Friday, 31 August 2012
අද සහ ඉරිදා විදුලි කප්පාදුවක් නැහැ
අද සහ ඉරිදා දිනයේදී විදුලිය කප්පාදුව සිදු නොකිරීමට තීරණය කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
එහි උප සභාපති අනුර විජේපාල මහතා සඳහන් කළේ, අද පොහොය දිනය යෙදී ඇති හෙයින් විදුලි කප්පාදුවක් නොකරන බවයි.
එසේම ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට වැසි ලැබෙමින් පවතින බැවින් විදුලිය කප්පාදුව සීමා කිරිමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළේය.
විජේපාල මහතා පැවසුවේ ජල විදුලි බලාගාර ආශ්‍රිතව ජලාශයන්හි සමස්ත ජල ධාරිතාව පිළිබඳව තවමත් සතුටු විය නොහැකි බවයි.
එහෙත් වැසි ලැබීමේ තත්ත්වය මත සහ ඉරිදා දිනයෙහි කර්මාන්ත ශාලා වසා තැබීම හේතුවෙන් විදුලි ඉල්ලුම අඩුවීම සලකා බලා එදිනට විදුලිය කප්පාදු නොකිරීමේ හැකියාවක් පවතින බව ඔහු පෙන්වා දෙයි.
විජේපාල මහතා පැවසූවේ, සෙනසුරාදා දිනයේද විදුලිය කප්පාදු කෙරෙන කාලසීමාව අඩු කිරිම කෙරෙහි අවධානය යොමු කර ඇති බවය.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment