Thursday, 30 August 2012

ලෙබනනයේ සිවිල් යුද්ධයක්

ලෙබනනයේ සිවිල් යුද්ධයක ලකුණු පහළ වී ඇති නිසා ශ්‍රී ලංකාවෙන් රැකියා සඳහා ලෙබනනයට එවන පිරිස්‌ වහාම නතර කරන්නැයි ශ්‍රී ලංකා තානාපති රංජිත් ගුණරත්න මහතා ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග අනාවරණය කරයි. ලෙබනනයේ දැනට ශ්‍රී ලාංකිකයන් 85,000 ක්‌ සිටින අතර හදිසි තත්වයක්‌ ඇතිවුවහොත් ඔවුන්ව මෙරටට ගෙන ඒමේ වැඩපිළිවෙළක්‌ පවා අරඹා නැතැයි බීරූට්‌හි වෙසෙන ශ්‍රී ලාංකිකයෝ චෝදනා කරති. සන්නද්ධ කණ්‌ඩායම් විසින් බිරූට්‌ ගුවන් තොටුපළට එන මාර්ගය පවා අවහිර කරමින් ගැටුම්කාරී තත්ත්වයක්‌ ඇතිකරමින් සිටින බැවින් ගුවන්යානා රැසක්‌ හරවා යවා තිබේ. මෙරට රැකියා ඒජන්සිකරුවන් තවදුරටත් ගෘහ සේවිකාවන් යවන බව අනාවරණය වී ඇත.

No comments:

Post a Comment