හිල්ඩා බැලීම සඳහා ගියේය. ඇය ඉතා දුෂ්කර තත්ත්වයක පසුවූවාය. ආපසු සිය රට බලා යන ලෙස ජනාධිපති කස්‌තිලෝ ඇගෙන් ඉල්ලා සිටි නමුත් ඇයට ඒ සඳහා අවශ්ය වලංගු විදේශ ගමන් බලපත්රයක්‌ දීම ප්රතික්ෂේප කළේය. සිදු වූ දේ සහ සිදුවිය හැකි දේ ගැන ඔහුත් ඇයත් බොහෝ දේ කතා කළහ. ඒ ගැන හිල්ඩා සිය ජීවිත කතා පොතේ මෙසේ ලියා ඇත.

"ගෝතමාලාව මුහුණපා සිටින සහ ඉදිරියේදී මුහුණ පෑමට යන ඛේදවාචකය ගැන අප දැරූ අදහස්‌ ඉතා සමාන විය. මේ නිසා අපි එකිනෙකාට තව තවත් ළංවීමු. ගෝතමාලාවේ සන්නද්ධ නොවූ ප්රතිසංස්‌කරණවාදී විප්ලවය අසාර්ථක වුණේ එයට පොදුජන පදනමක්‌ නොතිබූ නිසා ය. නැතහොත් ප්රතිසංස්‌කරණවාදීන් පොදු ජනපදනමක්‌ ඇති කිරීමට උනන්දු නොවූ නිසා ය. විප්ලවයන් ගත යුතු මඟ වූයේ ජාතික ස්‌වෛරීභාවය රැක ගැනීම, අධිරාජ්යවාදයේ ඇඟිලි ගැසීම්වලින් රට නිදහස්‌කර ගැනීම, ජනතාවගේ අරමුණ සාක්ෂා ත් කර ගැනීම සඳහා විප්ලවය පිහිටාධාරයක්‌ වීම යනාදිය බව අපි තීරණය කළෙමු."

ගෝතමාලාවේදී සාර්ථක ජීවිතයක්‌ පටන් ගැනීමට නොහැකි නිසා මැක්‌සිකෝවට ගොස්‌ හිල්ඩා ද එහි ගෙන්වාගෙන විවාහ වීමට චේ තීරණය කළේය. නොබෝ දිනකින් චේ මැක්‌සිකෝව බලා යන දුම්රියට ගොඩ විය. චේ දුම්රියට ඇරලවූ හිල්ඩා තමන් මුලදී සිටි නිවසට ගොස්‌ යළි පදිංචි වූවාය. මේ අතර පොලිසිය ඇය නැවත වතාවක්‌ අත්අඩංගුවට ගත්තේය. ඇය මැක්‌සිකෝවට පිටුවහල් කිරීමට ගෝතමාලා ආණ්‌ඩුව තීන්දු කර තිබිණ. හිල්ඩා පිටුවහල් කරන ලද්දේ මහත් සේ හිරිහැර කරමින්ය . ඇය ගෝතමාලාව සහ මැක්‌සිකෝව අතර දේශ සීමාවට ගෙන ගිය පොලිසිය නුදුරෙහි ගලායන විශාල ගංගාවෙන් එතෙර කර මැක්‌සිකෝවට ගෙන යැම සඳහා අල්ලසක්‌ ඉල්ලා සිටියේය. එය ගෙවන තුරු යළි ඇය සිරකරන ලදී. අල්ලස ගෙවූ ඇය මැක්‌සිකෝ භූමියට පා තැබීය.
මේ අතර කල්තබාම මැක්‌සිකෝවට පැමිණ සිටි චේ දුටුවේ මහත් අවුල්කාරී දර්ශනයකි. ඒ වන විට එනම්, 1954 සැප්තැම්බර් මාසය වන විට මැක්‌සිකෝව ලතින් ඇමරිකන් දේශපාලන අනාථයන්ගෙන් පිරී ඉතිරී ගොස්‌ තිබිණි. එය හරියටම ජනාධිපති අර්බෙන්ස්‌ යටතේ ගෝතමාලාව පැවැති තත්ත්වය හා සමාන විය. ඩොමිනිකන් ජනරජය, කියුබාව, කොලොම්බියාව, පීරු, වෙනිසියුලා, හයිටි සහ ආර්ජන්ටිනාව යන රටවල අනාථයෝ එහි සිටියහ. ඔවුන් අතරට ආ අලුත්ම අනාථ ගංගාව වූයේ ගෝතමාලා වැසියන්ය. ඔවුන් හැමදෙනාම මැක්‌සිකෝ නගරයෙහි ජීවත් වූහ.

හිල්ඩා මැක්‌සිකෝවට පැමිණ සිටියේ එරට රජයේ අනුදැනුම සහිතව දේශපාලන රැකවරණ පතා ය. එබැවින් ඇයට රැකියාවක්‌ ලබා ගැනීම පහසු විය. එහෙත් චේ එහි පැමිණියේ දේශපාලන රැකවරණ පතන අනාරාධිතයකු ලෙසය. මේ නිසා චේගේ මුළු ජීවිත කාලය තුළම තිබූ රැකියා ප්රශ්නය යළි මතුවිය. ඔහු ජීවිතය ගැටගසා ගත්තේ පාර අයිනේ සිට පින්තූර ගන්නා ඡායාරූප ශිල්පියකු ලෙස ය. මේ අතර දිනක චේට හිල්ඩා හමුවෙයි. එය ඉතා උණුසුම් අවස්‌ථාවකි.

මතු සම්බන්දයි ...

චේ : අග්‍රගන්‍ය විප්ලවවාදියාගේ ජීවිත කතාව... 19 වන කොටස 

චේ : අග්‍රගන්‍ය විප්ලවවාදියාගේ ජීවිත කතාව... 20 වන කොටස 
චේ : අග්‍රගන්‍ය විප්ලවවාදියාගේ ජීවිත කතාව... 20 වන කොටස 

---මිනිසුන් මියයති ..එහෙත් තමා මිය ගිය පසු පුරාවෘතයක් වියහැකි මිනිසෙකු වේ නම් ඔහු පරිපුර්ණ මිනිසෙකි. චේ එවන් උදාර මානව දයාවකින් ලොව දෙස බැලු අසහාය විප්ලවවාදියෙකි---- 

හිල්ඩා දුෂ්කර ගමනක නිමාව දකිමින් මෙක්සිකෝව වෙත ලඟා විය. චේ ගෝතමාලාවෙන් දුම්රියට නැගී මැක්‌සිකෝවට යන විට ඔහු ඇරලවීමට දුම්රියපළට ගිය හිල්ඩා මතුයම් දවසක මැක්‌සිකෝවේදී චේ හමුවන බව දැන සිටියත් මෙතරම් ඉක්‌මණින් ඒ හමුව සිදුවෙතැයි ඕ නොසිතුවාය. 1954 ඔක්‌තෝබර්  මස දිනක හමුවීමෙන් පසු හිල්ඩා සිය දින පොතේ මෙසේ ලීවාය.
” විවාහ වීම සම්බන්ධයෙන් අර්නස්‌ටෝ චේ විවිධ යෝජනා ඉදිරිපත් කරන්නට විය. මා කීවේ අප තවත් කලක්‌ ඉවසා සිටිය යුතු බවය. මා මැක්‌සිකෝවට ආවා පමණි. කිසියම් ස්‌ථිර රැකියාවක්‌ කිරීමට මට උවමනා විය. කිසියම් අවිනිශ්චිත හැඟීමකින් මගේ සිත පිරී ගොස්‌ තිබිණි. මා විවාහය ප්රමාද කරනු දුටු චේ සදාකාලිකව මිතුරන් ලෙස සිටිමුයි මට යෝජනා කළේ නොමනාපයෙනි. මම පුදුමයට පත්වීමි. එහෙත් දිගටම මිතුරන් ලෙස සිටිමුයි යන අදහසකට එකඟ වූයෙමි ”

හිල්ඩා ඉතා තද ගති ඇති තරුණියක වූවාය. ඇය චේට දෙවැනි වීමට කැමැති වූයේ නැත. මේ අනුව ඔවුන් මිතුරන් ලෙස දිගටම එකිනෙකා හමු වූහ. ගෝතමාලාවේ දේශපාලන අත්දැකීම ගැන සාකච්ඡා කළහ. ලතින් ඇමරිකාවේ දේශපාලන සහ ආර්ථික ලෙඩ රෝග ගැන විග්රහ කළහ. මේ අතර දවසක තමාට අලුත් රැකියාවක්‌ ලැබුණ බව චේ හිල්ඩාට කීවේය. ඒ මැක්‌සිකෝ නගරයේ මහ රෝහලේ අසාත්මික රෝග නිවාරණ අංශයේ සහකරුවකු ලෙසය. ඉන් ලද වැටුප ඉතා කුඩාය. එහෙත් චේට වෛද්යවරයකු ලෙස කටයුතු කිරීමට අවසර ලැබී තිබිණි. රෝහලේ වැඩ කරමින් සිටින අතර චේට ඔහුගේ පැරැණි සගයතු වූ නිකෝ ලෝපේස්‌ හමුවී තිබිණි. ඔහු සමග කියුබන් ජාතිකයකු ද සිටියේය. කියුබන් විප්ලවය සිදුවීමට ආසන්න බවත් ඒ වන විට කියුබන් පාලකයා වූ ඒකාධිපති බැටිස්‌ටා විසින් බන්ධනාගාර ගතකරනු ලැබ සිටි ෆිදෙල් කැස්‌ත්රො  සහ ඔහුගේ සහෝදරයා වූ රාවුල් කස්‌ත්රො ළඟදීම හිරෙන් නිදහස්‌ව මැක්‌සිකෝවට පැමිණීමට ඉඩ ඇති බවත් නිකෝ පැවසීය.

1954 දවසක චේ සිය මවට ලිපියක්‌ ලිවීය. ඔහු සිය ජීවිතයේ ගතවෙමින් තිබූ ඒ කාලය තුළ කුමක්‌ කල්පනා කරමින් සිටියේද යන්න ඒ ලිපියේ තිබූ කරුණු මගින් හෙළිකර ගත හැකිය. තමා මැක්‌සිකෝවේ ජීවිතයට ප්රිය කරන නමුත් යුරෝපයේ සංචාරය කිරීම සඳහා ආශාවකින් පෙළෙන බව ඒ ලිපියේ සඳහන් විය. ඇමරිකා එක්‌සත් ජනපදය කෙරෙහි තමන් තුළ ඇති වෛරය තවදුරටත් එසේම පවතින බව කී ඔහු නිව්යෝර්ක්‌ නුවරට ගොස්‌ අත්දැකීමක්‌ ලබා ගැනීමට කැමැති බවත් එහිදී කවර සැප සම්පත් ලැබුණත් ඇමරිකන් විරෝධී අදහස්‌ තුරන් නොවන බවත් ලිව්වේය. ඒ අතර ගෝතමාලාවේ කොමියුනිස්‌ට්‌ පක්ෂයට බැඳීමේ අදහසක්‌ තමන් තුළ ඇති බවද ඔහු සඳහන් කළේය. (චේ ගෝතමාලාවේ සිටියදී මේ පක්ෂයට බැඳීමට කැමැති වූයේ නැත. ඒ ඔහුට රැකියාවක්‌ ලබා දුන් ගෝතමාලාවේ දේශපාලනඥයන් ඊට වන්දි වශයෙන් කොමියුනිස්‌ට්‌ පක්ෂායට බැඳෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටි නිසාය. මෙහිදී ඔහු රැකියාවත් පක්ෂ  සාමාජිකත්වයත් යන දෙකම ප්රතික්ෂේනප කළේය.) ''කෙසේ නමුත් සියල්ලටම පළමු මා යුරෝපය වටා යා යුතුයි. ඊට පෙර පක්ෂ යට බැඳුණොත් පක්ෂ යේ විනය නීති මගින් මා පක්ෂයට බැඳ තබනවා ඇත...'' ඔහු ලිව්වේය.

මේ අතර මිතුරන් ලෙස පමණක්‌ සිටිමුයි කතිකාකරගත් චේ සහ හිල්ඩා නැවත වතාවක්‌ පෙම්වත්තු බවට පත්වූහ. ඒ 1954 දෙසැම්බරයයි. මෙවර බැම්ම ඉතා දැඩි විය. 1955 එළැඹෙන විට ඔහු හිල්ඩාට කවි පොතක්‌ තෑගි කළේය. යෝසේ හර්නාන්ගුස්‌ විසින් ලියන ලද ''මාර්ටින් ෆියොරෝ'' නමැති මේ පොත චේට කටපාඩම්ය. ඔහු මේ පොතෙන් උපුටාගත් කවි නිතර නිතර හිල්ඩාට කියා තිබිණි. මේ කවිවල තිබූ ඇතැම් න්යායන් හිල්ඩා සමග තිබූ ප්රේම සම්බන්ධයට අනුගත කිරීමට චේ නිතර වග බලා ගත්තේය. පොතේ ග්රන්ථ නාම පිටුවට පෙර ඇති හිස්‌ පිටුවේ චේ මෙසේ ලිවීය. ''හිල්ඩා මගේ අපේක්ෂාරවන්ගේ අනාගතය සහ මගේ අරගලය ඔබ සමගම රැඳී පවත්නේය.'' හිල්ඩා යනු නොහඬන ගැහැනියකි. එහෙත් චේ ලියූ එම වගන්තිය දුටු ඇයට ඇගේ හැඟීම් පාලනය කර ගැනීමට බැරි විය.

මතු සම්බන්දයි

චේ : ලොව අග්‍රගන්‍ය විප්ලවවාදියෙකුගේ ජීවිත කතාව -21 වෙනි කොටස

මෙක්ෂිකෝවට පැමිණීමත් සමගම චේ හා හිල්ඩා අතර වූ පෙම නැවත දළුලා වැඩුනු අයුරු පසු ගිය ලිපියෙන් කතා කළෙමු ..අද එතැන් සිට….

මේ අතර වහා විවාහ විය යුතු යෑයි චේ නැවත වරක්‌ හිල්ඩාට යෝජනා කරන්නට පටන් ගත්තේය. ඇය එයට මුලදී විරුද්ධ වූවාය. එහෙත් මාස කිහිපයක ඇවෑමෙන් චේ හා විවාහ වීමට තම උප විඥානය ස්‌ථිර වශයෙන් තීරණය කර ඇති බව ඇයට දැනිණ. 1955 මැයි මාසයේදී විවාහ වෙමුයි ඔවුහු තීරණය කළෝය. එහෙත් ඔවුන් දෙදෙනා ජාතීන් දෙකකට අයත් වීමත් මැක්‌සිකෝව තුන්වැනි පාර්ශ්වයක්‌ වීම යන පදනමත් මත මේ විවාහය ලියාපදිංචි කරන්නේ කෙසේද යන තාක්ෂ ණික ගැටලුව මැක්‌සිකෝ රජයට ඇති විය.

ඔවුන් ඒ රටේදී නීත්‍යානුකූලව විවාහ වීමට නම් සෑහෙන කලක්‌ එහි පදිංචිකරුවන්ව සිටිය යුතුව තිබිණ. මේ සියලු කරුණු සලකා බැලූ චේ සහ හිල්ඩා විවාහයට අවශ්ය නෛතික පදනම සැකසෙන තෙක්‌ කුඩා තට්‌ටු නිවාසයක පදිංචිවී එකටවාසය කිරීමට පටන් ගත්හ. එක්‌ රැයෙක චේ අමුත්තකු සමග නිවසට පැමිණියේය. මේ අමුත්තා පිදෙල් කැස්‌ත්රො‌ගේ මලණුවන් වූ රාවුල් කස්‌ත්රොය.''රාවුල් තරුණයෙකි. වැඩිම වුණොත් ඔවුට වයස විසි හතරක්‌ වන්නට ඇත. රැවුල සම්පූර්ණයෙන්ම මුඩු කොට සිටි ඔහු මට පෙනුණේ ඊටත් අඩු වයසක විශ්වවිද්යාල ශිෂ්යකයකු ලෙසය. කියුබන් විප්ලවය කොතැනින් පටන් ගත යුතුද යන්න ඔහු මටත් චේටත් වටහා දුන්නේය. විප්ලවය කා සඳහාද යන්නත් කවර කාර්යයක්‌ උදෙසා කළ යුතුද යන්නත් ඔහු ඉතා පැහැදිලි ලෙස කීවේය. ඔහුට සිය සහෝදරයා වූ ෆිදෙල් ගැන ඉමහත් විශ්වාසයක්‌ විය. ඒ ඔහු තම සහෝදරයා වීම නිසා නොව ෆිදෙල්ගේ දේශපාලන නායකත්වය නිසාය.

කියුබාවේත් ලතින් ඇමරිකාවේත් ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයකින් බලය ලබා ගැනීමට නොහැකි හැම විටකම සන්නද්ධ අරගලයක්‌ අත්යවශ්යව බව රාවුල් කස්‌ත්රො ගේ මතය විය. එහෙත් එය බහුජන හදවත් සහිත ජනතාවාදී ජනප්රිය සන්නද්ධ අරගලයක්‌ විය යුතු බව ඔහු කීය.

එය සත්යයකි. නූතන ලෝකයේ බලය හුවමාරු කර ගැනීම සිදුවන්නේ මූලික අවස්‌ථා හතරකට අනුවය. එක්‌කෝ එය රාජාණ්‌ඩුවක්‌ විය යුතුය. එවිට රාජකීය උරුමය අනුව බලය අනන්යතාව පැවරෙයි. එක්‌කෝ එය ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයක්‌ විය යුතුය නැතහොත් බහුජන පදනමක්‌ ඇති සන්නද්ධ අරගලයක්‌ විය යුතුය. නැතහොත් හමුදා කුමන්ත්රණයක්‌ විය යුතුය.කියුබාවේ රාජ්ය බලය පොදු ජනතාවගේ සහයෝගය සහිතව අත්පත් කරගත් කල එරට ධනවාදී සමාජය සමාජවාදී සමාජයක්‌ බවට පරිවර්තනය කළ හැකි බව රාවුල් පැවසීය. හිල්ඩා කියන පරිදි කොමියුනිස්‌ට්‌ මතධාරියකු වූ රාවුල් සෝවියට්‌ සංගමය කෙරෙහි මහත් පැහැදීමකින් පැවසීය. සන්නද්ධ අරගලය ස්‌ථිර වශයෙන්ම ඇමරිකන් විරෝධී විය යුතු බව රාවුල් කීවේය.

රාවුල් කස්‌ත්රෝගේ පළමු පැමිණීමෙන් පසු සතියක්‌ පමණ ගත වීමෙන් ඉක්‌බිති ඔහු නිතරම ගෙවාරා නිවසට එන්නට පටන් ගෙන, එම පවුලේ නිත්ය සාමාජිකයෙක්‌ බවට පත්විය. මේ අතර ෆිදෙල් කස්‌ත්රෝ මැක්‌සිකෝවට එන බවට ආරංචියක්‌ පැතිර ගියේය. ගෙවාරා යුවළ රාවුල් ද සමඟ ඔහු පිළිගැනීමට මග බලා සිටියහ. මේ වන විට ඊට පෙර වසරක ජුලි 26 වැනිදා කියුබානු ආඥාදායක බැටිස්‌ටාගේ ආණ්‌ඩුවට අයත් මොන්කාඩා හමුදා කඳවුරට පහර දීම නිසා ෆිදෙල් කස්‌ත්රෝ ලතින් ඇමරිකාව පුරා මහත් සේ ජනප්රියව සිටි පුද්ගලයෙකි.

1955 ජුලි මාසයේ මුල හරියේදී ෆිදෙල් මැක්‌සිකෝවට පැමිණියේය. චේ මුල්වරට ඔහු හමුවන්නේ කියුබානු කාන්තාවක සමඟ විවාහ වී සිටි මැක්‌සිකන් ජාතිකයකුගේ නිවසේදී ය. රාත්රියේදී සාකච්ඡා කරන්නට පටන් ගත් චේ සහ කස්‌ත්රෝ පුරා පැය 10 ක්‌ අඛණ්‌ඩ ලෙස එම සංවාදය පවත්වා ගෙන ගියේය. ලතින් ඇමරිකාව සහ ජාත්යන්තර සම්බන්ධතා ඔවුන්ගේ ප්රධාන මාතෘකාව විය. ආපසු හැරී පැමිණි චේ සත්යගරුක ලතින් ඇමරිකානුවකු ෆිදෙල් කස්‌ත්රෝර තුළ සිටින බව හිල්ඩාට පැවැසීය.

අනතුරුව ෆිදෙල් රාත්රි භෝජන සංග්රහයකට ගෙවාරා යුවළගේ නිවසට එයි. "තිස්‌ හැවිරිදි මේ තරුණයා අඩි 6 ක්‌ උස ඉතා හොඳින් වැඩුණු කයක්‌ සහිත නිරෝගී මිනිසෙකි" යි හිල්ඩා එදා තම දිනපොතෙහි ලීවාය. "ඔහු මගේ හිතේ ඇඳී තිබූ විප්ලවීය නායකයා නොවේ. ඔහුගේ පෙනුම ධනපති සංචාරකයකුගේ විලාසය ගත්තේය........." ඇය සඳහන් කළාය.

කස්‌ත්රෝ මැක්‌සිකෝවට පැමිණ සිටියේ කියුබන් විප්ලවය උදෙසා කැප වීමෙන් යුතුව ක්රියා කළ හැකි තරුණ පිරිසක්‌ එකතු කර ගරිල්ලා හමුදාවක්‌ හදා ඔවුන්ට අවි පුහුණුවක්‌ ලබා දීමටය. එම තරුණ පිරිස සමඟ කියුබාවට ගොස්‌ බැටිස්‌ටාගේ ඇමරිකන් උදව් ලබන හමුදාවට පහර දී පරාජය කිරීම ඔහුගේ අරමුණ විය. කියුබාවට කඩාවදින තරුණ හමුදාව විප්ලවයට එකු වන ලෙසට පොදු ජනතාවට ආරාධනා කිරීම කස්‌ත්රෝ ගේ ක්රමෝපාය විය. බැටිස්‌ටාගේ රාජ්ය පාලන යන්ත්රය ඒ වන විට ඉතා දරුණු ලෙස කුණු වෙමින් පැවැතියේය. කස්‌ත්රෝ‍ ගේ සගයන් කියුබාව තුළට කාන්දු වී විප්ලවයට උදව් කරන ජනතා කොමිටි පිහිටුවමින් සිටියහ. මේ ගැන කතා කරමින් සිටි දිනක කස්‌ත්රෝ හිල්ඩාට මෙසේ කීවේය. "කියුබන් විප්ලවය වූ කලී ඇමරිකානුවන්ට විරුද්ධ වන ඇමරිකන් මහාද්වීපය තුළ දියත් කිරීමට නියමිත සටනෙහිම කොටසකි. වැනිසියුලාවේ ඉපිද, ස්‌පාඤ්ඤ ආක්රමණකාරීන්ගෙන් ලතින් ඇමරිකාව නිදහස්‌ කර ගැනීමේ මහා සටනට නායකත්වය දුන් 'සයිමන් බොලිවර්' මෙයට දශක බොහෝ ගණනකට පෙර කියුබාවේ ඇති වීමට යන අධිරාජ්ය විරෝධී අරගලය හා සමාන අරගල ගැන අනාවැකි පළකර ඇති බව ද කස්‌ත්රෝ ගිල්ඩාට කීවේය. කස්‌ත්රෝ ගේ දේශනවලින් උද්දාමයට පත් වූ හිල්ඩා කියුබන් විප්ලවයට එකතුවීමට ක්ෂණිකව තීරණය කළාය. කස්‌ත්රෝ සිය සටන්කාමී කණ්‌ඩායමට කාන්තාවන් එකතු කර ගන්නේ දැයි හිල්ඩා විසින් චේ ගෙන් විමසන ලදී. "ඔබ වැනි තරුණියන් එකතු කර ගැනීමට කස්‌ත්රෝ කැමැති වේවි. එහෙත් මෙය ඉතා දුෂ්කර කටයුත්තක්‌....." එය චේගේ අදහසය.

