Thursday 30 August 2012

පළාත් තුනේ ඡන්දයට පොලීසියේ 20,000ක්

උතුරුමැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභා මැතිවරණ‍යේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරින් 20,000 පමණ යෙදවීමට තීරණය කර තිබේ. මැතිවරණ ආරක්ෂාව සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා හා පොලිස්පතිවරයා ඇතුළු පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත් විය. ඡන්දපොළ ආරක්ෂාව , ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ඇතුළු කටයුතු සඳහා ආරක්ෂාව සැපයීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් ‍කළේ, මැතිවරණ පැමිණිලි වැඩි වශයෙන් වාර්තා වී ඇති ප්‍රදේශවල ආරක්ෂාව දැඩි කරන බවයි.

No comments:

Post a Comment