Thursday, 30 August 2012

අධ්‍යාපන නිදහස ඉල්ලූ උද්ඝෝෂණයට නිල්බලකායෙන් ප්‍රහාරයක්

මේවර අ.පො.ස/උසස් පෙළ විභාගයේ සිදුව ඇති ප්‍රශ්න පත්‍ර අර්බුදය ගියවර උසස්පෙළ විභාගයේ අර්බුදය විශ්වවිද්‍යාල අචාර්යවර්නගේ අකණ්ඩ වැඩවර්ජනය හා විශ්වවිද්‍යාල වසා දැමීම ඇතුළු අධ්‍යාපණ ‍ක්ෂේත්‍රයේ ගැටළුවලට සාධාරණ විසඳුමක් ඉල්ලා අද (30) උදෑසන 11.00ට හම්බන්කොට සූරියවැව නගරයේදී නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් උද්ඝෝෂණයක් පැවැත්වුණි. එම ස්ථානයට කඩාවැදුනු සූරියවැව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සුගත් ගාමිණී සහ නිල්බකායේ සූරියවැව ප්‍රධානියෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන දුමින්ද ඇතුළු පිරිසක් එම උද්ඝෝෂණයට සම්බන්ධ පිරිසට පහරදී ඇත. නිදහස් අධ්‍යාපනය සුරැකී‍මේ ජාතික ව්‍යාපාරයේ හම්බන්තොට දිස්ත්‍රික් නියෝජිත පාසල් ගුරුවරයෙකු වන මහේෂ් අඹේපිටිය මහතාටද පහරදී තිබේ. එම උද්ඝෝෂණයට සම්බන්ධවූ සිසුන්ට, දෙමව්පියන්ට හා ගුරුවරුන්ට යතුරුපැදි හිස්වැසුම්වලින් සහ අත් පාවලින් පහරදෙමින් උද්ඝෝෂණය කඩාකප්පල් කිරීමේ උත්සාහයක් දරා ඇත. මේ වන විට මෙම පහරදීම පිළිබඳව සූරියවැව පොලීසියේ පැමිනිල්ලක් සටහන්කරමින් සිටින බවද වාර්තාවේ.

No comments:

Post a Comment