Wednesday 22 May 2013

කියුබානු විප්ලවයේ ගිනිසිළුව : පිදෙල් කස්ත්‍රෝ

මාක්ස්වාදය ඉතිහාසය තුල හුදකලා තනි වීරයන්ගේ වීර වික්‍රමාන්විතයන් ප්‍රතික්ෂේප කරයි. එහෙත් ඉතිහාසය ගොඩ නැගීමේදී විශේෂ පුත්ගලයන්ගේ විශේෂ දායකත්වය ප්‍රතික්ෂේප නොකරයි. මන්ද එවැනි පුත්ගලයන්ද ඉතිහාසයේ අවස්යතාවයන් ගේ නිර්මාණයන්ය. ඉතිහාසය සුවඳවත් වුයේ පාරාර්තකාමී මිනිසුන්ගේ අව්‍යාජ කැප කිරීම් මතය. මේ එවන් මිනිසෙකුගේ ආවර්ජනයක්......

 
කියුබානු විප්ලවයේ ගිනිසිළුව : පිදෙල් කස්ත්‍රෝ

කියුබාව පිළිබඳව සිහිපත් කළ සැනින් යමෙකුගේ මතකයට නැගෙන්නේ ෆිදෙල් කස්ත්‍රෝ යන අසහාය හා අසාමාන්ය වූ දේශපාලන ප්‍රතිරුපයයි . කියුබානු සමාජවාදී විප්ලවයේ පෙර ගමන්කරුවා කස්ත්‍රෝය. ඉතා බලසම්පන්න ධනවාදී රාජ්යන්හි අකටයුතුකම් නොඉවසා අභීතව නැගී හිඳිමින් තම මාතෘ භූමිය උදෙසා යුතුකම් රැසක්‌ ඉටුකළ කොමියුනිස්‌ට්‌වාදී කියුබානු නායකයා කස්ත්‍රෝ යි.

ඔහු උපන්නේ කියුබාවේ බයිරන් (Biran) හිදීය. ඒ 1926 අගෝස්‌තු 13 දාය. විශාල උක්‌ වගාවක හිමිකරු වූ ඈන්ජල් කස්ත්‍රෝ ආර්ගිස්‌ (Angel Castro Argiz) ට දාව උපන් ෆිදෙල්ගේ මව ලීනා රූස්‌ (Lina Ruz) වූවාය. ඔහුගේ මුල් නම ෆිදෙල් ඇලිජැන්ඩෝ රුගිස්‌ (Fidel Alejandro Ruz) නම් විය. ඔහු ෆිදෙල් කස්ත්‍රෝ වූයේ උපතින් වසර 17 ක්‌ ගෙවුණු පසුවයි. ඒ ඇන්ජල් කස්ත්‍රෝ තම පළමු බිරිඳගෙන් වෙන්ව ෆිදෙල්ගේ මව හා විවාහ වූ නිසාවෙනි.

1945 දී "හවානා" විශ්වවිද්යාලයෙහි නීති ශිෂ්යෙකු වූ ෆිදෙල් බැටිස්ටාගේ ඒකාධිපති පාලනයත්, ඇමෙරිකානු සමාගම් විසින් කියුබානු දේශය සුරාකෑමත් නිතර අත්දුටුවේය. එහිදී විප්ලවකාරී ශිෂ්ය සංවිධානයකට සම්බන්ධ විය.

ෆිදෙල් විවාහ වූයේ ද ඉතා ධනවත් පවුලක යුවතියක්‌ සමඟය. ඒ 1948 දීය. එහෙත් 1955 දී ෆිදෙල් - මර්ටා විවාහය දෙදරා ගියේය. 1952 දී මැතිවරණයට ඉදිරිපත්වෙමින් ප්‍රසිද්ද දේශපාලනයට පිවිසෙන පිදෙල් , හවානා නගරයේ ආකර්ශනීය දේශපාලන චරිතය බවට පත්විය. එහෙත් බැටිස්‌ටා මැතිවරණය ඉතා අසාදාරන තීන්දුවක් ගනිමින් අවලංගු කළේය.