මතු සම්බන්දයි
චේ : ලොව අග්‍රගන්‍ය විප්ලවවාදියෙකුගේ ජීවිත කතාව -21 වෙනි කොටස 

නල මුදු සුවඳ මැද දැයකට දෙන       අභය 
සලකුණු මැවේ මිහිමව පෙර මග     සුබය 
සැලමුතු පෙමින් මතු කල උල්පත    නිබය 
එළඹුණු  යුගය අබිබෙව් මිනිසා      නුඹය 

චේ : ලොව අග්‍රගන්‍ය විප්ලවවාදියෙකුගේ ජීවිත කතාව -22 වෙනි කොටස

චේ හා පිදෙල් කස්ත්‍රෝ අතර පළමු හමුවීම පිළිබඳව පසු ගිය ලිපියෙන් කතා කළෙමු. ..අද එතැන් සිට ....
.
මෙහිදී සඳහන් කළ යුතු වැදගත් ම කාරණය වන්නේ කියුබන් විප්ලවයට සහයෝගය දිය යුතුද නැද්ද යන්න ඒ වන විටත් චේ තීරණය කර නොතිබීය. දින කිහිපයකට පසු චේ හිල්ඩාගෙන් මෙසේ ප්‍රශ්න කරයි.
"කියුබාව කියන්නේ දූපතක්‌. මේ දූපතේ වෙරළ තීරය සම්පූර්ණයෙන් ම ආරක්‍ෂා කරන්නේ ඇමරිකන් උදව් ලබන ආරක්‍ෂක හමුදාවක්‌. මෙවැනි අන්තරාකාරී තැනක්‌ ආක්‍රමණය කරන්නට මේ කියුබානුවන් තුළ තිබෙන අදහස ගැන ඔබ මොනවද හිතන්නේ......?" චේ තමාගෙන් විමසන්නේ විප්ලවයට එක්‌වීම සුදුසු ද නැද්ද යන කාරණය බව හිල්ඩා තේරුම් ගත්තාය. චේ කියුබන් විප්ලවයට ගියොත් හිල්ඩාගෙන් ඔහුගේ වෙන්වීම සිදුවෙයි. ඊටත් අමතරව එය ඉතා අන්තරාදායක මෙයෙමකි. ඒ සියලු කරුණු අමතක කළ ඇය මෙසේ කීවාය

"මෙය පිස්‌සු අදහසක්‌ බව ඇත්ත. එහෙත් කවුරු හෝ මෙය පටන් ගත යුතුයි."
මහත් ශෝකයෙන් සහ ආදරයෙන් ඇය වැළඳගත් චේ තමා මේ ප්‍රශ්නය නැගුවේ කියුබන් විප්ලවය සම්බන්ධයෙන් තීරණයක්‌ ගැනීමට බවත් ඇය දුන් පිළිතුර මත කියුබන් හමුදාවේ වෛද්‍යවරයා ලෙස පිදෙල් සමඟ සටන් බිමට යන බවත් හිල්ඩාට කීවේය. චේ සහ හිල්ඩා අතර ප්‍රේමයට කඳුළු නොවීය. විප්ලවීය කාර්යයක්‌ උදෙසා සිය සැමියා අහිමි කර ගැනීමට සිදුවීම ගැන ඇය තුළ දුකක්‌ නො උපන්නාය. නමුත් සිය සැමියා සහ ආදරණීය පෙම්වතා අහිමි වීම ගැන ඇය බලවත් ලෙස දුක්‌ වූවාය. එහෙත් විලාප තැබීමක්‌ හෝ දිගු වේලාවක්‌ ඔහු තුරුළු කරගෙන සමුදීමක්‌ සිදුවූයේ නැත. මේ සංවාදයෙන් පසු චේ අඹු සැමි සම්බන්ධකම් හෝ පවුල කැඩී යැම ගැන වචනයක්‌වත් කතා නොකර ළඟ එන කියුබන් විප්ලවය ගැන පමණක්‌ කතා කරන්නට විය.
කියුබන් ආඥාදායක බැටිස්‌ටාගේ මොන්කාඩෝ කඳවුරට පහර දීම සිදු වූයේ ජුනි 26 වනදා වන නිසා කස්‌ත්‍රෝ කියුබන් විප්ලවීය ව්‍යාපාරයට නම තබන ලද්දේ "ජුලි 26 ව්‍යාපාරය" ලෙසය. චේ කියුබන් විප්ලවයට සම්බන්ධ වීම ගැන කස්‌ත්‍රෝ සිය දිනපොතේ මෙසේ ලිවීය. ගෝතමාලාවේ සිදු වූ සිද්ධින් සමුදාය සමඟ ලද අමිහිරි අත්දැකීම් නිසාද, එම රටට එරෙහිව එල්ල කරන ලද යටිකූට්‌ටු ආක්‍රමණය නිසාද, අරගලය සඳහා තිබූ උනන්දුව නිසා ද මා සමග පැවැති සාකච්ඡා කිහිපයකින් පසු කියුබන් විප්ලවයට එක්‌වීමට චේ වහාම තීරණය කළේය. ඒ අනුව ඔහු අපගේ විප්ලවකාරී කණ්‌ඩායමකට බැඳුණේය.

එම අවුරුද්දේ අගෝස්‌තු මුල හරිය වන විට හිල්ඩා ගැබ් ගත්තාය. ඒ බව චේට දන්වන ලද කල්හි ඔහු මහත්සේ සතුටට පත්විය. වහා විවාහ විය යුතු බවත්, හිල්ඩා ගැබ් ගත් බව ඇගේ සහ තමාගේ දෙමාපියන්ට දැන්විය යුතු බවත් චේ කීවේය. ආර්ජන්ටිනා තානාපති කාර්යාලයේදී විවාහ වීමට සියලු කටයුතු වහා සංවිධානය කරන ලදී. අවසන් මොහොතේදී විවාහ වන තැන පිළිබඳ තීරණය වෙනස්‌ කළ චේ මැක්‌සිකෝවේ සුන්දර නගරයක නගරාධිපති වූ තම හිත මිතුරකුගේ නිවසේදී 1955 අගොස්‌තු 18 වැනිදා විවාහ වූහ. මේ විවාහෝත්සවයට රාවුල් කස්‌ත්‍රෝ සහ වැනිසියුලානු කිවිඳියක වූ ලුසිලා වෙල්ස්‌කෝ සහභාගි වූහ. ලුසිලා හිල්ඩාගේ මිතුරියකි.

තම විවාහ මංගල්‍යය විප්ලවීය සහෝදරත්වය නිරූපණය කළ අපූරු උත්සවයක්‌ වී යෑයි හිල්ඩා පසු කාලයේදී පැවැසුවාය. මංගල භෝජනය පිළියෙළ කළේ චේ ය. එය ආර්ජන්ටිනාවේ සම්ප්‍රදායට අනුව පිළියෙළ වූවකි. මෙයට ෆිදෙල් කස්‌ත්‍රෝ ද සහභාගි විය. ඉදිරි දින කිහිපය තුළ සිය මවුපියන්ට ද මිතුරු මිතුරියන්ට ද කේබල් පණිවුඩ යවමින් ඔවුහු විවාහය ගැන දැනුම් දුන්හ. හිල්ඩාගේ මාපියෝ ඇයට මුදල් සහිත කවරයක්‌ පීරු රාජ්‍යයේ සිට එවමින් විවාහයට ආරාධනා නොකිරීම ගැන දොස්‌ පැවරූ ලිපියක්‌ ලියූහ. සියලු අතපසුවීම් ගැන සමාව ඉල්ලමින් චේ හිල්ඩාගේ මාපියන්ට ලිපියක්‌ යෑවීය. "අප මුලින්ම කරන්නේ අපගේ පුතා වන "දොන් අර්නස්‌ටෝ උපදින තුරු බලා සිටීමය. ( ඒ දියණියක්‌ වුණොත් නම මාරු කිරීමට සිදුවේ.) අපි විප්ලවවලින් පසු අනාගතයේ දවසක පීරු රාජ්‍යයේ (හිල්ඩාගේ මවු රට) පදිංචි වීමට තීරණය කර ඇත්තෙමු. නැතහොත් මගේ මවුපියන් සිටින ආර්ජන්ටිනාවට යන්නෙමු. අපට යුරෝපයේත් ඉන්දියාවේත් චීනයේත් සංචාරය කිරීමට අවශ්‍යය. මට නව චීනය ගැන මහත් හැඟීමක්‌ තිබේ. මගේ දේශපාලන පරමාදර්ශයන් එහි තිබෙන බව මට පෙනේ. අපගේ විවාහ ජීවිතය ඔබගේ ජීවිතයට වඩා වෙනස්‌ ය. හිල්ඩා දිනකට පැය 8 ක්‌ වැඩ කරයි. මම බොහෝ විට පැය 12 ක්‌ වැඩ කරමි. මෙය ඉතා දුෂ්කර ජීවිතයකි. අන් සියලු දුක්‌ විඳින්නන් ද සමඟ ජය ගත යුතු ජීවිතයකි.

ඉතා කෙටි කාලයක්‌ තුළ චේ, අනාගත කියුබන් විප්ලවයේ කොටස්‌කාරයකු වනු හිල්ඩා දුටුවාය. චේ රාවුල් සහ ෆිදෙල් නිතර හමුවී සාකච්ඡා කළේය. මේ හමුවීම් හැමවිටම පාහේ සිදු කෙරුණේ චේ සහ හිල්ඩා ජීවත් වූ තට්‌ටු නිවාසයේය. තමන්ට පිටරටින් එන ලිපි සියල්ල හිල්ඩා බාරේ ගෙන්වා ගැනීමට චේ කටයුතු කළේය. කිසියම් ලිපියක්‌ එන්නේ කියුබාව හෝ ඇමරිකාව යන රටවල් දෙකින් එකකින් නම් චේ එම ලිපි ගැන විශේෂ සැලකිල්ලක්‌ දැක්‌වීමටත් ඒවා විවෘත කිරීමේදී පරෙස්‌සම් වීමටත් චේ වගබලා ගත්තේය. 1955 දෙසැම්බරය වන විට කියුබන් විප්ලවය ඇරඹීම සඳහා එරටට යැමට සුදුසු කාලය ළඟ එන බව කැරළිකරුවෝ තීරණය කළහ. 1956 ජනවාරි වන විට විප්ලවයට මුහුණ දීම සඳහා කායිකව සූදානම් වීමට ඔවුහු පටන් ගත්හ. චේ ඉදිරි සටනේදී ප්‍රයෝජනවත් වනු පිණිස තම සිරුරේ බර අඩු කර ගැනීම සඳහා අඩුවෙන් ආහාර ගන්නට පටන් ගත්තේය. කාය සංවර්ධන මධ්‍යස්‌ථානයකට ගිය ඔහු ජුඩෝ සහ ආත්මාරක්‌ෂක සටන් ක්‍රම පුහුණු විය. ආර්ථික විද්‍යාව ගැන පුළුල් ලෙස හදාරමින් සෑම සතියකට වරක්‌ම ආර්ථික විද්‍යා පොතක්‌ කියවා හිල්ඩා සමග ඒ ගැන සාකච්ඡා කරන්නට විය. ඔහු හිල්ඩා වෙතින් ටයිප් රයිටරය පාවිච්චි කිරීමට උගත්තාය. කියුබාව ආක්‍රමණය කිරීමේදී ඇතිවිය හැකි ප්‍රතිවිපාක ගැන ඔවුහු සාකච්ඡා කළහ. චේ සහ හිල්ඩා, රාවුල් සහ ෆිදෙල් හමුවීමට පෙර අප්‍රිකාව බලා ගොස්‌ වැඩිදුර ඉගෙනීමට තීරණය කර තිබිණ. එම තීරණය අත්හැර දමන ලදී.

චේ කියුබානු විප්ලවය විජයග්‍රහණය කිරීම තම ඒකායන අරමුණ කරගත්තෙක්‌ නොවේ. ඔහුට අවශ්‍යව තිබුණේ ලතින් ඇමරිකාව තුළ තිබෙන ඇමරිකන් ව්‍යාප්ත වාදයට විරුද්ධව සටන් කිරීමය. එය පුළුල් කාරියකි. මේ බව දැන සිටි හිල්ඩා චේ ගේ අරමුණ උදෙසා නිරන්තර සහය දුන්නාය. එහෙත් කියුබන් විප්ලවයට සහභාගි වීමට තමන්ට නොහැකි බවත් මෝරා එන ගැබ තුළ සිටින දරුවා ආරක්‌ෂා කළ යුතු බවත් ක්‍රමයෙන් ඇයට වැටහෙන්නට විය. කෙසේ වුවද චේ, ෆිදෙල් සහ රාවුල්ගේ විප්ලවීය ව්‍යාපාරයට සහය දීමටත්, එකී ව්‍යාපාරයේ ප්‍රචාරක යාන්ත්‍රණය මෙහෙයවීමේ කාරියට උර දීටමත් අවසන් වශයෙන් ඇය තීSරණය
ඇය තීSරණය කළාය.  
                                                                          මතු සම්බන්දයි....
චේ : ලොව අග්‍රගන්‍ය විප්ලවවාදියෙකුගේ ජීවිත කතාව -22 වෙනි කොටස 

නල මුදු සුවඳ මැද දැයකට දෙන    අභය 
සලකුණු මැවේ මිහිමව පෙර මග    සුබය 
සැලමුතු පෙමින් මතු කල උල්පත    නිබය 
එළඹුණු යුගය අබිබෙව් මිනිසා      නුඹය 

චේ හා පිදෙල් කස්ත්‍රෝ අතර පළමු හමුවීම පිළිබඳව පසු ගිය ලිපියෙන් කතා කළෙමු. ..අද එතැන් සිට ....
.
මෙහිදී සඳහන් කළ යුතු වැදගත් ම කාරණය වන්නේ කියුබන් විප්ලවයට සහයෝගය දිය යුතුද නැද්ද යන්න ඒ වන විටත් චේ තීරණය කර නොතිබීය. දින කිහිපයකට පසු චේ හිල්ඩාගෙන් මෙසේ ප්‍රශ්න කරයි.
 "කියුබාව කියන්නේ දූපතක්‌. මේ දූපතේ වෙරළ තීරය සම්පූර්ණයෙන් ම ආරක්‍ෂා කරන්නේ ඇමරිකන් උදව් ලබන ආරක්‍ෂක හමුදාවක්‌. මෙවැනි අන්තරාකාරී තැනක්‌ ආක්‍රමණය කරන්නට මේ කියුබානුවන් තුළ තිබෙන අදහස ගැන ඔබ මොනවද හිතන්නේ......?" චේ තමාගෙන් විමසන්නේ විප්ලවයට එක්‌වීම සුදුසු ද නැද්ද යන කාරණය බව හිල්ඩා තේරුම් ගත්තාය. චේ කියුබන් විප්ලවයට ගියොත් හිල්ඩාගෙන් ඔහුගේ වෙන්වීම සිදුවෙයි. ඊටත් අමතරව එය ඉතා අන්තරාදායක මෙයෙමකි. ඒ සියලු කරුණු අමතක කළ ඇය මෙසේ කීවාය

"මෙය පිස්‌සු අදහසක්‌ බව ඇත්ත. එහෙත් කවුරු හෝ මෙය පටන් ගත යුතුයි." 
මහත් ශෝකයෙන් සහ ආදරයෙන් ඇය වැළඳගත් චේ තමා මේ ප්‍රශ්නය නැගුවේ කියුබන් විප්ලවය සම්බන්ධයෙන් තීරණයක්‌ ගැනීමට බවත් ඇය දුන් පිළිතුර මත කියුබන් හමුදාවේ වෛද්‍යවරයා ලෙස පිදෙල් සමඟ සටන් බිමට යන බවත් හිල්ඩාට කීවේය. චේ සහ හිල්ඩා අතර ප්‍රේමයට කඳුළු නොවීය. විප්ලවීය කාර්යයක්‌ උදෙසා සිය සැමියා අහිමි කර ගැනීමට සිදුවීම ගැන ඇය තුළ දුකක්‌ නො උපන්නාය. නමුත් සිය සැමියා සහ ආදරණීය පෙම්වතා අහිමි වීම ගැන ඇය බලවත් ලෙස දුක්‌ වූවාය. එහෙත් විලාප තැබීමක්‌ හෝ දිගු වේලාවක්‌ ඔහු තුරුළු කරගෙන සමුදීමක්‌ සිදුවූයේ නැත. මේ සංවාදයෙන් පසු චේ අඹු සැමි සම්බන්ධකම් හෝ පවුල කැඩී යැම ගැන වචනයක්‌වත් කතා නොකර ළඟ එන කියුබන් විප්ලවය ගැන පමණක්‌ කතා කරන්නට විය.
කියුබන් ආඥාදායක බැටිස්‌ටාගේ මොන්කාඩෝ කඳවුරට පහර දීම සිදු වූයේ ජුනි 26 වනදා වන නිසා කස්‌ත්‍රෝ කියුබන් විප්ලවීය ව්‍යාපාරයට නම තබන ලද්දේ "ජුලි 26 ව්‍යාපාරය" ලෙසය. චේ කියුබන් විප්ලවයට සම්බන්ධ වීම ගැන කස්‌ත්‍රෝ සිය දිනපොතේ මෙසේ ලිවීය. ගෝතමාලාවේ සිදු වූ සිද්ධින් සමුදාය සමඟ ලද අමිහිරි අත්දැකීම් නිසාද, එම රටට එරෙහිව එල්ල කරන ලද යටිකූට්‌ටු ආක්‍රමණය නිසාද, අරගලය සඳහා තිබූ උනන්දුව නිසා ද මා සමග පැවැති සාකච්ඡා කිහිපයකින් පසු කියුබන් විප්ලවයට එක්‌වීමට චේ වහාම තීරණය කළේය. ඒ අනුව ඔහු අපගේ විප්ලවකාරී කණ්‌ඩායමකට බැඳුණේය.

එම අවුරුද්දේ අගෝස්‌තු මුල හරිය වන විට හිල්ඩා ගැබ් ගත්තාය. ඒ බව චේට දන්වන ලද කල්හි ඔහු මහත්සේ සතුටට පත්විය. වහා විවාහ විය යුතු බවත්, හිල්ඩා ගැබ් ගත් බව ඇගේ සහ තමාගේ දෙමාපියන්ට දැන්විය යුතු බවත් චේ කීවේය. ආර්ජන්ටිනා තානාපති කාර්යාලයේදී විවාහ වීමට සියලු කටයුතු වහා සංවිධානය කරන ලදී. අවසන් මොහොතේදී විවාහ වන තැන පිළිබඳ තීරණය වෙනස්‌ කළ චේ මැක්‌සිකෝවේ සුන්දර නගරයක නගරාධිපති වූ තම හිත මිතුරකුගේ නිවසේදී 1955 අගොස්‌තු 18 වැනිදා විවාහ වූහ. මේ විවාහෝත්සවයට රාවුල් කස්‌ත්‍රෝ සහ වැනිසියුලානු කිවිඳියක වූ ලුසිලා වෙල්ස්‌කෝ සහභාගි වූහ. ලුසිලා හිල්ඩාගේ මිතුරියකි.

තම විවාහ මංගල්‍යය විප්ලවීය සහෝදරත්වය නිරූපණය කළ අපූරු උත්සවයක්‌ වී යෑයි හිල්ඩා පසු කාලයේදී පැවැසුවාය. මංගල භෝජනය පිළියෙළ කළේ චේ ය. එය ආර්ජන්ටිනාවේ සම්ප්‍රදායට අනුව පිළියෙළ වූවකි. මෙයට ෆිදෙල් කස්‌ත්‍රෝ ද සහභාගි විය. ඉදිරි දින කිහිපය තුළ සිය මවුපියන්ට ද මිතුරු මිතුරියන්ට ද කේබල් පණිවුඩ යවමින් ඔවුහු විවාහය ගැන දැනුම් දුන්හ. හිල්ඩාගේ මාපියෝ ඇයට මුදල් සහිත කවරයක්‌ පීරු රාජ්‍යයේ සිට එවමින් විවාහයට ආරාධනා නොකිරීම ගැන දොස්‌ පැවරූ ලිපියක්‌ ලියූහ. සියලු අතපසුවීම් ගැන සමාව ඉල්ලමින් චේ හිල්ඩාගේ මාපියන්ට ලිපියක්‌ යෑවීය. "අප මුලින්ම කරන්නේ අපගේ පුතා වන "දොන් අර්නස්‌ටෝ උපදින තුරු බලා සිටීමය. ( ඒ දියණියක්‌ වුණොත් නම මාරු කිරීමට සිදුවේ.) අපි විප්ලවවලින් පසු අනාගතයේ දවසක පීරු රාජ්‍යයේ (හිල්ඩාගේ මවු රට) පදිංචි වීමට තීරණය කර ඇත්තෙමු. නැතහොත් මගේ මවුපියන් සිටින ආර්ජන්ටිනාවට යන්නෙමු. අපට යුරෝපයේත් ඉන්දියාවේත් චීනයේත් සංචාරය කිරීමට අවශ්‍යය. මට නව චීනය ගැන මහත් හැඟීමක්‌ තිබේ. මගේ දේශපාලන පරමාදර්ශයන් එහි තිබෙන බව මට පෙනේ. අපගේ විවාහ ජීවිතය ඔබගේ ජීවිතයට වඩා වෙනස්‌ ය. හිල්ඩා දිනකට පැය 8 ක්‌ වැඩ කරයි. මම බොහෝ විට පැය 12 ක්‌ වැඩ කරමි. මෙය ඉතා දුෂ්කර ජීවිතයකි. අන් සියලු දුක්‌ විඳින්නන් ද සමඟ ජය ගත යුතු ජීවිතයකි.

ඉතා කෙටි කාලයක්‌ තුළ චේ, අනාගත කියුබන් විප්ලවයේ කොටස්‌කාරයකු වනු හිල්ඩා දුටුවාය. චේ රාවුල් සහ ෆිදෙල් නිතර හමුවී සාකච්ඡා කළේය. මේ හමුවීම් හැමවිටම පාහේ සිදු කෙරුණේ චේ සහ හිල්ඩා ජීවත් වූ තට්‌ටු නිවාසයේය. තමන්ට පිටරටින් එන ලිපි සියල්ල හිල්ඩා බාරේ ගෙන්වා ගැනීමට චේ කටයුතු කළේය. කිසියම් ලිපියක්‌ එන්නේ කියුබාව හෝ ඇමරිකාව යන රටවල් දෙකින් එකකින් නම් චේ එම ලිපි ගැන විශේෂ සැලකිල්ලක්‌ දැක්‌වීමටත් ඒවා විවෘත කිරීමේදී පරෙස්‌සම් වීමටත් චේ වගබලා ගත්තේය. 1955 දෙසැම්බරය වන විට කියුබන් විප්ලවය ඇරඹීම සඳහා එරටට යැමට සුදුසු කාලය ළඟ එන බව කැරළිකරුවෝ තීරණය කළහ. 1956 ජනවාරි වන විට විප්ලවයට මුහුණ දීම සඳහා කායිකව සූදානම් වීමට ඔවුහු පටන් ගත්හ. චේ ඉදිරි සටනේදී ප්‍රයෝජනවත් වනු පිණිස තම සිරුරේ බර අඩු කර ගැනීම සඳහා අඩුවෙන් ආහාර ගන්නට පටන් ගත්තේය. කාය සංවර්ධන මධ්‍යස්‌ථානයකට ගිය ඔහු ජුඩෝ සහ ආත්මාරක්‌ෂක සටන් ක්‍රම පුහුණු විය. ආර්ථික විද්‍යාව ගැන පුළුල් ලෙස හදාරමින් සෑම සතියකට වරක්‌ම ආර්ථික විද්‍යා පොතක්‌ කියවා හිල්ඩා සමග ඒ ගැන සාකච්ඡා කරන්නට විය. ඔහු හිල්ඩා වෙතින් ටයිප් රයිටරය පාවිච්චි කිරීමට උගත්තාය. කියුබාව ආක්‍රමණය කිරීමේදී ඇතිවිය හැකි ප්‍රතිවිපාක ගැන ඔවුහු සාකච්ඡා කළහ. චේ සහ හිල්ඩා, රාවුල් සහ ෆිදෙල් හමුවීමට පෙර අප්‍රිකාව බලා ගොස්‌ වැඩිදුර ඉගෙනීමට තීරණය කර තිබිණ. එම තීරණය අත්හැර දමන ලදී.

චේ කියුබානු විප්ලවය විජයග්‍රහණය කිරීම තම ඒකායන අරමුණ කරගත්තෙක්‌ නොවේ. ඔහුට අවශ්‍යව තිබුණේ ලතින් ඇමරිකාව තුළ තිබෙන ඇමරිකන් ව්‍යාප්ත වාදයට විරුද්ධව සටන් කිරීමය. එය පුළුල් කාරියකි. මේ බව දැන සිටි හිල්ඩා චේ ගේ අරමුණ උදෙසා නිරන්තර සහය දුන්නාය. එහෙත් කියුබන් විප්ලවයට සහභාගි වීමට තමන්ට නොහැකි බවත් මෝරා එන ගැබ තුළ සිටින දරුවා ආරක්‌ෂා කළ යුතු බවත් ක්‍රමයෙන් ඇයට වැටහෙන්නට විය. කෙසේ වුවද චේ, ෆිදෙල් සහ රාවුල්ගේ විප්ලවීය ව්‍යාපාරයට සහය දීමටත්, එකී ව්‍යාපාරයේ ප්‍රචාරක යාන්ත්‍රණය මෙහෙයවීමේ කාරියට උර දීටමත් අවසන් වශයෙන් ඇය තීSරණය කළාය.

