Wednesday, 8 August 2012

පොලීසියේ 22කට උසස්වීම්

පොලිස් අධිකාරීවරුන් 22 දෙදෙනකු ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ, රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් මෙම උසස් වීම් ලබාදී ඇති බවයි. 2012 හය වැනි මස හත්වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් අධිකාරීවරුන් 18 දෙනෙකු ද 2012 වසරේ හත්වැනි මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අනෙක් සිව් දෙනා ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිලයට උසස් කර තිබේ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිලයට උසස් වීම් ලද විසි දෙදෙනා අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ද වේ.

No comments:

Post a Comment