කස්ත්‍රෝ තම විප්ලවීය සගයන් සමග දුෂිත පාලනයට එරෙහිව පළමු වෙඩි මුරය තබමින් 1953 ජූලි 26 දා "මොන්කාඩෝ" හමුදා බැරැක්‌කයට පහර දුනි. එහෙත් සටනින් තාවකාලික පරාජයක් ලබන ඔහුට නඩු විභාගය අවසානේදී වසර 15 ක සිර දඩුවමක් දෙන ලදී. එහිදී ඔහු " ඉතිහාසය විසින් අප නිදොස් කරනු ඇත " යනුවෙන් ඉතිහාස ගත කතාවක් කරමින් බැටිස්ටාගේ පාලනයට අභියෝගයක් කළේය.

දෙවසරකින් පසුව නිදහස ලැබූ කස්ත්රෝට මෙක්සිකෝවට පලා ගියේය. එහිදී ඔහුට ආර්ජන්ටිනානු වෛද්යවරයෙකු මෙන්ම මාක්ස්වාදී විප්ලවවාදියෙකු වූ අර්නෙස්ටෝ චේ ගවේරා හමුවිය. නැවත ඔහු කියුබාව වෙත පැමිණෙන්නේ සටන් කාමී සගයන් 82 දෙදෙනෙකු සමගිනි. දීර්ඝ මුහුදු ගමනක යෙදෙන ”ග්රාන්මා” නම් යාත්‍රාවෙන් කියුබාව වෙත පැමිණෙන ඔවුන්ට මාරාන්තික ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය. ඉන් දිවි ගලවා ගනු ලැබුවේ පිදෙල් , චේ , රාවුල් කස්ත්‍රෝ ඇතුළු දොළොස් දෙනෙකු පමණි. ඉන් පසුව සියෙරා මයෙස්ත්රා කඳුකරයට පසු බසි මින් එහි විප්ලවීය භට හමුදාව ඉතා දුෂකරතා මධයේ ගොඩනගමින් බැටිස්ටාගේ ඇමෙරිකානු රුකඩ පාලනයට එරෙහිව සන්නද්ද අරගලය දියත් කළේය වසර දෙකක් තුල ග්‍රාමීය ප්‍රදේශ පමණක් නොව සියලු නගරද , බැටිස්ටාගේ මර්මස්තානද යටත් කරමින් 1959 ජනවාරි පළමු වනදා ජයග්‍රාහීව කියුබානු අගනගරයට පැමිණ කියුබානු විප්ලවයේ විජයග්‍රාහණය සනිටුවන් කළේය. ජෝස්‌ මිරෝ (Jose Miro) නව රජයේ අගමැතිවරයා වූ අතර කස්ත්‍රෝ කියුබානු රාජ්ය හමුදාවේ ආඥාපති වූයේය. මාස කිහිපයකින් අගමැති ජෝස්‌ ඉල්ලා අස්‌වූ අතර 1959 පෙබරවාරි 16 ද ෆිදෙල් කස්ත්රෝ. කියුබාවේ අගමැති ධුරයෙහි දිවුරුම් දුන්නේය.

වතු සහ කම්හල් ජනසතු කරමින් එතෙක් පැවතී ඇමෙරිකානු ඒකාධිකාරයට තිත තබමින් ජනතාවාදී ප්‍රතිශන්ස්කරණයන් තුලින් රට නව දැක්මකින් ඉදිරියට ගත්තේය. ඒ අතර ඔහු විසින් ඉදිරිපත් කල කෘෂිකාර්මික ප්‍රතිසතිශන්ස්කරන කටයුතු ඉතා වැදගත්කමක් ගෙන දුන්නේය. කියුබාව තුළ වූ ඇමරිකානු තෙල් පිරිපහදු සේවාවන් ප්‍රතිතික්‌ෂේප කළ කස්ත්රෝ සෝවියට්‌ සමූහාණ්‌ඩුවෙන් තෙල් ලබා ගැනීමට කටයුතු කළේය.