මතු සම්බන්දයි....
චේ : ලොව අග්‍රගන්‍ය විප්ලවවාදියෙකුගේ ජීවිත කතාව -23 වෙනි කොටස

'සියල්ලටම පෙර මගේ පුතා ගැන සඳහන් කරන විට කියන්නට ඇත්තේ ඔහුට අයර්ලන්ත විමුක්තිකාමීන්ගේත් , ස්පාන්ඥ රණකාමීන්ගේත් , ආජන්ටිනියානු දේශප්‍රේමීන්ගේත් ලේ මිශ්‍රවී බිහි වූ දරුවෙකු බවයි.ඔහුට ලොව හමුවේ විසදීමට පැනයක් උරුමයෙන් ලැබී තිබුණි. නොනවතින විමුක්ති අරගලයක නියැළුණි ඔහුගේ මුතුන් මිත්තන්ගේ රුහිරු මිශ්‍රවූ නිසාම අයුක්තිය අසාදාරනය ඉදිරියේ ඔහු වෙව්ළුම් කෑවේය. කුඩා කල සිටම අප ඔහු ගෙන් දුටු නිර්භයත්වය හා නව අදහස් වලට ඇති කෑදර කම නිසාම අප ඔහුගේ අනාගතය කල් තියාම දුටු වෙමු "

අර්නෙස්ටෝ ගුවේරා ලින්ච්---චේ ගේ පියා..

ෆිදෙල් සහ රාවුල්ගේ විප්ලවීය ව්‍යාපාරයට සහය දීමටත්, එකී ව්‍යාපාරයේ ප්‍රචාරක යාන්ත්‍රණය මෙහෙයවීමේ කාරියටත් හිල්ඩා එකග වූ අයුරුත් , චේ කියුබානු අරගලයට මුල් අඩිතාලම දමන අයුරුත් පසු ගිය ලිපියෙන් කතා කළෙමු..අද එතැන් සිට.
1956 පෙබරවාරි 15 වනදා හිල්ඩා දැරියක ප්‍රසූත කළාය. ගර්භනී සමයේ අවසන් කොටසේ සිට දරුවා ප්‍රසූත කරන අවස්‌ථාවේ සූතිකාගාරයේ සිට ඇගේ අත දැඩිව අල්ලාගෙන ප්‍රසූතිය සඳහා තම ආධ්‍යාත්මික දායකත්වය දීමට චේ සමත් විය. උපදින දරුවා පිරිමි ළමයකු වී නම් ඔහුට නම තැබීමේ අයිතිය හිල්ඩාටද උපදින දරුවා ගැහැනු ළමයකු වී නම් ඇයට නම තැබීමේ අයිතිය චේටද හිමිවන පරිදි පූර්ව එකඟත්වයක්‌ ඔවුන් අතර විය. දැරියට චේ විසින් හිල්ඩා බියට්‍රිස්‌ යන නම තබන ලදී. මුල් නම හිල්ඩාට ගරු කිරීම සඳහාය. දෙවන නම චේ ඉගෙන ගන්නා කාලයේදී ඔහුට තේ, කෝපි පිළියෙල කර දෙමින් එළිවනතුරු අවදිව සිටි ආදරණීය නැන්දනිය වූ බියට්‍රිස්‌ ගුවේරා සිහි වනු පිණිසය. දරුවා බැලීමට මුලින්ම පැමිණියේ ෆිදෙල් කස්‌ත්‍රෝය. දරුවා මුලින්ම අතට ගත් අමුත්තා වූයේද ඔහුය. දරුවා දෝතින් ගත් ෆිදෙල් "මේ කෙල්ල ඉගෙන ගන්නේ අනාගත කියුබාවේය"යි කීවේය. ෆිදෙල්ගේ ස්‌වරය අනුව ඔහු කියුබන් විප්ලවය ජය ගන්නා බවත්, නව කියුබාවක්‌ බිහි කරනු ඇති බවත් දැරිය ස්‌ථිර වශයෙන්ම කියුබාවේදී අධ්‍යාපනය ලබනු ඇති බවත් හිල්ඩා තීරණය කළාය.

හිල්ඩා බියට්‍රිස්‌ ේ පැමිණීමත් සමගම චේ කාර්ය බහුල පියෙක්‌ බවට පත් විය. ඔහු කියුබන් විප්ලවකරුවන් සහ තම නිවස අතර එහා මෙහා ගියේය. ඔහු දැරිය සමග ඇයට නොතේරෙන සෙල්ලම් කළාය. දැරියට සති කිහිපයක්‌ ගත වෙද්දී හිල්ඩාට බරපතළ උණක්‌ වැළඳින. කියුබන් විප්ලවයට සුදානම් වන කාර්ය බහුල අවස්තාවක වුවද චේ යහපත් සාම්ප්‍රදායික සැමියකු බවට පත්වී ගෙදර නතර වී හිල්ඩාට සාත්තු සප්පායම් කරන්නට පටන් ගත්තේය. ඒ දිනවල දියණියගේ කටයුතු සම්පූර්ණයෙන්ම කෙරුණේ ඔහු අතිනි. මේ කාලයේදී යුද්ධ සහ විමුක්‌ති සටන් පිළිබඳ පතපොත ඔවුහු කියෑවූහ. විශේෂයෙන්ම චීන විප්ලවය කෙරෙහි ඔවුන් තුළ වූයේ විශාල උනන්දුවකි. දෙවන ලෝක යුද සමයේදී රුසියාවේ සහ නැගෙනහිර යුරෝපයේ රටවල නාසි හමුදා හැසිරුණු දුෂ්ට ආකාරය ගැන ඔවුහු පොත් කියවමින් සාකච්ඡා කළහ.

මේ අතර ෆිදෙල්, බායෝ නමැති සිය හිත මිත්‍ර කර්නල්වරයකු සමඟ එකතු වී මැක්‌සිකෝ නගරයෙන් පිටත රහසිගත ගරිල්ලා පුහුණු කඳවුරක්‌ ආරම්භ කළේය. කඳවුර පිහිටියේ "වැල්ෆේ" නමැති කඳුකර ප්‍රදේශයේය. මේ කඳවුරේ පුහුණුව සඳහා ෆිදෙල් විසින් ගෙනෙන ලද පළමුවන කණ්‌ඩායම 80 කින් සමන්විත විය. මෙයට චේද සහභාගි විය. ටික දිනකින්ම තම හොඳම සටන් ශිෂ්‍යයා ලෙස චේ නම් කිරීමට කර්නල් බායෝ පියවර ගත්තේය. මෙය අලුත් තත්ත්වයකි. එතැන් සිට සටන්කරුවන් පුහුණු කිරීමේ අයිතිය චේටද ලැබෙයි. මෙතෙක්‌ කලක්‌ අර්නස්‌ටෝ ගෙවාරා ලෙස හඳුන්වන ලද ආර්ජන්ටිනා ජාතික තරුණයාට "චේ" යන නම ලැබෙන්නේ මේ පුහුණු කඳවුරේදී ෆිදෙල්ගේ සගයන් වෙතිනි. චේ යනු මිත්‍රශීලීත්වය හඟවන ස්‌පාඤ්ඤ යෙදුමකි. ඉතාම හොඳ යහළුවාට හෝ ඥතියාට කියන නමකි. චේ තම අලුත් නම වන "චේ" ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගත්තේය.

1956 මැදදී යුද පුහුණුව අවසන් කළ චේ ඇතුළු පිරිස කියුබාවේ සහ ලතින් ඇමරිකාවේ දේශපාලන ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්නට වූහ. මේ කාලයේදී චේ ගෙදර පැමිණියේ සති අන්තවල පමණි. මේ කාලය ගතවෙද්දී මැක්‌සිකෝ නගරයෙන් පිටත පිහිටි ප්‍රදේශයකට යන්නට තමන්ට සිදුව ඇති බවත් සමහර විට එතැනින්ම, කියුබාවේ බලය ඇල්ලීම සඳහා යැමට ඉඩ ඇති බවත් චේ හිල්ඩාට කීවේය. සති කිහිපයකට පසු මැක්‌සිකානු පොලිසිය ෆිදෙල් ඇතුළු කියුබානුවන් හතර දෙනකු අත්අඩංගුවට ගන්නා ලදී. හේතුව ඔවුන්ගේ ආගමන විගමන කාල සීමාව නිමාවට පත්වී මැක්‌සිකෝවේ ආගමන විගමන නිති උල්ලංඝනය වීමය. මෙය ළඟ එන කරදරයක්‌ බව හිල්ඩා දුටුවාය. තමන් හා චේ සතුව තිබූ සියලු පතපොත සහ ලිපි ලේඛන එකතු කරගත් හිල්ඩා ඒ සියල්ල සිය මිතුරියකගේ නිවසේ සැඟවූවාය. දින කිහිපයකට පසු මිනිසුන් දෙදෙනෙක්‌ හිල්ඩා හමුවීමට පැමිණ හිල්ඩා ගාදියේගේ නිවස කොහේ දැයි විමසූහ. තමන් හිල්ඩා ගාදියේ ගෙවාරා බව ඇය මෙවිට කීවාය. ඔවුහු ඇයට ලැබෙන ලිපි ගැන ප්‍රශ්න කරමින් තමන් සමඟ යැමට එන ලෙස නියෝග කළහ. ඒ කියන ඉක්‌මනින් පැමිණීමට නොහැකි බවත් තමන් සිවු හැවිරිදි දැරියකගේ මවක බවත් පැවසූ හිල්ඩා තමා යන තැනක යන්නේ දරුවාද සමඟ බව කීවාය. එවිට, ඈ දැන්ම පැමිණිය යුතු නැතැයි කිවූ මිනිසුන් දෙදෙනා නික්‌ම                      
චේ : අග්‍රගන්‍ය විප්ලවවාදියාගේ ජීවිත කතාව... 19 වන කොටස 

මිනිසුන් මියයති ..එහෙත් තමා මිය ගිය පසු පුරාවෘතයක් වියහැකි මිනිසෙකු වේ නම් ඔහු පරිපුර්ණ මිනිසෙකි. චේ එවන් උදාර මානව දයාවකින් ලොව දෙස බැලු අසහාය විප්ලවවාදියෙකි 

ගෝතමාලා සමාජවාදී ආණ්ඩුව බිද වැටීමත් ඉන් පසුව ගෝතමාලා හි ආජන්ටිනා තානාපති කාර්යාලයේ කොටු වී සිටින චේ ගැන පසු ගිය ලිපියෙන් කතා කළෙමු. අද එතැන් සිට....

ගෝතමාලාවේ ආර්ජන්ටිනා තානාපති කාර්යාලයේ සිටින චේට මුදල් සහ ඇඳුම් ඔහුගේ මව සහ පියා විසින් එවන ලදී. තව සති කිහිපයක්‌ ගතවෙද්දී ආර්ජන්ටිනා රජය මගින් තානාපති කාර්යාලයේ සහ වෙනත් තැන්වල සිරවී සිටින තම රටේ වැසියන් ආපසු ගෙන්වා ගැනීම සඳහා ගුවන් යානා කිහිපයක්‌ ගෝතමාලාවට එවීය. එයින් එකක නැගී තම මවුබිමට යැමේ අවස්‌ථාව චේට ලැබුණ නමුත් ඔහු එය ප්රතික්ෂේප කළේය. ඔහු තම රටේ තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියේ මැක්‌සිකෝව බලා යැමට අවස්‌ථාව ලබා දෙන ලෙස ය. ආර්ජන්ටිනා තානාපති කාර්යාලය සහ ගෝතමාලාවේ මැක්‌සිකන් තානාපති කාර්යාලය තමාගේ වීසා  සහ සුරක්ෂිත ගමන් ක්ර‌මවේදය ගැන සලකා බලන අතර දිනෙක චේ හිල්ඩා බැලීම සඳහා ගියේය. ඇය ඉතා දුෂ්කර තත්ත්වයක පසුවූවාය. ආපසු සිය රට බලා යන ලෙස ජනාධිපති කස්‌තිලෝ ඇගෙන් ඉල්ලා සිටි නමුත් ඇයට ඒ සඳහා අවශ්ය වලංගු විදේශ ගමන් බලපත්රයක්‌ දීම ප්රතික්ෂේප කළේය. සිදු වූ දේ සහ සිදුවිය හැකි දේ ගැන ඔහුත් ඇයත් බොහෝ දේ කතා කළහ. ඒ ගැන හිල්ඩා සිය ජීවිත කතා පොතේ මෙසේ ලියා ඇත.

 "ගෝතමාලාව මුහුණපා සිටින සහ ඉදිරියේදී මුහුණ පෑමට යන ඛේදවාචකය ගැන අප දැරූ අදහස්‌ ඉතා සමාන විය. මේ නිසා අපි එකිනෙකාට තව තවත් ළංවීමු. ගෝතමාලාවේ සන්නද්ධ නොවූ ප්රතිසංස්‌කරණවාදී විප්ලවය අසාර්ථක වුණේ එයට පොදුජන පදනමක්‌ නොතිබූ නිසා ය. නැතහොත් ප්රතිසංස්‌කරණවාදීන් පොදු ජනපදනමක්‌ ඇති කිරීමට උනන්දු නොවූ නිසා ය. විප්ලවයන් ගත යුතු මඟ වූයේ ජාතික ස්‌වෛරීභාවය රැක ගැනීම, අධිරාජ්යවාදයේ ඇඟිලි ගැසීම්වලින් රට නිදහස්‌කර ගැනීම, ජනතාවගේ අරමුණ සාක්ෂා ත් කර ගැනීම සඳහා විප්ලවය පිහිටාධාරයක්‌ වීම යනාදිය බව අපි තීරණය කළෙමු."

ගෝතමාලාවේදී සාර්ථක ජීවිතයක්‌ පටන් ගැනීමට නොහැකි නිසා මැක්‌සිකෝවට ගොස්‌ හිල්ඩා ද එහි ගෙන්වාගෙන විවාහ වීමට චේ තීරණය කළේය. නොබෝ දිනකින් චේ මැක්‌සිකෝව බලා යන දුම්රියට ගොඩ විය. චේ දුම්රියට ඇරලවූ හිල්ඩා තමන් මුලදී සිටි නිවසට ගොස්‌ යළි පදිංචි වූවාය. මේ අතර පොලිසිය ඇය නැවත වතාවක්‌ අත්අඩංගුවට ගත්තේය. ඇය මැක්‌සිකෝවට පිටුවහල් කිරීමට ගෝතමාලා ආණ්‌ඩුව තීන්දු කර තිබිණ. හිල්ඩා පිටුවහල් කරන ලද්දේ මහත් සේ හිරිහැර කරමින්ය . ඇය ගෝතමාලාව සහ මැක්‌සිකෝව අතර දේශ සීමාවට ගෙන ගිය පොලිසිය නුදුරෙහි ගලායන විශාල ගංගාවෙන් එතෙර කර මැක්‌සිකෝවට ගෙන යැම සඳහා අල්ලසක්‌ ඉල්ලා සිටියේය. එය ගෙවන තුරු යළි ඇය සිරකරන ලදී. අල්ලස ගෙවූ ඇය මැක්‌සිකෝ භූමියට පා තැබීය.
මේ අතර කල්තබාම මැක්‌සිකෝවට පැමිණ සිටි චේ දුටුවේ මහත් අවුල්කාරී දර්ශනයකි. ඒ වන විට එනම්, 1954 සැප්තැම්බර් මාසය වන විට මැක්‌සිකෝව ලතින් ඇමරිකන් දේශපාලන අනාථයන්ගෙන් පිරී ඉතිරී ගොස්‌ තිබිණි. එය හරියටම ජනාධිපති අර්බෙන්ස්‌ යටතේ ගෝතමාලාව පැවැති තත්ත්වය හා සමාන විය. ඩොමිනිකන් ජනරජය, කියුබාව, කොලොම්බියාව, පීරු, වෙනිසියුලා, හයිටි සහ ආර්ජන්ටිනාව යන රටවල අනාථයෝ එහි සිටියහ. ඔවුන් අතරට ආ අලුත්ම අනාථ ගංගාව වූයේ ගෝතමාලා වැසියන්ය. ඔවුන් හැමදෙනාම මැක්‌සිකෝ නගරයෙහි ජීවත් වූහ.

 හිල්ඩා මැක්‌සිකෝවට පැමිණ සිටියේ එරට රජයේ අනුදැනුම සහිතව දේශපාලන රැකවරණ පතා ය. එබැවින් ඇයට රැකියාවක්‌ ලබා ගැනීම පහසු විය. එහෙත් චේ එහි පැමිණියේ දේශපාලන රැකවරණ පතන අනාරාධිතයකු ලෙසය. මේ නිසා චේගේ මුළු ජීවිත කාලය තුළම තිබූ රැකියා ප්රශ්නය යළි මතුවිය. ඔහු ජීවිතය ගැටගසා ගත්තේ පාර අයිනේ සිට පින්තූර ගන්නා ඡායාරූප ශිල්පියකු ලෙස ය. මේ අතර දිනක චේට හිල්ඩා හමුවෙයි. එය ඉතා උණුසුම් අවස්‌ථාවකි.

මතු සම්බන්දයි ...                                                                      මතු සම්බන්දයි ...

චේ : අග්‍රගන්‍ය විප්ලවවාදියාගේ ජීවිත කතාව...
 24 වන කොටස
චේ : ලොව අග්‍රගන්‍ය විප්ලවවාදියෙකුගේ ජීවිත කතාව -23 වෙනි කොටස 

'සියල්ලටම පෙර මගේ පුතා ගැන සඳහන් කරන විට කියන්නට ඇත්තේ ඔහුට අයර්ලන්ත විමුක්තිකාමීන්ගේත් , ස්පාන්ඥ රණකාමීන්ගේත් ,  ආජන්ටිනියානු දේශප්‍රේමීන්ගේත් ලේ මිශ්‍රවී බිහි වූ දරුවෙකු බවයි.ඔහුට ලොව හමුවේ විසදීමට පැනයක් උරුමයෙන් ලැබී තිබුණි. නොනවතින විමුක්ති අරගලයක නියැළුණි ඔහුගේ මුතුන් මිත්තන්ගේ රුහිරු මිශ්‍රවූ නිසාම අයුක්තිය අසාදාරනය ඉදිරියේ ඔහු වෙව්ළුම්  කෑවේය. කුඩා කල සිටම අප ඔහු ගෙන් දුටු නිර්භයත්වය හා නව අදහස් වලට ඇති කෑදර කම නිසාම අප ඔහුගේ අනාගතය කල් තියාම දුටු වෙමු "

අර්නෙස්ටෝ ගුවේරා ලින්ච්---චේ ගේ පියා..

ෆිදෙල් සහ රාවුල්ගේ විප්ලවීය ව්‍යාපාරයට සහය දීමටත්, එකී ව්‍යාපාරයේ ප්‍රචාරක යාන්ත්‍රණය මෙහෙයවීමේ කාරියටත් හිල්ඩා එකග වූ අයුරුත් , චේ කියුබානු අරගලයට මුල් අඩිතාලම දමන අයුරුත් පසු ගිය ලිපියෙන් කතා කළෙමු..අද එතැන් සිට.
1956 පෙබරවාරි 15 වනදා හිල්ඩා දැරියක ප්‍රසූත කළාය. ගර්භනී සමයේ අවසන් කොටසේ සිට දරුවා ප්‍රසූත කරන අවස්‌ථාවේ සූතිකාගාරයේ සිට ඇගේ අත දැඩිව අල්ලාගෙන ප්‍රසූතිය සඳහා තම ආධ්‍යාත්මික දායකත්වය දීමට චේ සමත් විය. උපදින දරුවා පිරිමි ළමයකු වී නම් ඔහුට නම තැබීමේ අයිතිය හිල්ඩාටද උපදින දරුවා ගැහැනු ළමයකු වී නම් ඇයට නම තැබීමේ අයිතිය චේටද හිමිවන පරිදි පූර්ව එකඟත්වයක්‌ ඔවුන් අතර විය. දැරියට චේ විසින් හිල්ඩා බියට්‍රිස්‌ යන නම තබන ලදී. මුල් නම හිල්ඩාට ගරු කිරීම සඳහාය. දෙවන නම චේ ඉගෙන ගන්නා කාලයේදී ඔහුට තේ, කෝපි පිළියෙල කර දෙමින් එළිවනතුරු අවදිව සිටි ආදරණීය නැන්දනිය වූ බියට්‍රිස්‌ ගුවේරා සිහි වනු පිණිසය. දරුවා බැලීමට මුලින්ම පැමිණියේ ෆිදෙල් කස්‌ත්‍රෝය. දරුවා මුලින්ම අතට ගත් අමුත්තා වූයේද ඔහුය. දරුවා දෝතින් ගත් ෆිදෙල් "මේ කෙල්ල ඉගෙන ගන්නේ අනාගත කියුබාවේය"යි කීවේය. ෆිදෙල්ගේ ස්‌වරය අනුව ඔහු කියුබන් විප්ලවය ජය ගන්නා බවත්, නව කියුබාවක්‌ බිහි කරනු ඇති බවත් දැරිය ස්‌ථිර වශයෙන්ම කියුබාවේදී අධ්‍යාපනය ලබනු ඇති බවත් හිල්ඩා තීරණය කළාය.

හිල්ඩා බියට්‍රිස්‌  ේ පැමිණීමත් සමගම චේ කාර්ය බහුල පියෙක්‌ බවට පත් විය. ඔහු කියුබන් විප්ලවකරුවන් සහ තම නිවස අතර එහා මෙහා ගියේය. ඔහු දැරිය සමග ඇයට නොතේරෙන සෙල්ලම් කළාය. දැරියට සති කිහිපයක්‌ ගත වෙද්දී හිල්ඩාට බරපතළ උණක්‌ වැළඳින. කියුබන් විප්ලවයට සුදානම් වන කාර්ය බහුල අවස්තාවක වුවද  චේ යහපත් සාම්ප්‍රදායික සැමියකු බවට පත්වී ගෙදර නතර වී හිල්ඩාට සාත්තු සප්පායම් කරන්නට පටන් ගත්තේය. ඒ දිනවල දියණියගේ කටයුතු සම්පූර්ණයෙන්ම කෙරුණේ ඔහු අතිනි. මේ කාලයේදී යුද්ධ සහ විමුක්‌ති සටන් පිළිබඳ පතපොත ඔවුහු කියෑවූහ. විශේෂයෙන්ම චීන විප්ලවය කෙරෙහි ඔවුන් තුළ වූයේ විශාල උනන්දුවකි. දෙවන ලෝක යුද සමයේදී රුසියාවේ සහ නැගෙනහිර යුරෝපයේ රටවල නාසි හමුදා හැසිරුණු දුෂ්ට ආකාරය ගැන ඔවුහු පොත් කියවමින් සාකච්ඡා කළහ.

මේ අතර ෆිදෙල්, බායෝ නමැති සිය හිත මිත්‍ර කර්නල්වරයකු සමඟ එකතු වී මැක්‌සිකෝ නගරයෙන් පිටත රහසිගත ගරිල්ලා පුහුණු කඳවුරක්‌ ආරම්භ කළේය. කඳවුර පිහිටියේ "වැල්ෆේ" නමැති කඳුකර ප්‍රදේශයේය. මේ කඳවුරේ පුහුණුව සඳහා ෆිදෙල් විසින් ගෙනෙන ලද පළමුවන කණ්‌ඩායම 80 කින් සමන්විත විය. මෙයට චේද සහභාගි විය. ටික දිනකින්ම තම හොඳම සටන් ශිෂ්‍යයා ලෙස චේ නම් කිරීමට කර්නල් බායෝ පියවර ගත්තේය. මෙය අලුත් තත්ත්වයකි. එතැන් සිට සටන්කරුවන් පුහුණු කිරීමේ අයිතිය චේටද ලැබෙයි. මෙතෙක්‌ කලක්‌ අර්නස්‌ටෝ ගෙවාරා ලෙස හඳුන්වන ලද ආර්ජන්ටිනා ජාතික තරුණයාට "චේ" යන නම ලැබෙන්නේ මේ පුහුණු කඳවුරේදී ෆිදෙල්ගේ සගයන් වෙතිනි. චේ යනු මිත්‍රශීලීත්වය හඟවන ස්‌පාඤ්ඤ යෙදුමකි. ඉතාම හොඳ යහළුවාට හෝ ඥතියාට කියන නමකි. චේ තම අලුත් නම වන "චේ" ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගත්තේය.

1956 මැදදී යුද පුහුණුව අවසන් කළ චේ ඇතුළු පිරිස කියුබාවේ සහ ලතින් ඇමරිකාවේ දේශපාලන ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්නට වූහ. මේ කාලයේදී චේ ගෙදර පැමිණියේ සති අන්තවල පමණි. මේ කාලය ගතවෙද්දී මැක්‌සිකෝ නගරයෙන් පිටත පිහිටි ප්‍රදේශයකට යන්නට තමන්ට සිදුව ඇති බවත් සමහර විට එතැනින්ම, කියුබාවේ බලය ඇල්ලීම සඳහා යැමට ඉඩ ඇති බවත් චේ හිල්ඩාට කීවේය. සති කිහිපයකට පසු මැක්‌සිකානු පොලිසිය ෆිදෙල් ඇතුළු කියුබානුවන් හතර දෙනකු අත්අඩංගුවට ගන්නා ලදී. හේතුව ඔවුන්ගේ ආගමන විගමන කාල සීමාව නිමාවට පත්වී මැක්‌සිකෝවේ ආගමන විගමන නිති උල්ලංඝනය වීමය. මෙය ළඟ එන කරදරයක්‌ බව හිල්ඩා දුටුවාය. තමන් හා චේ සතුව තිබූ සියලු පතපොත සහ ලිපි ලේඛන එකතු කරගත් හිල්ඩා ඒ සියල්ල සිය මිතුරියකගේ නිවසේ සැඟවූවාය. දින කිහිපයකට පසු මිනිසුන් දෙදෙනෙක්‌ හිල්ඩා හමුවීමට පැමිණ හිල්ඩා ගාදියේගේ නිවස කොහේ දැයි විමසූහ. තමන් හිල්ඩා ගාදියේ ගෙවාරා බව ඇය මෙවිට කීවාය. ඔවුහු ඇයට ලැබෙන ලිපි ගැන ප්‍රශ්න කරමින් තමන් සමඟ යැමට එන ලෙස නියෝග කළහ. ඒ කියන ඉක්‌මනින් පැමිණීමට නොහැකි බවත් තමන් සිවු හැවිරිදි දැරියකගේ මවක බවත් පැවසූ හිල්ඩා තමා යන තැනක යන්නේ දරුවාද සමඟ බව කීවාය. එවිට, ඈ දැන්ම පැමිණිය යුතු නැතැයි කිවූ මිනිසුන් දෙදෙනා නික්‌ම ගියහ.

මතු සම්බන්දයි ...

චේ ඇතුළු පිරිසක් මෙක්සිකෝවේ වනගත කඳවුරක අවි පුහුණු වන මොහොතක හිල්ඩා සොයා පොලිසිය පැමිණි බවත් චේ පිලිබඳ විමසු බවත් පසු ගිය ලිපියෙන් කතා කළෙමු..අද එතැන් සිට ...

ඒ වූ කලී මැක්‌සිකෝ පොලිසියයි. පොලිසිය තමන් වටා කැරකෙන බව කියමින් ඇය චේට වහා පණිවුඩයක්‌ යෑවූවාය. එදින සවස්‌ කාලයේදී පෙර කී මිනිසුන් දෙදෙනා නැවත පැමිණ දරුවාද රැගෙන තමන් සමඟ යැමට එන්නැයි ඇයට කීවාය. ඇය හා දරුවා මධ්‍යම පොලිස්‌ ස්‌ථානය වෙත ගෙන යන ලදී. චේ සිටින්නේ කොහේ දැයි පොලිසිය ඇගෙන් ප්‍රශ්න කළාය. තමා මැක්‌සිකන් සෙනෙට්‌ මන්ත්‍රීවරයකුගේ අනුග්‍රහයෙන් එරට රැඳී සිටින දේශපාලන අනාථයකු බවත් එම මන්ත්‍රීවරයාට තමන් අත්අඩංගුවට ගැනීම ගැන දැන්විය යුතු බවත් ඇය කීවාය. එවිට ඇය හා දරුවා අඳුරු කුටියකට ගෙන ගිය ඔවුහු දීප්තිමත් විදුලි පහන් එළියක්‌ ඇගේ මුහුණට වැටීමට සලස්‌වා දරුවා අතට දී ප්‍රශ්න කරන්නට විය. තමාගෙන් ප්‍රශ්න කරන පුද්ගලයන් අතර ඇමරිකන් ෆෙඩරල් පොලිසියේ සහ සී.අයි. ඒ. සංවිධානයේ සාමාජිකයන් සිටින බව හිල්ඩාගේ සැකය විය. ඇය ආපසු නිවසට ගෙනවිත් හැරලූ ඔවුහු පසුදින එළිවන තුරු ගෙය මුරකරමින් සිට ඇය ආපසු පොලිසියට ගෙන ගියහ.

මේ අතර පිදෙල් කස්ත්‍රෝ ඇතුළු 82 දෙනෙක් අරගලය පිණිස සුදානම් විය. මෙක්සිකෝවේ සිට කියුබාව දක්වා සයුර තරණය කිරීමට ඔවුනට යාත්‍රාවක් අවැසි විය. ඒ වෙනුවෙන් කස්ත්‍රෝ විසින් ඇමෙරිකානු ඩොලර් 15000 ක් ගෙවා ආදී 60 ක පමණ බෝට්ටුවක් මිලදී ගත්තේය. එයට නම් තබා තිබුනේ ග්‍රන්මා යනුවෙනි.යාත්‍රාව මිලදී ගැනීමේ මුදල පිරිනැමුවේ හිටපු කියුබානු ජනපති වූ කාලෝස් ප්‍රියෝ සොකරාස් ය. 1956 නොවෙම්බර් 25 දින මෙක්ෂිකෝවේ වරාකෘෂ් ප්‍රදේශයේ දීවර වරායක් වන ටුක්ෂ්පන් හිදී පිදෙල් , රාවුල්. චේ , කමිලෝ ඇතුළු පිරිස මද්යම රාත්‍රියේ අඳුර මැදින් එකී නෙකා රහසි ගතව අවිද සමග යාත්‍රාවට ගොඩ විය. යාත්‍රාව පදවන ලද්දේ කියුබානු නාවික භටයෙකු වශයෙන් සිටියදී කස්ත්‍රෝ සමග එකතු වූ නොර්බෙර්ටෝ කොල්ලාඩෝ ය. දීර්ග මුහුදු ගමනකින් පසුව 1956 දෙසැම්බර් 2 වැනිදා ෆිදෙල් කස්‌ත්‍රෝ, අර්නස්‌ටෝ චේ ගෙවාරා ඇතුළු පිරිස කියුබාව ආක්‍රමණය කිරීම සඳහා කියුබාවේ කෲස්‌ තුඩුවේ ඔරියන්ට්‌ පළාතට ගොඩ බසින ලදී. එයට වසර 61 කට පෙර ස්‌පාඤ්ඤ ව්‍යාප්තවාදීන්ගෙන් කියුබාව මුදවා ගැනීම සඳහා ජොසේ සේ මාර්ටි කියුබාවට ගොඩ බැස්‌සේත් මෙතැනින්ය.

එහෙත් ඔවුනට ගොඩබසින්නට ලැබුණේ වැරැදි තැනකටය. ෙච් සහ ෆිදෙල් පිළිගැනීම සඳහා ඊට සැතපුම් 15 ක්‌ ඈත තැනකට වී සිලියා සැන්ෙච්ස්‌ ඇතුළු පිරිස බලා සිටියහ. මෙයට පෙර මොන්කාඩා බැරක්කයට එල්ල කළ ප්‍රහාරයේ කොටස්‌කාරියක වූ ඇය වෙරළේ සිටියේ වාහන, ආහාර, ආයුධ සහ තවත් 50 දෙනකුගෙන් සමන්විත හමුදාවක්‌ සමඟය. ෆිදෙල්ගේ නායකත්වය යටතේ ඔරියන්ට්‌ පළාත (අද මේ පළාත නික්‌වේරෝ යනුවෙන් හැඳින්වේ.) අත්පත් කර ගැනීම ඇයගේ අභිප්‍රාය විය. ඊළඟට අල්ලපු නගරය වූ ටැන්සකිලෝ අල්ලා ගැනීමට සැලසුම් කෙරී තිබිණ.

ඔරියන්ට්‌ පළාතේ ප්‍රධාන නගරය සන්තියාගෝ දි කියුබා ය. එය කලාපයේ විශාලතම නගරය ද විය. ෙච් ඇතුළු පිරිස මෙහි ගොඩ බසින්නට පෙර එනම් 1956 නොවැම්බර් 30 වැනිදා ෆිදෙල්ගේ අතුරු බළකායක්‌ විසින් මේ නගරයට පහරදෙනු ලැබීය. එහි අරමුණ වුණේ ෙච්, ෆිදෙල් ඇතුළු පිරිස ගොඩ බසින කේප් තුඩුවෙන් පොලිසිය සහ හමුදාව ඉවත් කිරීම ය. සන්තියාගෝ ද කියුබා නගරයට එල්ල වූ ප්‍රහාරය නිසා කේප් තුඩුවේ සිටි පොලිසිය හා හමුදාව සන්තියාගෝ ද කියුබා නගරයට යවන ලදී. එහෙත් වැරැදි තැනකට යාත්‍රාව ගොඩබැසීම නිසා මේ වාසිය පාවිච්චි කරන්නට ෆිදෙල් ඇතුළු පිරිසට නොහැකි විය.

ග්‍රැන්මා යාත්‍රාව එන්නට නියමිතව තිබුණේ 1956 නොවැම්බර් 30 වැනිදාය. සිලියා සැන්ෙච්ස්‌ සන්තියාගෝ ද කියුබා නගරයට පහර දෙන්නේ එදා උදේ ය. සවස ෙච් සහ ෆිදෙල් එනු ඇතැයි ඇය ඇතුළු ගරිල්ලන් සිතා සිටියහ. එහෙත් යාත්‍රාවේ තෙල් ඉවර වීම නිසා එය හබල් ගාමින් පදවන්නට සිදු වූ හෙයින් ෙච්, ෆිදෙල් සහ පිරිස දින ගණනක්‌ ප්‍රමාද වූහ. යාත්‍රාව තවදුරටත් හබල් ගෑමට නොහැකි තැන එය පැමිණීමට අපේක්‍ෂා කරගෙනසිටි තැනට සැතපුම් 15 ක්‌ ඈතින් වෙරළාසන්න මඩ ගොහොරුවකට තල්ලු කිරීමට සිදුවිය. එබැවින් තමන් ගෙනා බර අවි විශාල ප්‍රමාණයක්‌ යාත්‍රාවේ ම තිබෙන්නට හැර ගොඩට පැන ගන්නට ගරිල්ලන්ට සිදු විය. ඊළඟට ඔවුහු වෙරළ දිගේ බඩගාමින් සිලියා සැන්චෙස්‌ සිටි තැනට ළඟා වූහ. මේ ගැන ෆිදෙල් ක්‍රස්‌ත්‍රෝ කියුබන් විප්ලවයේ තීරණාත්මක අවස්‌ථා ගැන ලියූ පොතක මෙසේ සඳහන් කර ඇත. "ග්‍රැන්මා යාත්‍රාව පදවන ලද්දේ කියුබාවේ හිටපු නාවික හමුදාපති විසිනි. ඔහු අපේ ව්‍යාපාරයේ විප්ලවීය කොටස්‌කාරයෙක්‌ බවට පත්ව සිටියේය. අපට අවස්‌ථා කීපයකදීම මඟ වැරැදිණ. ඒ නිසා යාත්‍රාවේ තිබූ තෙල් නිම විය. ටැංකියේ තිබුණේ තෙල් ලීටර කීපයක්‌ පමණි. ඒ මදිවාට මේ සියල්ල සිදුවූයේ කට්‌ට මහ දවල් ය. අන්තිම තෙල් ලීටර කිහිපය පාවිච්චි කර කෙළින්ම වෙරළට ගොඩ බැසීමට අපි තීරණය කළෙමු. එහෙත් වෙරළට මීටර 60 ක්‌ තියා යාත්‍රාව නතර විය. නැතහොත් මඩ ගොහොරුවේ සිරවිය. අපේ මිනිස්‌සු හැකි පමණ අප කර තබාගෙන ගොඩට පැමිණියහ.

මේ චායාරුපයෙන් දිස් වන්නේ "ග්‍රාන්මා "යාත්‍රාව අද දවසේ කෞතුකාගාරයක තිබෙන අයුරුය.

මතු සම්බන්දයි ..
චේ : අග්‍රගන්‍ය විප්ලවවාදියාගේ ජීවිත කතාව... 24 වන කොටස 
 
25 වන කොටස

"""අප අපේ අනාගත පරපුරෙන් බලාපොරොත්තු වන්නේ කුමක්‌දැයි අසන විට අප දෙන උත්තරය විය යුත්තේ චේ මෙන් ඔවුන් චරිතය සකසා ගත යුතු බවය. අප අපගේ දරුවන්ට ඉගැන්විය යුත්තේ කවර ලෙසද යන ප්රශ්නය නඟන ලද්දේ නම් චේ පරිදි ඔවුන් උගත යුතු බවය. අප බලාපොරොත්තු විය යුතු අනාගත පරමාදර්ශී චරිතය කුමක්‌ දැයි අසන ලද්දේ නම් මගේ හද පතුලෙන්ම මා කියන්නේ එය චේගේ චරිතය විය යුතු බවය. ඒ චරිතයේ චර්යාව තුළත් ක්රියාකාරකම් තුළත් කිසිදු පැල්ලමක්‌ නැත""""

මෙක්සිකෝවේ සිට ග්‍රන්මා යාත්‍රාවෙන් කියුබාව වෙත පැමිණි ගමන හා ප්‍රමාද වීම හේතුවෙන් කල් තබා සුදානම් වූ සියල්ල මග හැරුණු බව පසුගිය ලිපියෙන් කතා කළෙමු. අද එතැන් සිට.....

ඒ ගැන පිදෙල් කස්ත්‍රෝ විප්ලවයෙන් පසුව ලියු 'මගේ ජීවිතය ' කෘතියේ මෙසේ සඳහන් කළේය

"මේ ගොඩබිම පටන් ගන්නා තැනින් යළි විශාල මඩ ගොහොරුවක්‌ ආරම්භ විය. මේ ගොහොරුව තරණය කර ඊළඟ ගොඩබිම් වෙරළ තීරයට යන්නට දෙපැයක්‌ ගත විය. බර අවි සහිත බෝට්‌ටුව හමුදාව හා පොලිසිය විසින් දක්‌නා ලද්දේ නම් අහසින් හා ගොඩබිමින් ප්‍රහාර එල්ල වී අපේ කණ්‌ඩායමේ අසූ දෙදෙනාම මරා දමා කියුබන් විප්ලවය අවසන්වීමට ඉඩ තිබිණි. එහෙත් මේ වෙරළ තීරය අතිවිශාල කඩොලාන වනාන්තරයකි. එබැවින් කඩොලාන ශාකවලට මුවා වෙමින් ඉදිරියට යන්නට අපට හැකි විය. දෙදිනක්‌ තිස්‌සේ අපි ඉදිරියට ගියෙමු. ඉන් පසු කියුබාවේ විශාලතම කඳුවැටිය වූ "සියෙරා මයෙස්‌ත්‍රා" ආසන්නයේ පිහිටි ජනාවාසයක්‌ වෙත යැම අපගේ අරමුණ විය. එහෙත් මගදී අපට හමුදා බළ ඇණියක්‌ හමුවිය. අපගේ හමුදාව ආහාර හිඟයෙන් සහ අවි හිඟයෙන් දුර්වලව සිටියේය. එබැවින් අපි ඔවුන් හා ගැටෙන්නට නො ගියෙමු. අපි සියෙරා මයෙස්‌ත්‍රා කඳු පාමුල සැඟවුණෙමු.
සියෙරා මයෙස්‌ත්‍රා කඳු ප්‍රදේශයට යන චේ, ෆිදෙල්, රාවුල් ඇතුළු පිරිසට නොසිතූ මොහොතක බැටිස්‌ටාගේ ප්‍රහාරයකට මුහුණ දීමට සිදු විය. චේ ඒ පිළිබඳ පුවත කියන්නේ මෙසේය

" එය සිදු වූයේ 1956 දෙසැම්බර් 05 වැනිදාය. අවට වනාන්තරය වැඩිපුර ගහකොළ නැති තුනී බිමකි. තවදුරටත් ඉදිරියට යන අපි රාත්‍රිය එළැඹෙන තෙක්‌ සියෙරා මායෙස්‌ත්‍රා කඳුවැටිය පේනතෙක්‌ මානයේ නැවතී සිටියෙමු. මෙය ඇත්තටම තුනී වනාන්තරයෙන් කොටසක්‌ කපා දමා වවන ලද උක්‌ වත්තකි. හදිසියේම බැටිස්‌ටාගේ කියුබන් හමුදාව අපට පහර දෙන්නට පටන් ගත්හ. එය ඉතා බියකරු වූද අපට යන එන මං නැති කළා වූද ප්‍රහාරයකි. ග්‍රැන්මා යාත්‍රාවේ දිනගණනක්‌ තිස්‌සේ යාන්තටම කමින් බොමින් පැමිණි අපේ අප්‍රාණික සෙබළ පිරිසෙන් සෑහෙන සංඛ්‍යාවක්‌ මේ ප්‍රහාරයේදී තුවාල ලදහ. තව පිරිසක්‌ මිය ගිහ. අපට ඇති තිබූ අවි ආයුධ ද විශාල වශයෙන් අහිමි විය... ප්‍රහාරයේදී දිවි බේරා ගැනීමට හැකි වූයේ ෆිදෙල්, රාවුල්, චේ ඇතුළු තවත් 12 දෙනකුට පමණි"
එම ප්රහාරයෙන් චේ ගේ බෙල්ලට වෙඩි පහරක් වැදුනි. නමුත් ඔහුට ජීවත් වීමේ අවස්තාව හිමි විය.එය බරපතල තුවාලයක්‌ නොවූ "ආශ්චර්යයකි". හේතුව බැටිස්‌ටාගේ සෙබළකු චේ ගේ පපුවට තැබූ වෙඩිල්ලක්‌, චේ ගේ කමිසයේ උඩ සාක්‌කුවේ තිබූ පතරොම් කොපුවක වැදී වෙනතකට හැරී චේ ගේ ගෙලෙහි උඩු සම දවාලමින් ගමන් කිරීමය. තුවාලය පසුව සුව වුවද එය සිදු වූයේද බෙහෙත් නැතිවය. මන්ද, හදිසි ප්‍රහාරයේදී චේ ට තම බෙහෙත් මල්ල අත්හැරුණු නිසා ය.

පසු කාලයේදී චේ විසින් ලියන ලද Episodes of the Revolutioíry war නමැති කෘතියේ මෙසේ සඳහන් වෙයි.

"සියෙරා මයෙස්‌ත්‍රා කඳු වැටිය පාමුල දී බැටිස්‌ටාගේ මිනීමරු හමුදාව විසින් ගින්නෙන් බෞතිස්‌ම කරන ලද මා ඉදිරිපිට වැදගත් යුතුකමක්‌ද වැදගත් වගකීමක්‌ද යනාදී වශයෙන් කාරණා දෙකක්‌ විය. මගේ යුතුකම වන්නේ වෛද්‍යවරයකු වශයෙන් ජනතාවට සේවය කිරීමය. මගේ වගකීම වන්නේ විප්ලවීය සෙබළකු වශයෙන් ජනතාවට සේවය කිරීමය. මගේ පය පා මුල සකලාංග සම්පූර්ණ ආයුද පෙට්‌ටියක්‌ තිබේ. එසේම මගේ පය පාමුල සකලාංග සම්පූර්ණ බෙහෙත් පෙට්‌ටියකුත් තිබේ. මේ දෙකම ඔසවාගෙන යැමට තරම් බරින් වැඩිය. ඒ බැවින් ලබාගත් පෙට්‌ටිය පැත්තකින් තබන මම ආයුධ පෙට්‌ටිය රැගෙන ගමන ආරම්භ කරමි. බැටිස්‌ටාගේ මිනීමරු හමුදාව උක්‌වත්ත හරහා අපට වෙඩි තබන විට 'වුස්‌තිනෝ පෙරෙස්‌ නමැති අපගේ සගයා සිය මැෂින් තුවක්‌කුවෙන් වෙඩි තබමින් ඉදිරියටම ඇදෙමින් යන හැටි මම දුටුමි. ඊට එහා පැත්තෙන් සිටින්නේ එමිලියෝ ඇල්බෙන්ටෝසා නමැති මගේ අනෙක්‌ සගයා ය. ඒ අතර බැටිස්‌ටාගේ හමුදාව පැත්තෙන් ආ වෙඩිල්ලක්‌ මගේ පපුවේ වැදෙන හැටිත් ගෙල පෙදෙස පිලිස්‌සෙන්නාක්‌ වැනි වේදනාවකුත් මට දැනේ. ඇල්බෙන්ටෝසා හිටි හැටියේ ලේ වමනය කරන්නට පටන් ගනී" මම ඉවරයි. උන් මා මැරුවා..... " කියමින් හඬ නගන ඔහු තම රයි'ලයෙන් ඉබාගාතේ වෙඩි තබන්නට පටන් ගනී......
චේ දැන් සූදානම් වන්නේ වෙඩි කෑ සිය සගයා කර ගසාගෙන යාමටය. වහාම ඔහු වෙත දිව එන සගයෙක්‌ කියන්නේ තමන් සමග ඉදිරියට යාමට එන ලෙසය. එවිටම වාගේ උක්‌වත්ත උඩින්, පොළවට ඉතාම ආසන්නයෙන් සතුරු ගුවන් යානා සමූහයක්‌ පියාඹන්නට පටන් ගත්තේය. මේ මොහොතේදී අපට නායකත්වය දෙන්නේ "ජුවාන් අල්මේදාය". ඔහු පසුපස ගිය අපි උක්‌වත්ත නිමාවන තැනින් පටන් ගන්නා වනාන්තරයට පැන ගතිsමු. තවදුරටත් ඉදිරියට යැමට බැරි වනතුරුම අපි වනය දිගේ ගමන් කළෙමු. අපට බඩගිනිය. එමෙන්ම දිව ගිලෙන තරමට වතුර පිපාසය ය. ඒ අතර මහ කැලය මැදින් මතු වූ විශාල මදුරුවෝ ජීවිතය තව තවත් කාලකණ්‌නි බවට පත් කළහ. 1956 දෙසැම්බර් 5 වැනිදා බැටිස්‌ටාගේ හමුදා කියුබාවේදී ගින්නෙන් අප බෞතිස්‌ම කරන ලද්දේ මෙසේය. ඒ වූ කලී කියුබන් විප්ලවයේ ස්‌ථිර ආරම්භයයි.

මතු සම්බන්දයි....
චේ : අග්‍රගන්‍ය විප්ලවවාදියාගේ ජීවිත කතාව... 25 වන කොටස 

26 වෙනි කොටස 

සියෙරා මයෙස්ත්රා කඳුකර භූමියට පැමිණීමත් සමගම මුහුණ දුන් දැවැන්ත ගුවන් ප්‍රහාරය හා දිවි ගලවාගත් 12 දෙනා ගැන පසු ගිය ලිපියෙන් කතා කළෙමු..අද එතැන් සිට....

මේ සිදුවීම් සිදු වන විට චේ ගේ බිරිඳ හා දරුවා මෙක්සිකෝවේ ජීවත් විය. චේ කියුබාවෙන් පිටත්ව යැමට පෙර තම බිරියට උපදෙස්‌ දුන්නේ කියුබන් විප්ලවය ඇරඹී ඇති බව පුවත්පත්වල පළවන්නට පටන් ගත් විගසම එතෙක්‌ පදිංචිව සිටි මැක්‌සිකෝව අත්හැර හිල්ඩාගේ මාපියන් ජීවත් වූ පීරු රාජ්‍යයට පලා යන ලෙසය. ඉන්පසු කියුබන් විප්ලවයේ අවසන් ප්‍රතිඵලය නිකුත් වන තුරු ඔවුන් පීරු රාජ්‍යයේ රැඳී සිටිය යුතු විය. කියුබන් විප්ලවය සාර්ථක වුවහොත් චේ තම බිරිය සහ දරුවා කියුබාවට ගෙන්වා ගන්නේය. එහි ස්‌වල්ප කලක්‌ වසන චේ පවුල ඊළඟ විප්ලවය සඳහා ලතින් ඇමරිකාවේ කවර රටකට යා යුතු ද යන්න තීරණය කරන්නේය.

