Thursday 30 August 2012

ලබන සඳුදා ශෝක දිනයක්

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපුජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මහනායක ස්වාමින්වහන්සේගේ ආදාහන පුජෝත්සවය පුර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකිරීමට තීරණය කර තිබේ. මහ නාහිමියන්ගේ ශ්‍රි දේහයට ගෞරව පුද කිරීම සඳහා දිවයිනේ නන්දෙසින් අතිවිශාල ජනකායක් පැමිණෙමින් සිටින බව ද වාර්තා වේ. උන්වහන්සේගේ ආදාහන පුජෝත්සවය ලබන සදුදා සිදුකිරීමට නියමිත අතර එදින රජයේ ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් පි.බි. අබේකෝන් මහතා ප්‍රකාශ කළේය. බුදුසසුන එළිය කරමින් බුදුහිමි දෙසු මග ලෝවැසියනට පහදා දෙමින් විශිෂ්ට ධර්ම ශාස්ත්‍රීය සේවාවක නිරත වු මේධාලංකාර මහනාහිමියන්ගේ නාමය, ශ්‍රි ලංකාවේ බොදු ජනතාවට කිසිදා අමතක නොවන්නක් බව නොඅනුමානයි.

No comments:

Post a Comment