Thursday, 30 August 2012
දඹුල්ලේ ගොවීන් ළූණු එක්ක මහ පාරේ
දඹුල්ල - සීගිරිය මාර්ගය අවහිර කරමින් දඹුල්ල, කිඹිස්ස ප්‍රදේශයේ ගෝවීන් පිරිසක් උද්ඝෝෂණයක නිරතව සිටී.
ළූණු අස්වන්නට නිසි මිලක් නොලැබෙන බවට පවසමින් ගොවීහු සිය ළූණු අස්වනු ද මාර්ගයේ දමා විරෝධතාවයේ නිරත වූහ.
ඔවුන් අවධාරණය කලේ බලධාරියකු පැමින විසඳුමක් ලබාදෙන තෙක් විරෝධතාව අත්නොහරින බවයි.
පසුව දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා මැදිහත්වී ළූණු මිලදීගැනීම පිළිබඳ කලාප කළමනාකාරවරයා දුරකථනය ඔස්සේ සම්බන්ධකර ගොවින්ගේ ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දුන්නේය.
ගැටලුව සොයා බැලීමට ලබන සඳුදා නිලධාරී කණ්ඩායමක් ප්‍රදේශයට එවන බවට කලාප කළමනාකාරවරයා පොරොන්දුවීමත් සමග විරෝධතාකරුවෝ විසිර ගියහ.
Subscribe to:
Post Comments (Atom)


No comments:
Post a Comment