චේ කියුබානු අරගලයට මුල් අඩිතාලම දමන විට සිය බිරිඳ හා දරුවා මෙක්සිකෝ සිටි නගරයේ ජීවත් විය.චේ කියුබාවෙන් පිටත්ව යැමට පෙර තම බිරියට උපදෙස්‌ දුන්නේ කියුබන් විප්ලවය ඇරඹී ඇති බව පුවත්පත්වල පළවන්නට පටන් ගත් විගසම එතෙක්‌ පදිංචිව සිටි මැක්‌සිකෝව අත්හැර හිල්ඩාගේ මාපියන් ජීවත් වූ පීරු රාජ්‍යයට පලා යන ලෙසය. ඉන්පසු කියුබන් විප්ලවයේ අවසන් ප්‍රතිඵලය නිකුත් වන තුරු ඔවුන් පීරු රාජ්‍යයේ රැඳී සිටිය යුතු විය. කියුබන් විප්ලවය සාර්ථක වුවහොත් චේ තම බිරිය සහ දරුවා කියුබාවට ගෙන්වා ගන්නේය. එහි ස්‌වල්ප කලක්‌ වසන චේ පවුල ඊළඟ විප්ලවය සඳහා ලතින් ඇමරිකාවේ කවර රටකට යා යුතු ද යන්න තීරණය කරන්නේය.
1956 දෙසැම්බර් 02 වැනි මැක්‌සිකෝවේ නිකුත් වූ පුවත්පත්වල කියුබන් විප්ලවය සඳහා ගරිල්ලා හමුදාවක්‌ සමග ෆිදෙල් කස්‌ත්‍රෝ නික්‌ම ගොස්‌ ඇති බව පලවිය. ඉන් දින කිහිපයකට පසු මැක්‌සිකන් පුවත්පතක පළ වූ තවත් ප්‍රධාන පුවතක්‌ නිසා හිල්ඩා මහත් කම්පාවට පත් වෙයි. "කියුබාව ආක්‍රමණයට බෝට්‌ටුවකින් පැමිණි ෆිදෙල් කස්‌ත්‍රෝ, චේ ගෙවාරා, රාවුල් කස්‌ත්‍රෝ ඇතුළු සියලු දෙනා මරුට......" හිල්ඩාගේ හදවත දුක්‌ ගින්නෙන් පිළිස්‌සී ගිය බව ඇය තම මිතුරන්ට පවසන්නීය. එහෙත් ඇගේ මිතුරන්ගේ අදහස වූයේ විප්ලවයක්‌ පවතින මෙවැනි වෙලාවක ප්‍රතිගාමී අදහස්‌ පැතිර යැම සාමාන්‍ය දෙයක්‌ බවත් මැක්‌සිකෝවේ හා කියුබාවේ උසස්‌ නිලධාරිනගේ කස්‌ත්‍රෝගේ සටන අසාර්ථක වනු දැකීම සඳහා මෙවැනි බොරු පතුරුවා හරින බවත්ය. මේ අතර චේට සහ හිල්ඩාට කවදත් හිතවත් මැක්‌සිකන් ජනරාල්වරයකු වූ "බායෝ" හිල්ඩා හමුවීමට පැමිණ පත්තරවල පලවනදේ විශ්වාස නොකරන ලෙසත් චේ ජීවත් වන බව තමන්ට ඉඳුරාම විශ්වාස බවත් කියයි. මේ ජනරාල්වරයා චේට මැක්‌සිකෝවේදී හමුදා පුහුණුව දුන් ප්‍රවීණයා ය. "කියුබානු ආක්‍රමණයට ගිය කණ්‌ඩායමේ සිටි ඉතාම බුද්ධිමත් තැනැත්තා අර්නස්‌ටෝයි. මගේ යුද පුහුණුව ඔහු මගෙන් උකහා ගත්තා. ඔහුට කසිවක්‌ වී නැහැ...." ජනරාල්ගේ සහතිකය හිල්ඩා පිළිගත්තේ නැත.

ෆිදෙල් කස්‌ත්‍රෝ සමඟ එක්‌ වී කියුබාව ආක්‍රමණය කිරීමට ගත් උත්සාහයේදී කස්‌ත්‍රෝ චේ ඇතුළු පිරිස මියගිය බවට පළවූ පුවත්පත් වාර්තාවලින් කම්පනයට පත්ව සිටි චේ ගේ බිරිඳ වූ හිල්ඩාට මේ අතර ආර්ජන්ටිනාවෙන් ඇමතුමක්‌ ලැබිණ. ඇමතුම්කරු චේ ගේ පියා ය. තමා කියුබාවේ ආර්ජන්ටිනා තානාපති වූ තම මස්‌සිනාට දුරකථනයෙන් කතා කළ බවත්, බැටිස්‌ටාගේ හමුදාව සමඟ සටන්කර මරණයට පත් වූ, තුවාල ලැබූ හෝ අත්අඩංගුවට පත් වූ පිරිස අතර චේ නැති බවත් මස්‌සිනා තමන්ට තහවුරු කළ බවත් චේගේ පියා හිල්ඩාට කීවේය. කෙසේ වුවද චේ ජීවත්ව සිටින්නේද නැතහොත් මියගියේද යන්න ගැන හරි විනිශ්චයකට පැමිණීමට නොහැකි වූ නිසා දියණිය සමඟ මැක්‌සිකෝවෙන් පිට වූ හිල්ඩා පේරු රාජ්‍යයේ සිටින තම දෙමාපියන් වෙත යයි. එහි ස්‌වල්ප කලක්‌ සිටින හිල්ඩාට සහ දියණියට ආර්ජන්ටිනාවේ සිටින චේගේ දෙමාපියන්ගෙන් එහි එන ලෙස ආරාධනයක්‌ ලැබෙයි. ආර්ජන්ටිනාව බලා පිටත් වීමට සූදානම් වන විටම හිල්ඩාගේ පියාට පණිවුඩයක්‌ ලැබෙයි. එමගින් කියෑවෙන්නේ චේ ජීවතුන් අතර සිටින බවය.
1957 ජනවාරි 28 වැනිදා හිල්ඩාට චේ ගෙන් ලිපියක්‌ ලැබෙන්නේය. කියුබානු භූමියේදී බැටිස්‌ටාගේ හමුදාව විසින් තමා ගින්නෙන් බෞතීස්‌ම කරන ලද ආකාරයේ සිට කියුබානු භූමියේ ගත කළ මුල් දින කිහිපය ගැන සම්පූර්ණ විස්‌තරයක්‌ එම ලිපියෙහි අඩංගුය

"ඔබ දන්නා පරිදි ටින් එකක අඩුක්‌ කරන ලද සාඩින් මාළු කූරියන් සේ ග්‍රැන්මා යාත්‍රාවේ හිර වී දින පහක්‌ තිස්‌සේ සමුද්‍රය තරණය කළ අපි අපගේ නියමුවාට මඟ වැරදීම නිසා නියමිත තැනින් නොව වෙනත් තැනකින් ගොඩ බැස්‌සෙමු. එය විශාල කඩොලාන තීරයකි. අපි පරෙවියන් රෑනක්‌ සේ විසිර ගියෙමු. මගේ බෙල්ල වෙඩි පහරකින් තුවාල වූ නමුත් මගේ පණ බළල් පණ තරම් හයිය නිසා ජීවිතය බේරිණ. "තමාගේ කමිස සාක්‌කුවේ තිබූ ලෝහ උණ්‌ඩ පුරවනයකට වෙඩිල්ල වැදුණ සැටිත්, අනතුරුව එතැනින් හැරුණ උණ්‌ඩය තම ගෙල දවාගෙන ගමන් කළ හැටිත් ඔහු විස්‌තර කළේය. "උණ්‌ඩය උඩ සාක්‌කුවේ තිබූ ලෝහ කවරයට වැදුණු නිසා මගේ පපුව සිදුරු වූයේ නැත. එහෙත් උණ්‌ඩය වැදීමේදී හටගත් කම්පනය ඉතා තදින් මට දැනිණ. මේ නිසා ඊළඟ දින කිහිපයම මගේ පිරිස සමඟ කැලය තුළ මා ගමන් කළේ මට විශාල තුවාල සිදු වී ඇතැයි කල්පනා කරමිනි. බැටිස්‌ටාගේ හමුදා ප්‍රහාරයෙන් පසු ෆිදෙල් ගේ කණ්‌ඩායම අපට මඟහැරී ගියේය. අපේ කණ්‌ඩායමේ අල්මේදා සහ රැටිරිටෝගේ මඟ පෙන්වීම සඳහා පුරා දින හතක්‌ තිස්‌සේ නිරාහාරව ද දිව ගිලෙන පිපාසය දරා ගනිමින් ද ගමන් කළ අපට අවසානයේදී ගම්මානයක්‌ හමුවිය. එහි වැසියන් අපට ආහාර ලබා දුන් අතර අවසානයේදී අපට ෆිදෙල් හමු විය.

මතු සම්බන්දයි...

චේ : අග්‍රගන්‍ය විප්ලවවාදියාගේ ජීවිත කතාව... 
27 වෙනි කොටස 

"ටෙටේ( චේ , දෙමාපියන් විසින් හැඳින්වූ සුරතල් නාමය) සම්පුර්ණ අසනීපකාරයෙක් විදිහට කුඩා කල පටන් සිටියේ.හැම රැයකම වගේ ඇදුම හැදෙන්න පටන් ගත්තා.මම නිදා ගත්තේ එයාගේ අල්ලපු ඇඳේ. ටෙටේ හයියෙන් හුස්ම ගන්න කොට , මම එයා මගේ දෑතට ගන්නවා.. දෑතට තුරුළු කරගෙන කාමරය පුරාම ඇවිදිනවා...අසනීපය යන්තම් සුව වෙලා නින්ද යනකල්ම මම බිමින් තියන්නේ නෑ..පාන්දර ඉරපායන්න ඩිංග වෙලාවකට ඉස්සර අරුණ නැගෙන කල්ම මම ටෙටෝව නලවමින් ඉන්නවා..එය අසනීපකාරය නිසා අපි දෙන්නම ටෙටේ ගැන විශේෂ අවදානයකින් හිටියේ.එයා වෙනුවෙන් දුක් විඳින්න උනා කියල අපිට කිසිම දුකක් දැනුනේ නෑ..

චේ ගේ පියා..අර්නෙස්ටෝ ගුවේරා ලින්ච් කුඩාකල මතකය අවදි කරමින් 
චේ ඇතුළු පිරිස එකිනෙකා මග හැරෙමින් සියෙරා මයෙස්ත්රා කඳුකරයේ සිටියදී දින ගණනකට පසුව පිදෙල් අවසානයේ හමුවන ආකාරය පසු ගිය ලිපියෙන් කීවෙමු...අද එතැන් සිට ....

චේ විසින් වරින් වර හිල්දාට ලිපි කිහිපයක් හුවමාරු කර ගත්තේය. 'ග්‍රැන්මා' යාත්‍රාවෙන් පැමිණි 82 ක කණ්‌ඩායමෙන් වැඩි හරියක්‌ මියගොස්‌ සිටි බව චේ දැන සිටියේය. එහෙත් ඔහු ඒ බව ඇයට දැන්වූයේ නැත. අසූ දෙදෙනාගෙන්ම ඉතිරි වී සිටියේ ෆිදෙල්, රාවුල්, කස්‌ත්‍රෝ හැරුණු විට තව 12 දෙනෙකු පමණි. 58 දෙනකුම සංහාරය කර තිබිණි. ගෝතමාලාවේ ගත කළ කාලයේදී චේට බොහෝ උදව් කළ නීකෝ ලෝපේස්‌ ද මියගොස්‌ තිබිණි. චේ ඒ බව ද සිය බිරිඳට සැඟවූයේ ඇය ඒ මගින් මානසික බිඳ වැටීමකට ලක්‌විය හැකි බව ඔහුට සිතුණු නිසා ය.
මෙතැන් සිට 'ග්‍රැන්මා මෙහෙයුම' ලෙස හැඳින්වෙන සන්නද්ධ ක්‍රියාකාරකම් ආරම්භ කිරීමට පිරිස්‌ බලය මඳ වීම නිසා ෆිදෙල්ට දුෂ්කර විය.ඒ අතර කියුබන් ආණ්‌ඩුව ගැන බරපතළ කලකිරීමකින් සිටි ගැමියන් හයදෙනෙක්‌ 1957 ජනවාරියේදී ෆිදෙල් ඇතුළු ග්‍රැන්මා මෙහෙයුමට එක්‌ වූහ. සියෙරා මසෙස්‌ත්‍රා කඳුකරයේ තැන තැන සැඟවුණු ඔවුහු රජයේ දේපළවලට ගරිල්ලා ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්හ. මේ පිරිස තම පළමුවැනි ජයග්‍රහණය වාර්තා කළේ සිසෙරා මසෙස්‌ත්‍රා කන්ද දිගේ පහළට එන 'ලප්ලානා' ගංගාව මුහුදට වැටුණු මෝය කට ආසන්නයේ සිටි කියුබන් රජයේ හමුදා අනුඛණ්‌ඩයකට එල්ල කළ සාර්ථක ප්‍රහාරයකිනි. චේ ඒ මෙහෙයුම වචනවලට නඟන්නේ මෙසේය." මේ ප්‍රහාරයෙන් හෙළි වුණේ කියුබන් ධනපති ආණ්‌ඩුවට විරුද්ධ සන්නද්ධ කණ්‌ඩායමක්‌ ඇත්තටම සිටින බවය. අපගේ ජයග්‍රහණය විදුලියක්‌ බඳු විය....." මේ කාලය වන විට චේ ඇතුළු කණ්‌ඩායමට තිබුණේ ආයුධ 22 ක්‌ පමණි. උණ්‌ඩ හිඟයක්‌ ද විය. හමුදා අනුඛණ්‌ඩය මරා දැමූ ග්‍රැන්මා කණ්‌ඩායම ඔවුන් සතුව තිබූ සියලු අවි සහ උණ්‌ඩ අත්අඩංගුවට ගත්හ.

1957 ජනවාරි 16 වැනිදා මේ හමුදා අනුඛණ්‌ඩය ගැන ග්‍රැන්මා කණ්‌ඩායම දැන ගත්තේ යාබද වතු යායක වැඩ කළ බේබදු ෆෝමන් කෙනෙකුගෙනි. වතුයාය අසල හමුදා අනුඛණ්‌ඩයන් ඇති බව දැනගත් චේ ඇතුළු පිරිස බේබදු ෆෝමන් අල්ලා ගෙන අනුඛණ්‌ඩය වෙත ගමන් කළ හැකි මාර්ග ගැන තොරතුරු දැන ගත්තේය. 1957 ජනවාරි 16 වැනිදා අඳුරු වැටුණු විට හමුදා අනුඛණ්‌ඩයේ නිවස්‌නය වට කළ ඔවුහු වමෙන්, දකණෙන් හා මධ්‍යයෙන් එයට පහර දුන්හ. චේ නායකත්වය දුන්නේ මධ්‍යයෙන් පහර දුන් කණ්‌ඩායමටය. හමුදා නිවස්‌නයට ගොඩනැඟිලි තුනක්‌ තිබිණි. වෙඩි වරුසා මැද බිම දිගේ බඩගාගෙන ගිය චේගේ කණ්‌ඩායම මේ ගොඩනැඟිලි තුනෙන් එකකට ගිනි තැබීය. ගින්න නිසා බියපත් වූ සොල්දාදුවෝ සටන අතහැර යටත් වූහ. මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් ඔවුන් සතු ආයුධ, පුපුරණ ද්‍රව්‍ය, ආහාර, රෙදිපිළි ඉන්ධන යනාදිය පැහැර ගැනීමට ගරිල්ලන්ට හැකි විය. ගරිල්ලන්ට මෙහිදී කිසිදු තුවාලයක්‌ නොවීය. එහෙත් බැටිස්‌ටාගේ සෙබළුන් දෙදෙනෙකු මියගිය අතර පස්‌දෙනකුට තුවාල සිදුවිය. දෙදෙනෙක්‌ සිර භාරයට ගන්නා ලදී. සෙස්‌සෝ පලා ගියහ. තුවාල ලද සෙබළුන්ට ප්‍රතිකාර කළ චේ ඇතුළු පිරිස බැරැක්‌කයේ ඉතිරි ගොඩනැඟිලිවලට ද ගිනි තබා සියෙරා ම සෙස්‌ත්‍රා කඳුකරයට පැන ගියහ. 

බැටිස්‌ටාගේ හමුදාව යුද සිරකරුවන් සම්බන්ධයෙන් සහ තුවාලකරුවන් සම්බන්ධයෙන් ක්‍රියා කළේ ඉතා නින්දිත ආකාරයකට බව චේ විස්‌තර කළේය. "අපගේ ප්‍රහාරවලින් තුවාල ලැබු බැටිස්‌ටාගේ හමුදා සෙබළුන්ට අපි ප්‍රතිකාර කළෙමු. අප ඔවුන් නිදහස්‌ කරන ලද්දේ සුදුසු ප්‍රතිකාර සුදුසු පරිදි සිදු වී යෑයි අපට ඒත්තු යැමෙන් පසුවය. එහෙත් බැටිස්‌ටාගේ හමුදාව අප කියුබන් භූමියට පය තැබූ විගසම වාගේ එල්ලකළ ප්‍රහාරය ඔවුන්ගේ අමානුෂිකත්වය ඔප්පු කරන්නක්‌ විය. ඔවුහු අපගේ හමුදාවේ තුවාලකරුවන්ව වෙඩි තබා මැරූහ. එමතුද නොව ඔවුන්ගේ ම හමුදාවේ තුවාල ලත් සෙබළුන්ට ද ඔවුන් සැලකුවේ නැත. ඔවුන් කළේ ඔවුන්ගේ තුවාලකරුවන් අත්හැර දමා යැමය........" බැටිස්‌ටාගේ හමුදාමය චර්යාව කොතරම් පිරිහී තිබුණේ ද යන්න මේ කාරණයෙන් ඔප්පු වෙයි. ඇමරිකානුවන් සමඟ සහයෝගයෙන් වැඩ කළ බැටිස්‌ටාට ඇමරිකානුවන්ට ද ඇති සියලු ගති ගතිගුණ පිහිටා තිබිණ.

මතු සම්බන්දයි....

චේ : අග්‍රගන්‍ය විප්ලවවාදියාගේ ජීවිත කතාව...
28 වෙනි කොටස

 චේ ඇතුළු ගරිල්ලන්ගේ පළමු සාර්ථක ප්‍රහාරය ගැන පසු ගිය ලිපියෙන් කතා කළෙමු. අද එතැන් සිට....

1957 ජනවාරි 16 වැනිදායින් පසු චේ ඇතුළු පිරිස තව තවත් ප්‍රහාර එල්ල කළහ. මේ ප්‍රහාර වලට ඔවුන්ට උපකාර කළේ සිලියා සැන්චේස්‌ සහ ප්‍රෑන්ක්‌ පයස්‌ යන කියුබානුවන් දෙදෙනා විසින් කියුබානු ගැමි ප්‍රදේශවල ජනතාවගේ උදව්වෙන් ඇති කර තිබූ තොරතුරු සහ සන්නද්ධ ජාලයකි. චේගේ හමුදාවට මිනිසුන්, අවි ආයුධ, පුපුරණ ද්‍රව්‍ය, ආහාර යනාදිය සපයන ලද්දේ මේ ජාලය මගිනි. කියුබාවේ ආණ්‌ඩු විරෝධී ග්‍රාමීය රහසිගත කැරලිකාර කණ්‌ඩායම් ජාලය සම්බන්ධීකරණය කිරීම සඳහා කස්‌ත්‍රෝ බලය පවරන ලද්දේ චේට ය. 1957 මාර්තු මාසයේදී ප්‍රෑන්ක්‌ පයස්‌ විසින් 50 දෙනකුගෙන් සමන්විත තරුණ ගරිල්ලන් කණ්‌ඩායමක්‌ චේ වෙත එවන ලදී. මේ සියලු දෙනාම තම මූලස්‌ථානය හැටියට තබා ගත්තේ සියෙරා මයෙස්‌ත්‍රා කඳුකරයයි. 1957 අප්‍රියෙල් අවසානය වන විට චේ සහ කස්‌ත්‍රෝගේ හමුදාව 80 ඉක්‌මවීය. මේ බලමුළුව විසින් එල්ල කරනු ලබන ප්‍රහාරවලින් උද්දාමයට පත් බැටිස්‌ටා විරෝධී දේශපාලන කණ්‌ඩායම් තුළ මහත් උද්දාමයක්‌ ඇති විය. මේ පිරිස්‌ අතුරින් පැමිණි තරුණ කොටස්‌ චේගේ හමුදාවට බැඳෙන්නට පටන් ගත්හ. ස්‌වදේශික ගැමි ජනයා මෙන්ම නාගරික මධ්‍යම පාන්තිකයෝ ද ක්‍රමයෙන් චේ හා කස්‌ත්‍රෝගේ චින්තනය සමඟ එකතු වන්නට වූහ. කියුබානු ප්‍රදේශ වූ සන්තියාගෝ, බයාවෝ. ගුවන්තනාමෝ, මන්සකිල්ලෝ වැනි ප්‍රදේශවල ජනයා විශාල වශයෙන් ආණ්‌ඩු විරෝධීසටනට එක්‌ වූහ.

මේ විප්ලවීයගරිල්ලා ව්‍යාපාරයේ වෛද්‍ය නිලධාරියා වූයේ ද චේ ය. කණ්‌ඩායම් සම්බන්ධීකරණය, සටන් මෙහෙයවීම, සටන්වලට සෙබළකු ලෙස එක්‌ වීම සහ තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීම යන සියල්ල ඔහු වෙත තිබු වගකීම් ය. සමහර විට චේ ගේ හමුදාවෙන් වෙඩි කා තුවාල ලබා චේ වෙතින්ම ප්‍රතිකාර ලබාගත් බැටිස්‌ටාගේ හමුදා සෙබළ පිරිස්‌ බැටිස්‌ටා පිළිබඳ කළකිරී විප්ලවීය හමුදාවට එකතු වූහ. 1957 මැයි 28 වැනිදා චේ සහ කස්‌ත්‍රෝගේ හමුදාව සහ බැටිස්‌ටාගේ හමුදාව අතර හටගත් සටනකදී ක්‍රියාකළ ආකාරය නිසා චේ ට තම හමුදාවෙන් ඉමහත් ප්‍රශංසා ලැබිණ. කියුබාවේ නිකුවේරෝ සහ සන්තියාගෝ නගර අතර ඇති මාර්ගයෙහි පිහිටි කුඩා ගම්මානයක්‌ වූ එල් උවේරෝ ගම්මානයේදී මේ සටන ඇති විය.

මේ සටනට බැටිස්‌ටාගේ යුද හමුදාවේ 80 දෙනෙක්‌ සහභාගි වූහ. චේ සහ කස්‌ත්‍රෝගේ හමුදාවට එම හමුදාව 53 දක්‌වා අඩු කිරීමට හැකි විය. එය පැය තුනක සටනකි. බැටිස්‌ටාගේ හමුදාවේ සෙබළු 14 ක්‌ මිය ගියඅතර 19 ක්‌ තුවාල ලැබූහ. ඉතිරි සෙබළු සියලු දෙනාම විප්ලවීය හමුදාවට යටත් වූහ. විප්ලවීය හමුදාවේ 7 දෙනෙක්‌ මියගියඅතර, 9 දෙනෙක්‌ තුවාල ලැබූහ. චේ මේ සටන පිළිබඳව පසුව මෙසේ ලිවීය.
"මේ ජයග්‍රහණය විසින් අපට දෙන ලද පණිවුඩයවූයේ අපගේ සහෝදරයන් ගරිල්ලන් වශයෙන් අංග සම්පූර්ණ වී සිටින බවය. ඒ මොහොතේ පටන් අපගේ ආත්ම ශක්‌තිය ඉතා ශීඝ්‍ර ලෙස ඉහළ යන්නට පටන් ගත්තේය. ජයග්‍රහණය කෙරෙහි අප තුළ වූ ආසාව සහ අරමුණු සහගත භාවය වර්ධනයවිය.ගත වූ මාස කිහිපය ඉතා අමාරු පරීක්‍ෂණ මාලාවක්‌ සමත් වීම හා සමාන විය. "මේ අත්දැකීම් සමූහය නිසා සතුරු හමුදා ක්‍ෂණිකව වටකර පහර දීමේ ක්‍රමවේදයක්‌ ඇතිකර ගැනීමට විප්ලවීය හමුදාවට හැකි විය.
එල් උවේරෝ ප්‍රහාරයෙන් පසු චේ සහ කස්‌ත්‍රෝගේ විප්ලවීය හමුදාව භයානක තර්ජනයක්‌ ලෙස හඳුනා ගැනීමට බැටිස්‌ටා සහ සී. අයි. ඒ. සංවිධානයට සිදු විය. විප්ලවීය හමුදාවේ ප්‍රහාර නිසා බැටිස්‌ටාගේ හමුදාව එල් උවෙරෝ අවට ගම්මාන වෙතින් ඉවත් වීමට පටන් ගත්හ. එය ගැමියන් තුළ ඇති කළේ මහත් සහනයකි. බැටිස්‌ටාගේ හමුදා නිරන්තරයෙන් ම ගැමියන්ට හිරිහැර කර තිබිණි. ඔවුහු ගැමියන් කොල්ල කෑහ. ඔවුන් අපහරණය කළහ. එම මිනීමරු කොල්ලකාරී හමුදාව පසුබැස ගියේ චේ සහ කස්‌ත්‍රෝගේ විප්ලවීය හමුදාව නිසා බව තේරුම් ගත් ගැමියෝ එම හමුදාවට කොන්දේසි විරහිතව සහාය පළ කරන්නට පටන් ගත්හ. ගැමියන්ට කරුණාවෙන් සැලකූ විප්ලවීය හමුදාව ඔවුන්ගේ දේපළ අයිතිය පිළිගනිමින් ද ඔවුන් වෙතින් ලබා ගන්නා ආහාර වෙනත් ද්‍රව්‍ය වලට නිසි මිලක්‌ ගෙවමින් ද, ඔවුන් අතුරින් රෝගී වන අයට ප්‍රතිකාර කරමින්ද, දුප්පතුන්ට ආධාර උපකාර කරමින්ද. ගෞරවණීය ජීවිත ගතකළහ. මෙය දුටු ගැමියෝ ඉමහත් පුදුමයට පත් වූයේ බැටිස්‌ටාගේ හමුදාව කවදාවත් මෙසේ හැසිරී නැති බැවිනි.