ඇමෙරිකාව කෙතෙක්‌ හතුරුකම් කළ ද කස්ත්‍රෝ කියුබාව වෙනුවෙන් නොසැලී සිටිමින් තම ප්‍රති තිසංවිධාන කටයුතු දිගින් දිගටම පවත්වාගෙන ගියේය. තමා මාක්‌ස්‌ ලෙනින්වාදියෙකු බවත් කියුබාව තුළ කොමියුනිස්‌ට්‌ ආර්ථික ක්‍රමයක් සහ දේශපාලන ප්‍රතිපත්ති ස්‌ථාපිත කරමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය. පාසල් දස දහසක්‌ අලුතින් ආරම්භ කළ කස්ත්රෝ රජය කියුබානු ජනතාවගේ සාක්‌ෂරතාව 98% දක්‌වා ඉහළ නැංවීය. ළදරු මරණ අනුපාතිකය 1.1% දක්‌වා කරමින් ඉතා හොඳ තත්ත්වයේ සෞඛ්ය සේවාවක්‌ද ස්‌ථාපිත කරනු ලැබීය .

ආසියා,, අප්‍රිකා සහ ලතින් ඇමරිකා සහයෝගිතා සංවිධානයක්‌ ගොඩනැගූ කස්ත්රෝ අවැසිවූ විටෙක තුන්වන ලෝකයේ රටවල් සඳහා හමුදා ආධාර සපයන්නට ද සූදානම්ව සිටියේය. 1976 අප්රේල් මස 16 වැනි දින "කියුබානු සමාජවාදී සමූහාණ්‌ඩුව" ප්‍රකාශයට පත් කෙරිණි.
ඔහු රුසියානු සබඳතා තරකරමින් ලොව පුරා නැගී එන සමාජවාදී අරගලයන්ට ඍජුවම ආධාර කළේය. ඇන්ගෝලා සටනේදී පිදෙල් විසින් සමාජවාදී සෙබළු දහස් ගණනක් යවමින් ඇන්ගෝලාව වෙනුවෙන් අධිරාජ්යවාදීන්ට එරෙහිව සටන් වැදුනි. කියුබානු මිසයිල මතබේදයෙදී කියුබාවේ අභිමානය රකිමින් ඇමෙරිකාවට එරෙහිව සිය මතය ඉදිරිපත් කලේ ලොව දීන නායකයන්ට පුර්වාදර්ශයක් දෙමිනි.

"අවසාන හුස්‌ම පොද දක්‌වා කියුබාවටත්, කියුබානු ජනතාවටත් යුතුකම් ඉටුකිරීම මගේ ප්‍රාර්ථනාවයි "
කස්ත්‍රෝ වරෙක එසේ පවසා තිබිණි. 1959 සිට සි. අයි. ඒ. (CIA) ඔත්තු සේවාවන් කස්ත්‍රෝ ඝාතනය කරන්නට තැත් කළ වාර ගණන 638 ක්‌ බව හෙළිවී තිබේ. කස්ත්‍රෝ ගේ සුරුට්‌ටුව පුපුරුවා හැරීමේ සිට මාෆියා ක්‍රමයට වෙඩි තැබීම දක්‌වා වූ පරාසයක එම ඝාතන උපක්‍රමයන් ව්‍යාප්තව තිබූ බව හෙළි විය. ඝාතන උත්සාහයන්ගෙන් බේරී සිටීම ඔලිම්පික්‌ ක්‍රීඩාවක් නම් එම ඉසව්වෙහි රන් පදක්‌කම හිමි විය යුත්තේ ඔහුටය .

පිදෙල් අසහාය විප්ලවීය ජීවගුනයකින් හෙබි දේශපාලන පෞරෂයක් ලෙස ඉතිහාසයේ රන් අකුරින් ලියවී අවසන්. අදිරාජ්යවාදය විසින් මානව වර්ගයා මත පතිත කල බලහත්කාරය සුනු විසුනු කරමින් කියුබානු ජනතාවට පමණක් නොව ලොව පුරා තැලෙන පොඩිවන මිනිසුන්ට නව ජීවයක්,ප්‍රාණයක් ගෙන දුන් මාක්ස්වාදී සටන්කාමී නායකයෙකු වේ.




















 

No comments:

Post a Comment