Thursday 20 June 2013

බස් එක කැපෙන්නෑ - රියදුරා කෑ ගැසුවා ඒ සමග පෙරලෙන්නට පටන් ගත්තා

විනෝද චාරිකාවක් සඳහා ඊයේ (19) අළුයම නමුණුකුල තැන්නේකුඹුර දෙමළ කණිෂ්ඨ විදුහලේ සිසුන් , විදුහල්පති, ගුරුමණ්ඩලයේ කිහිප දෙනෙක් ඇතුලු 91 දෙනෙක් ගමන්ගත් JY-8074 දරණ පුද්ගලික බස් රථය නැවත නමුණුකුල බලා පිටත්ව ඒමේදී වැලිමඩ මාර්ගයේ සීතාඑළිය පොල්ගහ වංගුවේදී අඩි 100 ක් පමණ ප‍්‍රපාතයට පෙරළී මිය ගිය 4 දෙනාගේ මරණ පරීක්‍ෂණය නුවරඑළිය මූලික රෝහලේ දී අද (20) පැවැත්විණ.
මරණ පරීක්‍ෂක රාහුල උඩගම මහතා ඉදිරියේ මරණ පරීක්ෂණය සිදුකළ අතර මියගිය හතර දෙනාගේ මළ සිරුරු අද පෙරවරු 11.00 පමණ වන විට ඥාතීන්ට භාර දී තිබිණි. හිසට බරපතල තුවාල ලබා දිය පහර දිගේ මීටර් 10ක් පමණ දුරට ගසාගෙන ගොස් තිබූ එම බස් රථයේ රියදුරු වන 28 හැවිරිදි අනිල් නිශාන්ත යන අයගේ සහ භාතියරාජ් (23) සහයිර්නූර් සහබ්දීන්, 38 හැවිරිදි මරදමුත්තු බාලක‍්‍රිෂ්ණන් යන අයගේ මරණ සිදුවී ඇත්තේ බස් රථය පෙරළීමේදී ඔවුන්ගේ හිස සහ පපු ප‍්‍රදේශයේ ඉන්ද්‍රීයන්ට බරපතල හානි සිදුවීම නිසා බව නුවරඑළිය අධිකරණ වෛද්‍ය නිළධාරී එන්. එස්. බී. විජයරත්න මහතා පවසයි.

එමෙන්ම බස් රථය පෙරළීමට මොහොතකට පෙර රියදුරු අසුන අසල සිටි කණිෂ්ඨ විදුහලේ විදුහල්පති වන ධර්මලිංගම් ශ‍්‍රීධරන් මහතා සාක්කි දෙමින් මෙසේ කීවේය. “නුවරඑළිය වික්ටෝරියා උද්‍යානයෙන් දහවල් 1ට පමණ පිටත් වී ගයත‍්‍රී කෝවිල නරඹා නැවත ගමන් ඇරඹුවා. සීතාඑළිය මාර්ගයේදී වැසි සහිත මිහිදුම් කාලගුණයක් පැවතුන නිසා බස් රථය සෙමෙන් ධාවනය කළා. පොල්ගහ වංගුව අසලදී “බස් එක කැපෙන්නෑ” කියා රියදුරු කෑ ගැසීමත් සමඟම බස් රථය පෙරලුනා.” නැවත සිහිය ලබන විටදී තමන් රෝහල්ගත කර සිටි බව හෙතෙම පැවසීය.
busbusse
මේ අතර, නුවරඑළිය මූලික රෝහලේ අධ්‍යක්‍ෂ අනුර ජයසේකර මහතා අදහස් දක්වමින් ප‍්‍රකාශ කර සිටියේ එම අනතුර සිදු වූ අවස්ථාවේ සීතාඑළිය ප‍්‍රදේශයේ එළවළු වෙළෙඳ මහත්වරුන් සහ ප‍්‍රදේශවාසීන් මෙම තුවාලකරුවන් හා ළමුන් බේරා ගැනීමට විශාල කැපවීමක් කළ බවයි. මෙය දැනගත් වහාම ගිලන් රථ සමග වෛද්‍යවරුන් 05 දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලයක් එම ස්ථානයට පිටත් කර යැවූ බවත් ඒ මොහොත වන විට නුවරඑළිය පොලිස් ස්ථානය, යුධ හමුදාව ප‍්‍රදේශවාසීන් සමඟ එක්වී අනතුරට පත් වූවන් රෝහල කරා එවීමෙන් ජීවිත ගණනාවක් බේරා ගැනීමට හැකි වූ බවයි.

දැනට මහනුවර රෝහල වෙත වැඩිදුර ප‍්‍රතිකාර සඳහා 9 දෙනෙකු යොමු කර ඇති අතර නුවරඑළිය දැඩි සත්කාර ඒකකයේ ශ‍්‍රී ලක්‍ෂමි සහ ශිව කුමාර් යන දරුවන් ප‍්‍රතිකාර ලබති. 20 වන දින සවස් වන විට සුළු තුවාල ලබා නේවාසිකව සිටින රෝගීන් ඔවුන්ගේ පහසුව සඳහා බදුල්ල මහ රෝහල කරා මාරු කිරීමට නියමිතව තිබුණි. ඥාතීන් ඇතුළු දරුවන් ප‍්‍රවාහනය කිරීම සඳහා නුවරඑළිය නගරාධිපති මහින්ද දොඩම්පේගමගේ මහතා ප‍්‍රවාහන කටයුතු සූදානම් කර ඇති අතර අනතුරට ලක්වන අවස්ථාවේ අධිරාජකාරියේ යෙදී සිට ඇති නුවරඑළිය රථවාහන භාර ස්ථානාධිපති ජී. ජී. සෙනෙවිරත්න මහතාගේ මෙහෙය වීමෙන් පො. සැ. 56290 මුතුකුමාරණ, පො. කො. 35067 කුමාරසිංහ, පො. කො. 1278 දයා කුමාර යන මහත්වරුන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වති

No comments:

Post a Comment