මතු සම්බන්දයි ....
චේ : අග්‍රගන්‍ය විප්ලවවාදියාගේ ජීවිත කතාව...
29 වෙනි කොටස

නල මුදු සුවඳ මැද දැයකට දෙන අබය
සලකුණු මැවේ මිහි මව පෙර මග සුබය
සැලමුතු පෙමින් මතුකළ උල්පත නිබය
එළඹුන යුගය අබිබෙව් මිනිසා නුඹය

චේ ඇතුළු කියුබානු ගරිල්ලන් දිගින් දිගටම බැටිස්ටාගේ පාලනයට් එරෙහිව එල්ල කල ප්‍රහාරයන් සාර්ථකව එල්ල කරමින් ඉදිරියට පැමිණෙන අයුරු පසු ගිය ලිපියෙන් විස්තර කළෙමු .. අද එතැන් සිට .....

චේගේ පළමුවන විප්ලවීය උසස්‌වීම

1957 ජූලි 21 වැනි දා චේ ගෙවාරාට ඉතා විශේෂය. හේතුව එදින ඔහු කියුබන් විප්ලවීය හමුදාවේ කොමන්දන්තේ (කමාන්ඩර් කෙනකු හෝ මේජර් කෙනකු හඳුන්වන ස්‌පාඥ්ඥනාමය) ලෙස කස්‌ත්‍රෝ විසින් පත් කරන ලදී. මේ වන විට විප්ලවීය හමුදාවේ අනෙක්‌ එකම කොමන්දන්තේවරයා වූයේ ෆිදෙල් කස්‌ත්‍රෝ ය. මේ ප්‍රදානය මගින් කස්‌ත්‍රෝ අනාගත කියුබාවේ පාලන අධිකාරිය නමැති ඒකකය තුළ චේට තමා හා සමාන තැනක්‌ දුන්නේය. මේ අනුව කියුබාවේ අනාගත ජනාධිපති පදවිය සඳහා අයිතිවාසිකම් කීමට නිල වශයෙන් හැකියාව ලැබෙන, කස්‌ත්‍රෝ හැරුණු විට අනෙක්‌ පුද්ගලයා බවට පත් වීමට චේට හැකියාව ලැබුණේ ය. කස්‌ත්‍රෝ මෙය කරන ලද්දේ චේගේ විප්ලවීය දායකත්වයට ගෞරව කිරීමක්‌ වශයෙනි. මේ අතර ප්‍රධාන හමුදාවට සමගාමීව තවත් ගරිල්ලා හමුදාවක්‌ ඇති කළ කස්‌ත්‍රෝ එයට සමගාමීව තවත් ගරිල්ලා හමුදාවක්‌ පිහිටුවා එහි නායකත්වයට චේ පත් කළේය. 'නිර්ධන ගැමියෝ' ලෙස නම් තබන ලද එම හමුදාව ප්‍රධාන හමුදාව සමඟ යමින් රජයේ හමුදාවට ප්‍රහාර එල්ල කළේය. ලතින් ඇමරිකාවේ විවිධ ජාතීන්ට අයත් ධනපති විරෝධී කොමියුනිස්‌ට්‌ මතධාරී ගැමියන් 75 දෙනෙක්‌ මෙහි වූහ.

'කොමන්දන්තෙ' තනතුර ලැබීම ගැන චේ ගෙවාරාගේ මතක සටහන් මෙසේය.

දිනක්‌ අපි අපගේ සහෝදර සටන්කාමියකු වූ ෆ්‍රෑන්ක් පයාස්‌ට සුබ පතමින්ද. ජය පතමින්ද, ලිපියක්‌ ලීවෙමු. ඔහු සන්තියාගෝ පළාතේ නිවසක සැඟව සිටිමින් බැටිස්‌ටාගේ දක්‍ෂිණාංශික හමුදාවට පහර දුන්නේය. ඔහුට යෑවූ ලිපියේ, අත් අකුරු දැන සිටි අපේ හමුදා කණ්‌ඩයේ සියලුම දෙනා අත්සන් කළහ. (අපේ හමුදාවේ සිටි ගැමියන් වැඩි දෙනා අකුරු නූගත් අය ය.) මා අත්සන් කරන විට මගේ නමට ඉදිරියෙන් 'කොමාන්දාන්තේ' යනුවෙන් යොදන ලෙස ෆිදෙල් මට අණ කළේය. සිලියාසැනවේස්‌ මගේ තනතුරට නියමිත කුඩා ලෝහ තරුවක්‌ මට ප්‍රදානය කළාය. එය මගේ තොප්පියේ පළඳවන ලදී. පසු කාලයේදී මේ තරුව සහිත තොප්පිය පැළඳ චේගේ පින්තූරය ලොව පුරා විප්ලවවාදීන්ගේ පොදු 'සන්නයට' හෙවත් 'වෙළෙඳ ලකුණ' විය.

ලිපිය ෆ්‍රෑන්ක් පයාස්‌ වෙත යෑවීමෙන් දින කිහිපයකට පසු රජයේ හමුදා ඔහු සැඟව සිටි නිවසට ප්‍රහාරයක්‌ එල්ල කරන ලදී. 23 හැවිරිදි තරුණ පයාස්‌ එකෙනෙහිම මළේය. ඒ 1957 ජුලි 30 වැනිදා ය. පයාස්‌ මරණයට පත් වීමේ පුවත දැන නොසිටි චේ ඇතුළු ගරිල්ලා කණ්‌ඩායම පසු දින සියෙරා මසෙස්‌ත්‍රා කඳුකරයේ තිබූ කුඩා හමුදා මුරපොළකට පහර දුන්නේය. ඒ හාම තවත් මුරපොළකට පහර දෙන ඔවුහු බැටිස්‌ටාගේ සෙබළු හයදෙනකුට තුවාල කරයි. මේ සටන්වලදී චේගේ කණ්‌ඩායමේ අයකු මිය ගොස්‌ තිදෙනෙක්‌ තුවාල ලබති. ඔවුහු ප්‍රහාරයෙන් පසු කඳුකරයේ සිටි ආකර කම්කරුවෙක්‌ ඔවුන්ට එක්‌ වීමට කල්පනා කරයි. පසු කාලයේදී ඔහු කියුබන් විමුක්‌ති හමුදාවේ ප්‍රධානියෙක්‌ බවට ද පත්වෙයි.

කඳුකරයේ පිහිටි කඳවුරට එන චේ ඇතුළු පිරිස පයාස්‌ගේ මරණය ගැන දැන ගනිති. ඔහු එම සිදුවීම දකින්නේ විප්ලවයට සිදු වූ බරපතළ පාඩුවක්‌ හැටියට ය. පායස්‌ කියුබන් විප්ලවීය ව්‍යාපාරයේ සිටි වඩාත්ම පිරිස්‌ ද සහ අති දක්‍ෂ ක්‍රියාකාරිකයකු බවට චේ සිය මිතුරන් සමඟ පවසන්නේය. මේ අතර කියුබන් විප්ලවයට සහාය පළ කරන විශාල පිරිසක්‌ රජයේ හමුදා විසින් සංහාරය කෙරේ. එයට විරුද්ධව කියුබන් අගනුවර වූ හවානාවේ විරෝධතා ව්‍යාපාර හටගත් විට රජය ප්‍රවෘත්ති පාලනයක්‌ පැනවීය. චේ මෙසේ ලිවීය ෆ්‍රැනික්‌ පයස්‌ ඝාතනය කිරීම අපේ ව්‍යාපාරයට කරන ලද විශාල රිදවීමකි. එහෙත් එයට විරුද්ධ වූ ජනතාව විශාල වශයෙන් අපට එකතු වන්නට විය. ෆ්‍රෑන්ක් පයාස්‌ සිය මරණයෙන් පසුවද විප්ලවයට උපකාර කළේ එසේය.

1952 අගෝස්‌තු මාසය චේ ඇතුළු පිරිස සියෙරා මසෙස්‌ත්‍රා කඳුකරයේ පිහිටි එල්. ගොම්බ්‍රිතෝ නිම්නයේ කඳවුරු බැඳ සිටියහ. ඒ හමුදාව ඉතා විශාල වූ අතර අලුතින් බඳවා ගත් තරුණයන් විශාල පිරිසක්‌ ද එයට ඇතුළත් වූහ. ඔවුන් යුද පුහුණුව දීමට නියමිතව සිටි අය වූහ. සමහරු යුද පුහුණුව ලබමින් සිටි අය වුහ. එහෙත් හදිසි ප්‍රහාරයක්‌ එල්ල වුවහොත් ප්‍රති ප්‍රහාර එල්ල කිරීමේ අවදානමට ද ඔවුහු මුහුණ දී සිටියහ. චේ කියූ පරිදි ඒ කඳුකර නිම්නය කියුබාවට අයත් නිදහස්‌ භූමි භාගයකි. එයට ඇතුළු වන හෝ පහර දෙන ඕනෑම සතුරකුට පහර දීමේ වගකීම ඔවුන්ට පැවරී තිබිණි.

මතු සම්බන්දයි ...
චේ : අග්‍රගන්‍ය විප්ලවවාදියාගේ ජීවිත කතාව...  
30 වෙනි කොටස

නල මුදු සුවඳ මැද දැයකට දෙන අබය
සලකුණු මැවේ මිහි මව පෙර මග සුබය
සැලමුතු පෙමින් මතුකළ උල්පත නිබය
එළඹුන යුගය අබිබෙව් මිනිසා නුඹය

කොමන්දන්තේ තනතුර පුද කරමින් චේ කියුබානු විප්ලවයේ මිලිටරි නායකත්වයට පත් කල අයුරුත් දිගින් දිගටම ගරිල්ලා සටන් ක්‍රම මගින් බැටිස්ටාගේ පාලනයට තද පීඩනයක් එල්ල කරන අයුරුත් පසු ගිය ලිපියෙන් කතා කළෙමු..අද එතැන් සිට

1957 අගෝස්‌තු 27 වැනිදා බැටිස්‌ටාගේ සෙබළුන් විශාල පිරිසක්‌ එල් හොම්බ්‍රිතෝ නිම්නය දෙසට ගමන් කරමින් සිටින බවට ගම්වැසියෙක්‌ ඔත්තුවක්‌ ගෙනාවේය. සොල්දාදුවන් පසුකර යැමට නියමිත මාර්ගය දෙපස තැන තැන චේ සහ ඔහුගේ හමුදාව සැඟවුණහ. සතුරාට එසැණින් ප්‍රහාර එල්ල කිරීම ඔවුන්ගේ සැලසුම විය. සොල්දාදුවන්ගේ ගමන් මාර්ගය වැටී ඇත්තේ විශාල ගල් තලාවක්‌ වටාය. ඇතැම් තැනෙක මාර්ගයේ නැම්ම 90% ක්‌ විය. තම ගරිල්ලන් 10 - 12 ත් ගල් තලාව මතට යවා සෙබළුන්ට ප්‍රහාර එල්ල කිරීම චේගේ අදහස විය. ඉන් පසු එහි ගිය සොල්දාදුවන්ගේ ආයුධ අත්පත් කරගනු ලැබේ. එහෙත් හදිසිකාරයෙක්‌ වූ තරුණ ගරිල්ලෙක්‌ සෙබළුන් නියමිත ලෙස ගල් තලාව වටා වූ මාර්ගයට පිවිසෙන්නට පෙර වෙඩි තැබීය. එයින් සෙබළ කණ්‌ඩායමේ මුලින් පැමිණි සෙබළකුට තුවාල සිදුවිය. ඒ අතර බැටිස්ටාගේ සෙබළු ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්හ. එහෙත් අවසානයේ පය ගණනක සටනකින් පසුව බැටිස්‌ටාගේ සෙබළු පරාජය වූහ.

"විප්ලවීය යුද්ධයේ පරිච්ඡේද" යනුවෙන් පසු කාලයේදී ලියන ලද පොතක චේ මෙසේ සඳහන් කර ඇත.

"එතැන සිටි බැටිස්‌ටාගේ සෙබළුන් ගණන 180 කි. ගරිල්ලන් මෙබඳු පිරිසකට පහර දෙන විට මර්මස්‌ථානවලට පහර දිය යුතුය. එවිට කලබල වන සෙබළු කණ්‌ඩායම විසිරී කැඩී බිඳී යයි. එසේ තනිවන කණ්‌ඩායම්වලට නැවත පහර දී පරාජය කළ හැකිය. මේ ක්‍රමය තහවුරු වූ යුද උපක්‍රමයක්‌ බවට පත් වන තුරු අපි අත්හදා බැලුවෙමු. එය සාර්ථක ක්‍රමයකි. මෙයට බිය වූ බැටිස්‌ටාගේ සෙබළු සියෙරා මසෙස්‌ත්‍රාවට පැමිණීමෙන් වැළකී සිටියහ. අපගේ සෑම යුද උපක්‍රමයක්‌ ම ස්‌ථාපිතයක්‌ බවට පත් වීම සඳහා සටන් කිහිපයකදීම අත්හදා බැලිය යුතුව තිබිණ. කුඩා සටන් විශාල ප්‍රමාණයක්‌ ජය ගැනීම නිසා අපේ හමුදාව මහත් සතුටට පත්ව සිටියහ. එහෙත් අපට තවමත් වැඩි වශයෙන් තිබුණේ සැහැල්ලු ආයුධ ය. අප සටන් කළේ සකලාංග සම්පූර්ණ සන්නද්ධ යුද හමුදාවක්‌ සමගය."

දිගින් දිගටම විප්ලවකරුවන්ගෙන් එල්ලවන ප්‍රහාර නිසා පීඩාවට පත් බැටිස්‌ටාගේ හමුදාවේ චිත්ත ධෛර්යය දිනෙන් දිනම බිඳ වැටෙමින් තිබිණි. 1958 ජුලි මැද භාගයේ පළමු දින 11 තුළ විප්ලවකරුවෝ බැටිස්‌ටාගේ සොල්දාදුවන් 200 ක්‌ අත්අඩංගුවට ගත්හ. මේ කිසිවකුත් නොමරන ලදී. යටත් වූ සමහර සොල්දාදුවන් විප්ලවීය හමුදාවට බැඳෙන්නට පටන් ගත් අතර එය ඇමරිකන් ගැති කියුබන් ආණ්‌ඩුවට එල්ල කෙරුණු පහරක්‌ විය. ක්‍රමයෙන් සියෙරා මැයෙස්‌ත්‍රා කඳුකරයෙන් බැටිස්‌ටාගේ හමුදාව අතුගා දමනු දක්‌නා ලදී. මේ සටන්වලදී රජයේ සොල්දාදුවන් තවත් 1000 ක්‌ අල්ලා ගැනීමට විප්ලවීය හමුදාවට හැකි විය. එයින් තුවාලකරුවන් 450 ක්‌ රතු කුරුස සංවිධානයට භාර දෙන ලදී. මේ අතර කස්‌ත්‍රෝ මරා හෝ පණපිටින් අල්ලා ගැනීමට බැටිස්‌ටා තවත් විශාල හමුදාවක්‌ කඳුකරයට එවීය. ඉතා උපක්‍රමශීලී ලෙස සටන් කළ චේගේ හමුදාව බැටිස්‌ටාගේ හමුදාව පැරදවීය. එම සටන පිළිබඳ තොරතුරු ලබා ගත් ඇමරිකන් යුද හමුදා ප්‍රධානීන් පවා චේගේ සටන් සැකසුම් ගැන පුදුමයට පත් වූ බව කියනු ලැබේ. බැටිස්‌ටාගේ මෙහෙයුම ගරිල්ලන්ගේ වාසියට තීන්දු වීමෙන් ඉමහත් කීර්තියක්‌ අත්පත් කර ගැනීමට චේට සහ කස්‌ත්‍රෝට හැකි විය. මේ අනුව 1958 ජුලි 20 වැනිදා බැටිස්‌ටාට විරුද්ධ කියුබන් දේශපාලන පක්‍ෂ සියල්ලෙහිම නායකයන් වැනිසියුලාවේ කරකාස්‌ නුවරදී ඒකාබද්ධ ප්‍රඥප්තියක්‌ අත්සන් කරමින් චේ සහ කස්‌ත්‍රෝගේ සන්නද්ධ ව්‍යාපාරයට සහාය පළ කර සිටියහ.

මේ අතර විප්ලවීය හමුදාව දිගටම ඉදිරියට ගියේය. නගර කිහිපයක්‌ අත්පත් කර ගැනීමට ඔවුන්ට හැකි විය. මෙසේ අල්ලා ගත් නගර පිහිටි වැදගත් පළාතක්‌ වූයේ ලාස්‌ විලාස්‌ ය. මෙය කියුබාවේ මර්මස්‌ථානයකි. ලාස්‌ විලාස්‌ අත්පත් කර ගැනීම කියුබාව දෙකඩ කර රටෙන් භාගයක්‌ අත්පත් කර ගත්තා සමාන වෙයි. කස්‌ත්‍රෝගේ නියෝගය අනුව චේගේ හමුදා දෙකක්‌ ලාස්‌ විලාස්‌ හි කඳවුරු බැඳ ගත්හ. අනතුරුව පහළින් පිහිටි නිම්නය ද තම අණසක යටතට ගත්හ. ඒ 1958 අගෝස්‌තු මාසයයි. ඊළඟට එළැඹි සැප්තැම්බරය වැසි කුණාටු යනාදියෙන් ගහන විය. ඉදිරියට යන චේගේ හමුදාවට ගංවතුරෙන් පිරීගිය ප්‍රදේශ තරණය කරන්නට සිදු විය. ඇතැම් ගංගාවක සැඩ පහර ඉතා දරුණු විය. "අපි බඩගින්න හා පිපාසය මැද විශාල බර අවි ඔසවාගෙන ඉදිරියට ගියෙමු. කොතරම් ගං වතුර තිබුණත් ඒවා මඩ සහිත බැවින් බීමට නොහැක....." චේ පසු කලෙක සිය සටන්කාමී ගමනේ අත්දැකීම් ලියද්දී සඳහන් කළේය.
චේගේ හමුදාව ගමන් කළේ කැටගුයි නමැති තැනිතලා භූමිය හරහා ලාස්‌ විලාස්‌ පළාතේ එහා කොනටය. ඒ අතර බැටිස්‌ටාගේ හමුදාව ගුවනින් පැමිණ ඔවුන්ට ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්හ. එහෙත් ගැමියෝ හැකි සෑම ආකාරයකින් ම චේ ඇතුළු පිරිසට උදව් කරන්නට වූහ. විප්ලවීය හමුදාවට මඟ පෙන්වමින් ඔවුන් සමඟ ඉදිරියට ගිය ඔවුහු හමුදාවට ආහාර පාන ද ලබා දුන්හ. රජයේ හමුදාවට මුහුණ දෙමින් ඉදිරිය බලා ගමන් කළ ඔවුහු සටනින් සටන ජය ගැනීමේ පදනම මත කටයුතු කළහ. ඔවුන්ගේ ඉදිරි ගමන බැටිස්‌ටාගේ හමුදාවල ආත්ම ශක්‌තිය බිඳ දැමීමට හේතු විය.

මතු සම්බන්දයි ...
චේ : අග්‍රගන්‍ය විප්ලවවාදියාගේ ජීවිත කතාව... 31වෙනි කොටස

" මුදල් නොමැති නිසාම දෙමාපියන්ට සිය දරුවන් වෙනුවෙන් කිසිවක් කර කියා ගන්නට බැරිව ඉන්නා හැටි මම දැක්කා . මේ සදාතනික බඩගින්න නිසාම තමන්ගේ දරුවන්ගේ මරණය දිහා බලාගෙන ඉන්න පුළුවන් තිරිසන් ආසාවක් තරමට මිනිස්කම පිරිහිලා තියෙන හැටි මම දැක්කා . වෛද්‍ය විද්‍යාවට විශාල දායකත්වයක් ලබා දෙන පරීක්ෂකයෙකු වශයෙන් ප්‍රසිද්ද වනවාට වඩා මේ අසරණ මිනිසුන්ට උපකාර කිරීමේ වැඩි වැදගත් කමක් තියෙන බව මට වැටහුනා . ඒ නිසා දොස්තර කෙනෙකු වීමට ඉගන ගන්නවාට වඩා විප්ලවකාරයෙක් විදිහට මම වැඩි සතුටක් ලබා ගත්තා "
අර්නෙස්ටෝ චේ ගවේරා

ලාස් විලාස් වැනි නගර අත් පත් කරගනිමින්, ජනතාවගේ ප්‍රසාදය දිනා ගනිමින් කියුබානු සටන් කාමීන් ඉදිරියට යන අයුරු පසු ගිය ලිපියෙන් කතා කළෙමු. අද එතැන් සිට...

මේ අතර 1958 නොවැම්බර් මාසයේදී තවදුරටත් ජනතා විරෝධයට මුහුණ දීගත නොහැකි වූ බැටිස්‌ටා ව්‍යාජ මහමැතිවරණයක්‌ පැවැත්වීමට කටයුතු සංවිධානය කළේය. එම ඡන්දයට සහභාගි වීමෙන් වැළකී සිටින ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටි කස්‌ත්‍රෝ තම කැරැලිකරුවන් ලවා ඡන්දපළවලට ප්‍රහාර එල්ල කරමින් ඡන්දය කඩාකප්පල් කළේය. මේ අතර වැනිසියුලාවේ කරකාස්‌ නුවරදී කස්‌ත්‍රෝට සහ චේට පක්‍ෂව ගිවිසුම් අත්සන් කළ කියුබාවේ සියලු දේශපාලන පක්‍ෂ මැතිවරණය වර්ජනය කළ අතර එම පක්‍ෂ සමඟ සිටි සියලු පුරවැසියෝ ද මැතිවරණය වර්ජනය කළේය. මේ නිසා බැටිස්‌ටා පොලිසිය යොදවා සාමාන්‍ය ජනයාට එරෙහිව භීෂණකාරී ව්‍යාපාරයක්‌ ආරම්භ කළහ. මේ නිසා ජනතාව තුළ හටගත් කලකිරීම් ප්‍රයෝජනයට ගත් විප්ලවීය හමුදාව බැටිස්‌ටා පලවා හැරීමේ අන්තිම සටනට සූදානම් වූහ.

අවසන් සටන මද චෙට නැවතත් පෙම් වතියක් මුණ ගැසේ. චේගේ හමුදා සටන් කළ එස්‌තැම්බ්‍රේ කඳුකරයේදී චේට අලෙයිදා මාර්ච් නමැති තරුණියක හමුවෙයි. ඇය ගරිල්ලා හමුදාව තුල සිටි නිර්භීත සටන්කාමී තරුණියකි. පාසල් ගුරුවරියක වූ ඇය චේගේ විප්ලවීය හමුදාවට සම්බන්ධ ව සිටියාය. පසුව අවි ප්‍රවාහනය, මිලිටරි ප්‍රහාර වල මෙන්ම විප්ලවීය ව්‍යාපාරයේ පණිවුඩකාරියක ලෙස ද කටයුතු කළාය.
විප්ලවීය හමුදාවට මුදලින් කරන ආධාර චේ වෙත යවන ලද්දේ ඇය මගිනි. ඇයට නියෝග කෙරුණේ කඳුකර, වනගහනයන් සහ සටන් පෙරමුණු අතරින් ගොස්‌ චේට මුදල් භාර දී එම හමුදාව සමඟ නැවතීමය. මන්ද යත් ඇය ආපසු එන ගමන අන්තරාදායක වූ හෙයිනි. ඇය මුදල් ප්‍රවාහනය කළේ තම සිරුරට තබා බැඳ ඊට උඩින් ඇඳුම් ඇඳගෙනය. මුල් හමුවේදී ඇය චේට පේසෙන් 50,000 ක්‌ දුන්නාය. තමා චේ හමුදාව සමඟ නවතින බවත්, බැටිස්‌ටාගේ හමුදාව තමන් පසුපස එමින් සිටින නිසා එසේ කිරීමට තීරණය කෙරුණු බවත් ඇය චේට කීවාය. එහෙත් චේ එයට විරුද්ධ විය.

තමා සෙබළියක ලෙස වැඩ කිරීමට සූදානම් බව එවිට ඇය චේට කීවාය. එහෙත් ඇය නවතිනවා නම් , නැවතිය යුත්තේ සටන් කඳවුරේ හෙදියක ලෙස බව චේ කීවේය. තමා වසර දෙකක්‌ ගරිල්ලා සෙබළියක ලෙස බැටිස්‌ටාගේ හමුදාවට විරුද්ධව සටන් කර ඇති නිසා 'සටන' තමන්ට අයත් රාජකාරියකැයි අලෙයිදා තර්ක කළාය. එවිට තම පුද්ගලික ලේකම් ලෙස කටයුතු කරන ලෙස චේ ඇයට කීවේය. චේගේ කැරළිකාර ගරිල්ලන් පිරිස බැටිස්‌ටාගේ හමුදාවට පහර දෙමින් ගම් දනව් පසුකර ඉදිරියට ගොස්‌ සාන්ත ක්‌ලාරා නමැති ප්‍රාදේශීය අගනුවරට පැමිණි විට චේ ඇයට M1 වර්ගයේ රයිෆලයක්‌ ලබා දී එය ඇය විසින් උපයා ගන්නා ලද්දකැයි කීවේය. මේ අනුව තමා ගරිල්ලා සටන්කාරියක ලෙස චේ විසින් හඳුනාගනු ලැබ ඇති බව ඇය තේරුම් ගත්තාය. මෙහි සිටින සියලුම විප්ලවීය සටන්කාමින් සහ තමන් අතර වෙනසක්‌ නැති බවට චේ තුළ තක්‌සේරුවක්‌ ඇති බව ඇයට වැටහින. චේ හා අලෙයිඩා මාච් අතර ප්‍රේමය දළු ලා වැඩෙද්දී සටන එන්න එන්නම තීව්‍ර විය. චේ ගේ බල ඇණියට අනුයුක්තව අලෙයිඩා සටන් කළේය. එහෙත් කිසිදු විශේෂ වරප්‍රසාදයක් යට හිමි නොවුනි. විප්ලවීය සම්ප්‍රදාය තුල කිසිදු පෞද්ගලිකත්වයක් නොමැති බව චේ ගේ ජීවිතය පිළිබඳව කියවන ඔබට යම් වැටහීමක් ඇතිවේ. චේ යනු අසාමාන්‍ය ජීවගුනයකින් පිරිපුන් 20 වෙනි සියවසේ ලොව බිහි වූ නොමියන මිනිසුන්ගෙන් කෙනෙකි.

මතු සම්බන්දයි ...
චේ : අග්‍රගන්‍ය විප්ලවවාදියාගේ ජීවිත කතාව...
32 වෙනි කොටස

චේ මට වඩා විප්ලවීය දර්ශනයක් තිබෙනවා .ඒ පිලිබඳ දෘෂ්ටිය සහ සිද්දාන්තයන් වඩාත් ඉදිරියෙන් ඇති බව පෙනෙනවා. මගේ මතවාදයන් හා සැසදීමේදී ඔහු ඉදිරියට පා තැබූ විප්ලවවාදියෙක් .

පිදෙල් කස්ත්රෝ කියයි ....

පසුගිය කොටසින් චේ ගේ නව පෙම්වතිය මුණ ගැසීමත් සටන් බිමේ ජයග්‍රහණ මැදින් ශාන්ත ක්ලේරා වෙත පිය මනින ආකාරයත් කතා කළෙමු. අද එතැන් සිට ....

1958 දෙසැම්බරය වන විට චේගේ බළකාය, තමන්ට ආධාර කරන වෙනත් කණ්‌ඩායම්වල ද සහයෝගය ලබමින් ඉදිරියට හමුවන සෑම ගමක්‌මත්, නගරයක්‌මත් අල්ලා ගත්තේය. ලාස්‌ විලාස්‌ පළාත හරහා වැටී ඇති අධිවේගී මාර්ග සහ සියලුම දුම්රිය මාර්ග විප්ලවවාදීන්ගේ අනසකට ගත අතර ඒ පළාත රජයේ හමුදාවන්ට තහනම් ප්‍රදේශයක්‌ බවට පත් කළේය. ඒ අතර බැටිස්‌ටාගේ ගුවන් හමුදාව ඔවුන්ට ගුවනින් පහර දුන්නේය. සමහර තැන් වලදී යුද ටැංකි සහ බර අවි සහිත හමුදාවලට මුහුණ දීමට ද චේට සිදුවිය. එහෙත් ඒ හැම විටකම සතුරා පැරදවීමට විප්ලවීය හමුදාවට හැකි විය. ලද සෑම පරාජයකදීම බටිස්ටගේ හමුදාව විශාල මානසික පරිහානියකට පත්විය. සටන අරඹා සති කිහිපයක්‌ තුළ වර්ග සැතපුම් 3000 ක්‌ අත්පත් කර ගැනීමට විප්ලවීය හමුදාව සමත් විය. ගරිල්ලන් මාරාවේෂව ප්‍රහාර එල්ල කරනු දුටු බැටිස්‌ටාගේ හමුදාව ක්‍රමයෙන් සටන් ප්‍රදේශවලින් ඉවත්වනු දක්‌නා ලදී. චේ අනුගමනය කළ සාර්ථකම සටන් ක්‍රමය වුයේ ක්‍ෂණික ගරිල්ලා ප්‍රහාරයයි .

ඊට අමතරව හමුදා බැරැක්‌ක වට කළ ඔවුහු වහා යටත් වන ලෙස සෙබළුන්ට තර්ජනය කර යටත් නොවුණොත් බැරැක්‌කවලට ගිනි තබන බව කීහ. ඇතැම් අවස්‌ථාවලදී ස්‌ථිර වශයෙන් ම බැරැක්‌කවලට ගිනි තබන ලදී. තමන් සතු සියලු අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය විප්ලවීය හමුදාවට භාර දුන් පසු ඔවුන්ට නිදහස ලැබිණි. නිදහස්‌ කරන ලද රජයේ සෙබළුන්ට විප්ලවයේ පරමාර්ථ සම්බන්ධයෙන් දේශනයක්‌ පැවැත්වීම සිරිත විය. ඉන් පසු පළාතේ කිසිදු තැනක නොනැවතී ඔවුන් ආපසු යා යුතු විය. සමහර අත්අඩංගුවට පත් වූ සෙබළුන් රතු කුරුස සංවිධානයට භාර දෙන ලදී. රජයේ හමුදා වෙතින් ගම් දනව් නිදහස ලබන බව දුටු ගම්වැසියෝ විප්ලවීය හමුදාවට සහයෝගය පල කරන්නට වූහ. මේ අතර 3200 ක රජයේ හමුදා සේනාංකයක්‌ සමඟ සටන් කිරීමට චේගේ 214 ක ගරිල්ලා හමුදාවට එක්‌තරා අවස්‌ථාවක සිදුවිය. ඒ 1958 දෙසැම්බර් 20 වැනිදාය. දෙසැම්බර් 27 වැනිදා වන විට කස්‌ත්‍රෝගේ හමුදා චේට ආධාර පිණිස හතර පැත්තෙන්ම පැමිණෙන්නට වූහ.

මේ සටන යද්දී චේ පසෙකින් හිඳ අලෙයිදා ද හරි හරියට සටන් කළාය. සටන පවතින ප්‍රදේශයේ මාර්ග ජාලය ගැන හොඳ දැනුමක්‌ ඇයට විය. මේ නිසා ඒ මාර්ගවල සිටි රජයේ හමුදා කණ්‌ඩායම් එකින් එකට පහර දීමටත් පොලිසි වැටලීමටත් චේට හැකි විය.

චේට මරාගෙන මැරෙන බළකායක්‌ විය. අධිරාජ්‍ය විරෝධි 18 හැවිරිදි තරුණයකු වූ රොබටෝ රොඩ්රිගුවෙස්‌ එහි නායකයා ය. ඔහු සමඟ එක්‌ වූ චේ වරක්‌ සන්නද්ධ රථ සහ යුද අවි තොග රැගෙන ගිය දුම්රියක පීලි පන්නවා දුම්රිය නැවැත්විය. ඉන් පසු චේගේ විප්ලවකාරී සෙබළුන් බෝම්බ ප්‍රහාරයක් දුම්රියට එල්ල කළේය . දුර සිට කරන සටන්වලට පමණක්‌ හුරුව සිටි රජයේ සෙබළ පිරිස මෙහිදී විශාල අමාරුවක වැටිණ. අවසානයේදී නිරායුධව දුම්රිය වෙත ගිය චේ දුම්රියේ සිටි හමුදා අණදෙන නිලධරයා සමඟ සාකච්ඡා කර දුම්රිය සහ අවි තොගය භාර ගෙන රතු කුරුස හමුදාව යටතේ නගරයට යැමේ අවස්‌ථාව චේ යටත් වූ හමුදාවට ලබා දුන්නේය.දැන් චේගේ හමුදාව යුද ටැංකි, ගුවන් යානා නාශක අවි සහිත අංග සම්පූර්ණ හමුදාවකි.

1958 දෙසැම්බර් 30 වැනිදා චේ එතෙක්‌ කලක්‌ තමා සමඟ පසෙකින් සිටි අලෙයිදාට සිය ආලය ප්‍රකාශ කරයි. සටන උග්‍රවන විට සතර දිසවෙන්ම ප්‍රහාරවලට බැටිස්ටාගේ හමුදාවන්ට සිදු විය, එක පසෙකින් කමිලෝ කොන්ෆියුගස් ගේ හමුදාවද, රවුල් කස්ත්‍රෝගේ හමුදාවද සාන්ත ක්ලේරා හිදී එක වී. එතැන් සිට ඔවුන් වර්ග කිලෝමීටර් 300ක වපසරියක සිය හමුදාවන් විහුදුවමින් ඉදිරියට ගමන් කරයි. විප්ලවීය හමුදාවන්ගේ එක්කයන පැතුම හාවානා නගරයේ බලය සියතට ගැනීමය. 1959 ජනවාරී පළමු වනදා සිය බලාපොරොත්තු සපල කරමින් ජයග්‍රාහීව චේ ඇතුළු විප්ලවීය නායකයන් පැමිණේ. එවිට බැටිස්ටා ඇමෙරිකානු රැකවරණය යටතේ කියුබාවෙන් පන ගොස් තිබුණි.

ලබන කොටසින් කියුබානු නව රජය ප්‍රකාශයට පත් කරන අයුරු සාකච්චා කරමු.
චේ : අග්‍රගන්‍ය විප්ලවවාදියාගේ ජීවිත කතාව... 
33 වෙනි කොටස

පුදා හලමුත් ජීවිතේ - උපන්නේ ජනතා හදේ
ඔබෙන් නැගී හඬ රණ බිමේ - විජය ගීතය වේ අපේ

විප්ලවයේ කඩ ඉම තෙක් ජයග්‍රාහීව චේ , පිදෙල්, කැමිලෝ , රාහුල් වැනි විප්ලවීය නායකයන් කියුබානු අගනගරය වන හවානා නුවරට පැමිණි ආකාරය පසු ගිය ලිපියෙන් කතා කළෙමු. අද එතැන් සිට.....

1959 ජනවාරි මාසයේදී බැටිස්‌ටාගේ රජය පෙරළා දමා ෆිදෙල් කස්‌ත්‍රෝ විසින් පිහිටුවන ලද නව රජය විප්ලවයට නායකත්වය දුන් වාමාංශික කොටස්‌වලද, විප්ලවයට සහභාගි නොවූ නමුත් බැටිස්‌ටාගේ පාලනයට විරෝධය පළ කළ කියුබානු දේශපාලන නායකයන්ගෙනුත් සමන්විත සභාගයකි. එහෙත්, පිහිටුවා ස්‌වල්ප කලකින්ම රජය තුළ අභ්‍යන්තර අර්බුද ඇති විය. එය මැඬපැවැත්වීමටත්, බලය තමන් අතට ගැනීමටත් විප්ලවයට ක්‍රියාකාරී ලෙස දායක වූ කොටස්‌ ක්‍රියා කළහ. මෙය පශ්චාත් විප්ලවීය අර්බුදකාරී තත්ත්වයකි. සාමාන්‍යයෙන් වාමාංශික විප්ලවයකින් පසු පිහිටුවන සභාග රජයක්‌ ආශ්‍රයෙන් බොහෝවිට ඇතිවිය හැකි තත්ත්වයකි.

හවානාවේ පැරැණි කොටසේ ලා කාබානා නමැති බළකොටුවක්‌ තිබේ. මේ බලකොටුවේ සිටි හමුදාවලට අණදෙන නිලධාරියා වුයේ චේ ය. නව විප්ලවීය රජයේ ප්‍රමුඛ බලවේගයක්‌ ලෙස මේ බළකොටුව ක්‍රියාත්මක විය. චේ ලා කබානා බළකොටුව විශාල හමුදා පුහුණු පාසලක්‌ බවට පරිවර්තනය කළේය. අනතුරුව චේ සුවිශාල බළකොටුව තුළ කර්මාන්ත ශාලා සමූහයක්‌ ද ගොඩනංවන ලදී. බැටිස්‌ටාට එරෙහි විප්ලවය නිමාවට පත් වුවද නියම විප්ලවය පටන් ගන්නේ මෙතැන් සිට යෑයි චේ අලෙයිදාට කීවේය. රටේ හැමදෙනාටම අලුත් ජීවිත ලැබී තිබිණ, ඒවාට ඔවුන් පුරුදු විය යුතුව තිබිණ. සමාජ අනුපිළිවෙළ යළි තහවුරු කළ යුතුව තිබුණු අතර ඒ සඳහා ජනයා පුරුදු කළයුතු බව චේ කීවේය. විප්ලවයේ උදාතරුව හෝ නියමුවා ලෙස ක්‍රියා කළ යුතු විප්ලවීය හමුදාවේ නියම වගකීම කුමක්‌ද යන්න පැහැදිලි කෙරෙන ප්‍රඥප්තියක්‌ චේ පිළියෙල කළේය. ඔහු එය සිතෙන් හදමින් කියවන අතර පිටපත් කර ගන්නා ලද්දේ අලෙයිදාය. ඇය ඔහුගේ පෙම්වතියට අමතරව තවමත් පෞද්ගලික ලේකම් ය.

චේ සහ විප්ලවීය යුද්ධාධිකරණය:

බැටිස්‌ටා පාලනය යටතේ මිනීමරුවන් ලෙස ක්‍රියා කළ අයටත්, දාමරිකයන්ට සහ වධකයන්ටත් දඬුවම් දීම සඳහා විප්ලවීය යුද්ධාධිකරණ පිහිටුවීම 1959 ජනවාරි මාසයේදීම ආරම්භ විය. විවිධ වැරැදිවලට සම්බන්ධ වූ රජයේ නිලධාරීන්, සන්නද්ධ හමුදාවල සාමාජිකයන්, පොලිස්‌ නිලධාරීන්, යනාදීන් සම්බන්ධයෙන් නඩු ඇසීමට පිහිටුවන ලද අධිකරණ සමූහය ක්‍රියාත්මක වූයේ විප්ලවීය හමුදාවේ කපිතාන්වරයකු වූ නීතිඥයකු යටතේය. ලා කබානා බළකොටුවේ ඉහළම නිලධාරියා චේ වූ බැවින් දඬුවම් නියම වූ අපරාධකරුවන්ගේ පවුල්වල අය චේ වෙත අභියාචනා ඉදිරිපත් කළහ. එහෙත් කිසිදු නඩු විභාගයකට හෝ වරදකරුවන්ට මරණ දඬුවම දීමේ කටයුතුවලට ඔහු සම්බන්ධ වූයේ නැත.

එහෙත්, චේ නඩු විභාගවලට බලපෑම් කරමින් මිනීමරවන බව ඇමරිකාව සහ ධනවාදයට පක්‍ෂපාත ඇමරිකන් මාධ්‍ය ආයතන විසින් පතුරුවා හරින ලදී. ඇමරිකාව බැටිස්‌ටාගේ මිතුරෙකි. අනුග්‍රාහකයෙකි. තම මිතුරා වෙනුවෙන් කතා කිරීමේ වගකීම ඇමරිකාවට තිබූ අතර ඒ කාලකණ්‌ණි වගකීම ඔවුහු ඉටු කළහ. මේ අතර කියුබාවෙන් පැනගිය බැටිස්‌ටාට ගැති කියුබානුවන් පිරිසක්‌ ඇමරිකාවේ මයාමී නුවරදී නාවික කියුබන් රාජ්‍යයක්‌ පිහිටුවූහ. ඔවුන් විසින් චේ හඳුන්වන ලද්දේ ලා කබානා බළකොටුවේ මස්‌ මරන්නා ලෙසය. නමුත් සාදාරනය , යුක්තිය අගයන මිනිසුන්ට චේ යනු තම සහෘදයා පමණක් විය.

මෙයට පිළිතුරු දීම සඳහා 1959 ජනවාරි 21 වැනිදා ෆිදෙල් කස්‌ත්‍රෝ මාධ්‍ය මෙහෙයුමක්‌ පටන් ගත්තේය. ලා තබානා බළකොටුව තුළ නඩු ඇසීම දෙවැනි ලෝක යුද්ධයේදී නාසිවාදීන් සම්බන්ධයෙන් නඩු විභාග කළ නියු රම්බර්ග් අධිකරණයට සමාන ක්‍රියාවලියක්‌ බව කස්‌ත්‍රෝ ප්‍රකාශ කළේය. මේ අධිකරණවලදී වැරැදිකරුවන් වූ අයව වෙඩි තබා මරන ලදී. බැටිස්‌ටාගේ යුගයේදී හමුදාව සහ පොලිසිය ස්‌ත්‍රී දූෂණ කරමින් මිනී මරමින් ඉතා සාපරාධී ලෙස හැසිරුණු බව නඩු විභාගවලදී ඔප්පු විය. මේ අතර බැටිස්‌ටාගේ හමුදාව විසින් අත් පා කපා මරා දමන ලද ගැහැනුන් සහ පිරිමින්ගේ සිරුරු තිබූ සමූහ මිනීවළවල් කිහිපයක්‌ද සොයා ගන්නා ලදී. සියෙරා මයෙස්‌ත්‍රා කඳුකරයේදී විප්ලවීය හමුදාව සටන් කරන විට එම හමුදාවට උදව් කළ බවට සැකපිට සංහාරය කෙරුණු ගැමියන් විශාල ප්‍රමාණයක්‌ ගැන ද කරුණු ඉදිරිපත් විය. මේ කාලයේදී කියුබාව පුරා පෞද්ගලික මට්‌ටමින් කෙරුණු ජනමත විචාරණයකදී හෙළිදරව් වූයේ රටේ ජනයාගෙන් 90% ක්‌ම යුද්ධාධිකරණයට සහ අපරාධකරුවන්ට දඬුවම් කිරීම කිසිදු විවාදයකින් තොරව අනුමත කල බවය.

මතු සම්බන්දයි
චේ : අග්‍රගන්‍ය විප්ලවවාදියාගේ ජීවිත කතාව...
34 වෙනි කොටස
කියුබානු විප්ලවය ජය ගෙන ජනතා බලය ගොඩ නගමින් රට හදන සැලසුම දියත් කල ආකාරය පසු ගිය කොටසින් අපි කතා කළෙමු. අද එතැන් සිට....

1959 ජනවාරි 18 වැනිදා චේගේ මව සහ පියා ආර්ජන්ටිනාවේ සිට කියුබාවට පැමිණියහ. ඔවුන් පිළිගැනීම සඳහා චේ හවානා ගුවන් තොටුපළට ගියේ සිය ආරක්‍ෂකයා සහ අලෙයිදා සමඟ ය. අලෙයිදා කවරෙක්‌දැයි පියා චේගෙන් විමසන ලදී. තමා ඇය සමඟ විවාහ වීමට අපේක්‍ෂා කරන බව චේ එවිට පියාට කීවේය. ජනවාරි 21 වැනිදා චේගේ බිරිඳ වූ හිල්දා ගාර්දියේ සහ ඔවුන්ගේ තුන් හැවිරිදි දියණිය කියුබාවට පැමිණියහ. පසුව චේ ඇය හමු විය. යුද පෙරමුණේදී තමන් පසෙකින් සිටි තරුණියකට තමන් පෙම් බැඳි බවත් ඇය විවාහ කර ගන්නා බවත් චේ හිල්ඩාට සෘජු ලෙස කීවේය. එවිට ඔහුගෙන් දික්‌කසාද වන බවත් එවිට අලෙයිදා නීත්‍යනුකූලව විවාහ කර ගැනීමට හැකි බවත් හිල්ඩා චේට කීවාය. චේගේ දියණියට සිය පියාගේ ඇසුරෙහි ඇති දැඩි විය හැකි නිසා දිගටම කියුබාවේ රැඳෙමින් දියණියට අධ්‍යාපනය ලබා දීමට ද හිල්ඩා තීරණය කර තිබිණ. මේ අතර චේට කියුබාවේ පුරවැසිකම ප්‍රදානය කරන ලදී.

1959 මැයි 19 වැනිදා කියුබන් අගමැති ෆිදෙල් කස්‌ත්‍රෝ නව කෘෂිකර්ම ප්‍රතිසංස්‌කරණය පනතක්‌ ප්‍රකාශයට පත් කරයි. ඒ පනතට අනුව තනි පුද්ගලයන් සතු කියුබාවේ විශාල වතුයායවල් ඉඩම් නැති ගොවීන් අතර බෙදා දෙනු ලැබේ. මෙය රටේ ඉඩම් සාමූහික අයිතිය යටතට ගෙන ඒමකි. මේ පනත ගැන ඇසූ සැණින් ඇමරිකාව මහත්සේ කලබල වෙයි. කියුබාවේ විශාල ඉඩම් වැඩි හරියක අයිතිකාරයෝ ඇමරිකන් පුරවැසියෝ වෙති. මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් කියුබාවේ පිහිටි ඇමරිකන් සීනි සමාගම්වල කොටස්‌ මිල ඉතිහාසයේ කිsසි දිනෙකත් නොවූ ආකාරයෙන් පහත වැටේ. මේ කොටස්‌ ගනුදෙනු සිදු කෙරෙන්නේ නිව්යෝර්ක්‌ කොටස්‌ වෙළෙඳපොළේය. කියුබාව සහ ඇමරිකාව අතර සම්බන්ධකම් තවදුරටත් නරක්‌වන අතර ඇමරිකාව සතු සියලු කියුබන් දේපළ ජනසතු කරනු ලැබේ.

විප්ලවයෙන් පසු එළැඹෙන පළමු හය මස තුළ කස්‌ත්‍රෝ ගේ වඩාත්ම විශ්වාසදායක සගයා බවට පත්වන්නේ චේ ය. 1959 ජුනි 2 වැනිදා ඔහු අලෙයිදා මාර්ස්‌ සමග විවාහ වෙයි. ඇය දිගටම ඔහුගේ පෞද්ගලික ලේකම් ය. මේ අතර මාස දෙකක කාලයක්‌ සඳහා චේ ට විදේශගත වීමට සිදුවෙයි. මෙය නිල සංචාරයකි. ඔහු අලෙයිදා එම ගමනට එකතු කර ගැනීමෙන් වැළකී සිටින අතර ඇය දැන් තම බිරිඳ නිසා රජයේ වියදමින් ඇය පිටරට ගෙන යැම වැරැදි ආදර්ශයක්‌ ගෙන දෙන බව ප්‍රකාශ කරයි.

කියුබාවට පැමිණීමෙන් අවුරුදු තුනකට පසු චේ එරටින් මුල් වාතවට නික්‌ම යන්නේ 1959 ජුනි මස 12 වැනිදාය. මේ ගමනේ පරමාර්ථය වන්නේ සමාජවාදී යුගොස්‌ලාවියාව, මැද පෙරදිග පිහිටි අරාබි රටවල් සහ ශ්‍රී ලංකාව ඇතුළු ආසියාවේ රටවල් සහ කියුබන් රජය අතර හොඳ හිත තහවුරු කර ගැනීමය. නව රජයට ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම චේ විසින් කස්‌ත්‍රෝව යෝජනා කරන ලද්දකි. කියුබාවට එරෙහිව සිදුවීමට ඉඩ ඇති ඇමරිකන් මිලිටරි මැදිහත් වීමකදී එයට විරුද්ධව එක්‌සත් ජාතීන්ගේ මහා මණ්‌ඩලය තුළ කියුබාවට පක්‍ෂ මතයක්‌ ගොඩනැගීමට එම රටවල් එකතු කර ගැනීම චේ ගේ අරමුණ විය. ඒ අතරටම මේ ගමන හරහා ගොඩනඟා ගන්නා සම්බන්ධය මත යුගොස්‌ලාවියාවේ ජනාධිපති මාෂල් ටිටෝ, ඊජිප්තු නායක අබ්දුල් නසාර් ඇල්ජීරියාවේ අහමඩ් බෙන් බෙලා, ඉන්දියාවේ ජවහර්ලාල් නේරු, චීනයේ මාඕසේතුං යනාදීන් සමග ගනුදෙනු කිරීමට ඔහු කල්පනා කළේය.

පෙරලා පැමිණෙන චේ කියුබානු කර්මාන්ත දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා බවට පත් කරනු ලැබේ. ඒ අතර කියුබාව ප්‍රමුඛ තැන දිය යුත්තේ බැටිස්‌ටා විසින් නව යටත් විජිතවාදයට ලක්‌ කරන ලද ආර්ථිකය ප්‍රතිසංස්‌කරණය කිරීමට බව චේ කියයි. ඒ සඳහා රටට කෘෂිකාර්මික ප්‍රතිසංස්‌කරණයන් ද අවශ්‍යය. එකී පදනම මත පිහිටා රටේ දුප්පත් ගැමියන්ට නොමිලයේ ඉඩම් බෙදාදෙනු ලැබේ. එම ඉඩම් මීට පෙර අයත්ව තිබුණේ පෞද්ගලික ධනවතුන්ට ය. ඉඩම් ලැබූ අය අතර අඳ ගොවීන්, ඉඩම් බද්දට ගෙන වගා කළ අය, කුඩා පරිමාණයේ වැවිලිකරුවන් ආදීහු වූහ. ධනවතුන් විසින්, බැටිස්‌ටාගේ කාලයේදී මේ හැමදෙනාටම කුලියට, බද්දට හෝ අඳයට කුඩා ඉඩම් කැබලි දී තිබුණාහ. ඒවා ප්‍රමාණවත් වූයේ ඉඩම් හිමියාගේ කොටස ගෙවීමට පමණි. ඉතිරි අස්‌වනු ස්‌වල්පයෙන් ගැමි ගොවියා ජීවත් වූයේ හිඟන්නකු ලෙසය. හැම කන්නයකදීම ඔහු ඉඩම් හිමියාට තව තවත් ණය විය. සාර්ථක කෘෂිකාර්මික ප්‍රතිසංස්‌කරණයකින් පසු චේ කියුබාවේ කර්මාන්ත ඇමැති තනතුරටද පත් කරන ලදි. ඒ 1961 දීය.

මතු සම්බන්දයි ...
චේ : අග්‍රගන්‍ය විප්ලවවාදියාගේ ජීවිත කතාව...
35 වෙනි කොටස

දුක් විඳි මිනිසුන් හට දිවි දෙන්නට
අයිතිය වෙනුවෙන් නැගී සිටින්නට
දුෂ්කර වුවත් එක පෙළ යන්නට
පෙර මග ඔබ ඇත සවිබල ගන්නට

කියුබානු ආර්ථිකය සක්තිමත් කිරීමට මෙන්ම රාජ්‍යතාන්ත්‍රික සබදතා ගොඩ නැගීමේ කාර්යට චේ උරදුනි. ඔහු ඒ හා සම්බන්දව කටයුතු කල ආකාරයත් කියුබානු නව රජයේ කර්මාන්ත ඇමති වූ ආකාරයත් පසු ගිය කොටසින් කතා කළෙමු. අද එතැන් සිට ...

කියුබාව සංවර්ධනය කිරීමට නම් ගොවිතැනට සමගාමීව කර්මාන්තද දියුණු විය යුතු බව විප්ලවීය රජය වටහා ගෙන තිබුණි. රටේ අස්‌වනු වැඩි විය යුතු බව කස්‌ත්‍රොගේ ද පෞද්ගලික මතය විය. අස්‌වනු වැඩි කර ගතහොත් අතිරික්‌තය විකුණා චේ මගින් කාර්මිකකරණයට අවශ්‍ය අරමුදල් ලබාගැනීමට තීරණය කෙරිණ. ඒ සියල්ල චේට පැවරුණු අතර ඔහු විප්ලවීය හමුදාව විසින් සියෙරා, මයෙස්‌ත්‍රා කඳුකරයේ පිහිටුවන ලද කුඩා කර්මාන්ත ශාලා සමූහයේ ද පාලකයා විය.

විප්ලවීය රජය විසින් මේ වනවිට කියුබාවේ පෙට්‍රොaලියම්, නිකල්, සීනි පිරිපහදු කිරීම සහ දුම්කොළ ව්‍යාපාරය යනාදී කර්මාන්ත ජනසතු කර තිබිණ. චේ, තවත් කර්මාන්ත ආරම්භ කළේය. ප්‍රධාන වශයෙන් පිටරටින් ගෙන්වන භාණ්‌ඩ කියුබාවේ නිෂ්පාදනය කිරීමට තැන දෙන ලදි. චේ ආකර කම්කරුවන් කෙරෙහි මහත් වූ අනුකම්පාවක්‌ දැක්‌වීය. ඒ ගැන චේගේ බිරිය වූ අලෙයිදා මෙසේ කියයි

"ආකර කම්කරුවන් මුල්වරට හමුවූ අවස්‌ථාවේදී චේ මහත් සේ සසල විය. බැටිස්‌ටාගේ පාලනය තුළ ඔවුන් කවර ප්‍රමාණයකට සූරා කන ලද්දේ දැයි චේ අවබෝධ කර ගත්තේ ඒ හමුවීමෙනි. ඔවුන් පාසලක්‌ පළාතකවත් ගොස්‌ තිබුණේ නැත. ඔවුන් කරන රැකියාවට මානුෂික මුහුණුවරක්‌ දීමටද මනුෂ්‍යයන්ට හිමි පිළිගැනීම ඔවුන්ට ලබාදීමටද චේ ඔවුන්ට පොරොන්දු විය"

.1959 නොවැම්බරයේදී කස්‌ත්‍රෝ රටේ වැදගත්ම තනතුරක්‌ වූ මහ බැංකුවේ අධිපතිකම චේට භාර දෙයි. ඒ අනුව රටේ මුදල් කටයුතු පිළිබඳ සියලු බලතල ඔහුට හිමි වෙයි. තනතුර භාර ගැනීමෙන් පසු චේ විශේෂ ප්‍රකාශයක්‌ කරයි. "විදේශීය සමාගම් සම්බන්ධයෙන් කිසිදු සහතිකයක්‌ අපට දිය නොහැක. එහෙත් සෝවියට්‌ සංගමය විසින් නායකත්වය දෙන රටවල් සමග වෙළෙඳ සම්බන්ධතා ඇති කර ගැනීමට අප සූදානම්ය....."

එක්‌දහස්‌ නවසිය හැට ගණන්වල මුල හරියේදි කියුබන් පාලන තන්ත්‍රය තුළ සිටි තුන්වැනි බලවත්ම පුද්ගලයා චේ ගෙවාරාය. දෙවැන්නා, රාවුල් කස්‌ත්‍රෝ වූ අතර පළමුවැන්නා ෆිදෙල් ය. රටේ නිල නොවන විදේශ ඇමැති වූයේ චේ ය. 1961 දී Gurilla Warfare නමැති පොතත් "කියුබන් විප්ලවයේ සැමරුම්" පොතත් ඔහු ලියුවේය.

1961 දී චේ සෝවියට්‌ සංගමය සමග රහස්‌ සාකච්ඡා මාලාවක්‌ පැවැත්වීය. ඉන්පසු සෝවියට්‌ සංගමය කියුබන් භූමිය තුළ න්‍යෂ්ටික මිසයිල සමූහයක්‌ ස්‌ථානගත කරයි. මෙයින් බලවත් කෝපයට පත් ඇමරිකාව කියුබාවෙන් මේ මිසයිල ඉවත් නොකළහොත් සෝවියට්‌ සංගමය සමග න්‍යෂ්ටික යුද්ධයක්‌ අරඹන බ වට දිව්රා පොරොන්දු විය. කවර හෝ වෙලාවක න්‍යෂ්ටික යුද්ධයක්‌ හටගනු ඇතැයි භීතියක්‌ ලොව පුරා පැතිර ගියේය. "තුන්වැනි ලෝකය" යන සංකල්පය තුළ කියුබාව නමැති රට ජයග්‍රාහී සහ පරමාදර්ශී රාජ්‍යයක්‌ ලෙස තබන ලදෙද් චේ විසිනි. 1964 දී පැවැති එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සමුළුව සඳහා ඇමරිකාවට ගිය කියුබන් නියෝජිත කණ්‌ඩායමේ නායකයා වූයේ චේ ය.නිව්යෝර්ක්‌ නුවරදී ඔහුට ක්‍ෂණික ප්‍රසිද්ධියක්‌ ලැබිණ. රූපවාහිනි ආයතනය සහ ගුවන් විදුලි සමාගම් ඔහුගෙන් සම්මුඛ සාකච්ඡා ලබා ගැනීමට පොර කෑහ. එක්‌සත් ජාතීන්ගේ මහා මණ්‌ඩලය අමතමින් චේ කියා සිටියේ යටත් විජිත වාදය විනාශයට පත්ව ඇති බවය. වියට්‌නාමය, කාම්බෝජය, ලාඕස්‌ යන රටවල එවකට සිදුවෙමින් පැවැති ඇමරිකන් ආක්‍රමණ හෙළා දුටු චේ ඇමරිකන් රජය දකුණු අප්‍රිකාව තුළ මිලිටරි මැදිහත්වීමක්‌ සිදු කර ඇති බවත් ඇමරිකානුවන් කොංගෝවේ සිටින නව යටත්විජිතවාදීන්ට ආධාර කරන බවටත් දකුණු අප්‍රිකාවේ එවකට පැවැති වර්ගවාදී සුදු ජාතික පාලනයට සහය පළ කරන බවටත් සඳහන් කළේය. සමාජවාදය ගොඩනැගීම කියුබාවේ අරමුණ බව සඳහන් කළ චේ සමාජවාදී රටවල් සමග එකට සිටින බව කීවේය. තුන්වැනි ලෝකයේ නොබැඳි රටක්‌ ලෙස පෙනී සිටින බවද සඳහන් කළේය.

මතු සම්බන්දයි.....
චේ : අග්‍රගන්‍ය විප්ලවවාදියාගේ ජීවිත කතාව...
36 වෙනි කොටස
චේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් තුන් වෙනි ලෝකයේ රටවල් සුරා කමින් ගෙන යන අධිරාජ්‍යවිරෝධී ගමන තදින් විවේචනය කළේය. ඉන් පසුව ඔහු ජාත්‍යන්තර වශයෙන් සබඳතා ගොඩ නැගීමට ලොව පුරා සංචාරය කල අයුරු අපි පසු ගිය කොටසින් කතා කළෙමු.අද එතැන් සිට ....

චේගේ විප්ලවීය ගමන් මාර්ගය දෙස බලන ඕනෑම අයෙකුට ඔහු පරමාදර්ශී විප්ලවීය නායකයකු බවහැඟුනි. එයට සාක්ෂි අපමණය. කර්මාන්ත ඇමති ලෙස ඔහු කියුබාවේ කම්හල් බැලීමට ගිය ඔහු මුලින්ම හමු වූයේ කම්කරුවන්ය. නිලධාරීන් හමු වූයේ දෙවනුවය.1960 දී ටයිම් සඟරාවේ පුවත්පත් කලාවේදියෙක්‌ ඔහුගෙන් මෙසේ ප්‍රශ්න කළේය ඔබ සාම්ප්‍රදායික සමාජවාදියෙක්‌? චේ මෙසේ උත්තර දුන්නේය "නැහැ. මම ප්‍රායෝගික විප්ලවකරුවෙක්‌........" චේ ගේ විප්ලවීය ගමන් මග තුල කිසිදු පැල්ලමක් නොවීය. සම දෙයම විප්ලවයේ නමට කැප කරමින් ලොව පුරා විප්ලවවාදීන්ට ජීවයක්, ආලෝකයක් ගෙන දීමට ඔහුගේ චර්යාව මහෝපකාරී විය.

චේ තරම් දිනපොත් ලිවීමට ඇබ්බැහි වූ වෙන කිසිදු විල්පවීය සටන්කාමියකු නැති තරම් ය. ඔහු මරණයට පෙර දිනයේත් රැයෙහි තම දිනපොත ලියූ මිනිසෙකි. සිදුවන සෑම සිදුවීමක්ම ලියමින් නැවත නැවතත් පරිශීලනය කර ඉන් අත්දැකීමක් ඊළඟ පියවරට ගනු ලැබීය. ඔහු ප්‍රායෝගික විප්ලවකරුවෙකු වන්නේ සිය අත්දැකීම් නොපිරිහෙලා උපයෝගී කරමින් සමාජ ප්‍රගමනයට එහි දායකත්වය සැපයිමය.

මේ අතර තුර චේ කියුබාවෙන් ක්ෂණිකව අතුරුදහන් විය. ලොව පුර කොතැනක හෝ විප්ලවීය අරගලයක බැනරයක් ඔසවනවා නම් අප විප්ලවවාදීන් වශයෙන් කොන්දේසි විරහිතව එයට සහය දිය යුතු බව චේ ගේ මතය විය. 1965 වන විට චේ ක්‍රමයෙන් ප්‍රසිද්ධ වේදිකාවෙන් ඈත් වීමට පටන් ගත්තේය. කියුබන් රටවැසියන් ඔහු දුටුවේ නැත. පත්තරවල ද ඔහු ගැන කිසිත් පළ වූයේ නැත. කස්‌ත්‍රෝගේ කැබිනට්‌ මණ්‌ඩලයෙන් චේ ඉල්ලා අස්‌ වූ බව ආරංචි විය. චේ සහ ෆිදෙල් කස්‌ත්‍රෝ අතර දේශපාලන අරගලයක්‌ දියත්ව ඇති බවත් ඒ අනුව චේ හිර ගත කර ඇති බවත් ඇමෙරිකානු ප්‍රමුක ධනපති පුවත් පත් සිය සිරස්තල පුරවමින් පල කළේය. . තවත් අයෙක්‌ කියා ඇත්තේ රහසිගත ලෙස චේ ඝාතනය කර සිරුර විනාශ කර ඇති බව ය. 1965 දී ඩොමිනිකන් ජනරජයේ පැවැති විප්ලවයට චේ සහභාගි වූ බවත් එහිදී ඔහු මරා දමන ලද බවත් තවත් අයෙක්‌ කීය. මේ අතර තවත් වැදගත් දේශපාලන විග්‍රහයත් සහිත මතයක්‌ ප්‍රචාරය විය. එනම් සෝවියට්‌ සංගමය සහ එරට සමඟ බැඳුණු සමාජවාදී කලාපයේ රටවල් වූ චෙකොස්‌ලොවැකියාව, පෝලන්තය, නැගෙනහිර ජර්මනිය යන රටවල් වලින් උපදෙස්‌ ගෙන කියුබන් කොමියුනිස්‌ට්‌ පක්‍ෂය සිය දේශපාලන ප්‍රතිපත්ති සකස්‌ කරගත යුතු බවට කස්‌ත්‍රෝ පිල යෝජනා කළ බවත් චේ එයට විරුද්ධ වූ බැවින් ඔහු මරා දමන ලද බවත් ය.

මේ අතර සත්‍යය කුමක්‌ දැයි විමසා බලමු. 1961 දී චේ කියුබාවට අලුත් කාර්මීකරණ වැඩසටහනක්‌ ඉදිරිපත් කළේය. ඉදිරි වසර හතර තුළ කියුබාව කෘෂිකාර්මික රාජ්‍යයකට අමතරව අංග සම්පූර්ණ කාර්මික රාජ්‍යයක්‌ බවට පත් කිරීම එම වැඩසටහනය. කියුබාව කාර්මීකරණය කිරීම සඳහා වූ සිය සිවු අවුරුදු සැලසුම 1969 වන විටත් සම්පූර්ණ කර ගැනීමට නොහැකි වන ආකාරය චේ ඉතා දුකින් බලා සිටියේය. කියුබාව යනු උක්‌ කර්මාන්තයෙත්, සීනි පිටරට යෑවීමත් මත පදනම් වූ දිගු කාලීන කෘෂි කාර්මික රාජ්‍යයෙකි. එහි ගොඩනැඟිලි තනා ඒවා තුළ මෙෂින් කරකැවීම හිතන තරම් ලෙහෙසි වූයේ නැත. කෙසේ වුවද කියුබාවේ පතල් කර්මාන්තයෙන් උකහා ගන්නා ලෝහ සහ ඛනිජ වර්ග මගින් වඩාත් ඵලදායී කටයුතුවල යෙදවීම සඳහා කම්හල් පිහිටුවීමට නොහැකි දැයි චේ කල්පනා කළේය. කියුබාව කාර්මික රටක්‌ කිරීමට දිනකට පැය 18 ක්‌ වැඩ කළ ඔහු ඒ සඳහා තමා යටතේ තිබූ කර්මාන්ත අමාත්‍යාංශය සහ මහ බැංකුව හරහා විවිධ දේ කළේය.
චේ යනු ප්‍රගතිශීලී දැක්‌මක්‌ තිබූ නායකයෙකි. කියුබාව දියුණු කරනු පිණිස ඇවැසි තාක්‍ෂණික ඥානය රට තුළ නොමැති වීම ගැන ඔහු මහත් සේ කම්පනයට පත්විය. කියුබන් විප්ලවයෙන් පසු එතෙක්‌ එරටට කාර්මික භාණ්‌ඩ යන්ත්‍ර සූත්‍ර හා අමතර කොටස්‌ සැපයූ ඇමරිකාව ඒ සියල්ල නතර කළේය. ඒ අතර කාර්මිකකරණය සඳහා රට ජාතික මට්‌ටමෙන් සංවිධානය කර ගැනීමට හැකි වූයේ ද නැත. යන්ත්‍ර නිෂ්පාදනය සහ පරිහරණය ගැන පුහුණුව ලද පිරිසක්‌ සිටියේ ද නැත. මේ සියල්ල නිසා යන්ත්‍ර යොදා ගෙන කෘෂිකාර්මික නිෂ්පාදන සකස්‌ කිරීමට ද රට කාර්මීකරණය වීමටද, ඌන සංවර්ධිත නිෂ්පාදන අංශය සංවර්ධනය කිරීමට ද බාධා ඇති විය.

මතු සම්බන්දයි

චේ : අග්‍රගන්‍ය විප්ලවවාදියාගේ ජීවිත කතාව...
37වෙනි කොටස

"""කෲර පාලකයකු මියගිය විට ඔහුගේ බලය එතැනින් සමාප්ත වේ. එහෙත් ප්‍රබල දේශප්‍රේමී නායකයකු මියගිය විටෙක ඔහුගේ බලය එතැනින් ආරම්භ වේ.""""

කාර්මිකකරණය සඳහා රට ජාතික මට්‌ටමෙන් සංවිධානය කර ගැනීමට චේ අපමණ උත්සහයක් ගත්තද එය ඔහු සිතු ප්‍රමාණයට ඉෂ්ට කර ගැනීමට බලාපොරොත්තු වූ සහය රුසියාවෙන් නොලැබුණි. ඌන සංවර්ධිත මට්ටමක තිබු කියුබාව සංවර්ධනය කිරීමටඔහු දරන ප්‍රයන්තය ඉදිරියේ ඇති බාදාව හඳුනා ගත්තේය. ඉන් පසුව චේ ප්‍රසිද්ද දේශපාලනයෙන් ක්ෂණිකව අතුරු දහන් වූ බව පසු ගිය කොටසින් කීවෙමු. අද එතැන් සිට......

මේ තීරණාත්මක අවස්‌ථාවේදී කියුබාවේ දියුණුව උදෙසා චේ විසින් තබන ලද ඉදිරි පියවර ආපස්‌සට ගන්නා ලදී. ඉතිහාසයේ සිදු වූ පරිදි සීනි නිපදවා රට පටවමින් එයින් එන ආදායම යොදාගෙන ආහාර මිලට ගෙන ජීවත් වීමේ ජීවන රටාවට කියුබාව ආපසු යැමේ අවස්‌ථාව එළඹ තිබිණි. එහෙත් චේ එයට අකැමැති විය. ඒ අතර කියුබාව කාර්මීකරණය කළ යුතු පරිසරයක්‌ ඇති රටක්‌ නොවන බවට උපදෙස්‌ දුන් සෝවියට්‌ සංගමය සහ නැගෙනහිර ජර්මනිය රට කාර්මික රටක්‌ බවට පත් කිරීමෙන් වළකින ලෙස ද දන්වා සිටියේය. ඊට වසර කිහිපයකට පෙර බැටිස්‌ටාගේ පාලන සමයේදී ඇමරිකාවට කැමැති ලෙස කියුබාව හැසිරුණු පරිදි සෝවියට්‌ සංගමයට හෝ ඒ රට සමග සිටින රටවල අභිමතයට අනුව පශ්චාත් විප්ලවීය කියුබාව හැසිරිය යුතු නැති බව චේගේ දැඩි පිළිගැනීමය. සෝවියට්‌ සංගමයේ හැසිරීම ධනපති රටක හැසිරීමට සමාන බව චේ කල්පනා කළේය. කියුබාවට කාර්මික රටක්‌ වීමේ හයිය නැත්නම් සෝවියට්‌ සංගමය එය කර දිය යුතු බව ඔහුගේ මතය විය. ඒ සඳහා ඔවුන් කියුබාවට මුදල් දිය යුතු බව ද ඔහු කීවේය. ඊට වන්දි වශයෙන් කියුබාවේ සීනි සමාජවාදී රටවලට විකිණිය යුතු බව සෝවියට්‌ සංගමය සිතතොත් එය වැරදි බවට ඔහු තර්ක කළේය.

මේ වන විට සෝවියට්‌ රජයේ දේශපාලන උපදේශකයන් කිහිපදෙනෙක්‌ ම කියුබාවේ නේවාසිකව සිටියහ. චේගේ අදහස්‌වලට ඔවුන් හෝ ඔවුන්ගේ මවුරටේ සිටින නායකයන් හෝ පක්‍ෂපාත නොවන බව දිනෙන් දින තහවුරු විය. ඔහුගේ කාර්මික රාජ්‍ය සංකල්පය ප්‍රායෝගික නොවන හිස්‌ මතයක්‌ බව ඔවුහු කීහ. කාර්මික රටක්‌ බවට පත්ව කියුබාව නිෂ්පාදනය කරන ද්‍රව්‍ය මිලට ගන්නේ කවුදැයි ඔවුහු විමසූහ.ඉන් පසුව එම ප්‍රතිපත්තීන් දැඩි ලෙස විවේචනයකට ලක් කල චේ සෝවියට්‌ දේශය ධනවාදී රාජ්‍ය ආර්ථිකයක්‌ ඇති රටක්‌ බව සඳහන් කර ඒ රටේ නිෂ්පාදන ආර්ථිකයේ සංවිධානාත්මක ස්‌වරූපය හෙවත් ව්‍යවසාය, කළමනාකරණය, ආයෝජනය යන සියල්ලම ධනවාදී ස්‌වරූපයකින් සමන්විත බවට චෝදනා කළේය. සෝවියට්‌ සංගමයේ කර්මාන්තශාලා හැඩ ගස්‌වා තිබුණේ විමධ්‍යගත මූල්‍ය පරිපාලන ක්‍රමයකටය. ක්‍ෂමතාව වැඩි කම්කරුවන්ට කිසියම් ආකාරයක දිරි දීමනා (මෙය මුදලින් නොව ද්‍රව්‍යවලින් ගෙවන ලද්දකි.) දීමේ ක්‍රමයක්‌ කම්හල්වල විය. එය විශ්වසනීය සමාජවාදී ආර්ථික ක්‍රමයකින් ඔබ්බට යන ධනවාදී ක්‍රමවේදයක්‌ බවට තර්ක කළ චේ කම්කරුවාගේ දායකත්වයේ ප්‍රමාණය ද්‍රව්‍යමය වටිනාකම්වලින් තක්‌සේරු කිරීමට යැම පරණ පුරුදු ධනවාදයම බව කියා සිටියේය.

මේ අතර සෝවියට්‌ සංගමය සහ ඇමරිකාව ජාත්‍යන්තර තලය තුළ තමන්ට ඇති බලපෑම් කිරීමේ හැකියාව ට අභියෝග කර නොගැනීමට රහසේ තීරණය කර ඇති බව චේ සැක කළේය.මේ ගිවිසුමේ කොටසක්‌ හැටියට ලතින් ඇමරිකාවේ හා කැරිබියන් රටවල විප්ලව ඇති කිරීමට කියුබාවට ඉඩ නොදීමට ද සෝවියට්‌ දේශය, ඇමරිකාවට පොරොන්දු වී ඇති බව චේ කල්පනා කළේය. මේ ගැන බොහෝ සේ කල්පනා කළ චේ කියුබාව, අලුතින් නිදහස ලද තුන්වන ලෝකයේ රටවල් අප්‍රිකාව, මැද පෙරදිග, ආසියාව යන ප්‍රදේශවල රටවල් සමඟ එක්‌විය යුතු බව ජනාධිපති කස්‌ත්‍රෝට යෝජනා කළේය. එසේම එතෙක්‌ විප්ලව සිදු නොවූ, එහෙත් විප්ලවයක්‌ සිදු කිරීමට වුවමනා වාතාවරණය ඇති තුන්වන ලෝකයේ යටත් විජිත සොයා ගොස්‌ ඒවාට උදව් කිරීම කියුබාවේ යුතුකම බව ද ඔහුගේ මතය විය.

මේ අනුව ඔහු 1965 දී අප්‍රිකා මහාද්වීපය තුළ තුන් මාසයක සංචාරයක්‌ අරඹයි. ඇල්ජීරියා, මාලි, කොංගෝ, ගිනියා, ඝානා, බෙනින්, ටැන්සානියා, ඊජිප්තුව යන රටවලට යන ඔහු ඇල්ජීරියානු ජනාධිපති අහමඩ් බෙන්බෙලා, ඝානාවේ ක්‌වාමේ න්කෲමා, ඊජිප්තුවේ ගමාල් යන නායකයන් හමුවී සාකච්ඡා පවත්වයි. අනතුරුව චීනයට නිල සංචාරයක්‌ කරන ඔහු එරට සහ සෝවියට්‌ සංගමය අතර ඇති බල අරගලය කළමනා කිරීමට චීනය ගෙන ඇති පියවර ප්‍රශංසාවට ලක්‌ කරයි. මේ කියන කාලයේදී කියුබාව, සෝවියට්‌ සංගමයට ඉතා ඉහළින් සහාය පළ කරමින් සිටීම ගැන චීනය ද කලබල වී සිටියේය. චේ චීනයට යැම රුසියානුවන්ට හොඳ ආරංචියක්‌ වන්නේ නැත. එය ඔවුන් තුළ වෛරය සහ සැකය ඇතිකරවන්නකි.

මතු සම්බන්දයි ...

No comments:

Post a Comment