Monday 20 August 2012

ගින්නට දින දෙකයි, විනාශය අක්.300යි

නකල්ස් රක්ෂිතයේ හසලක, මිනිපේ කොටසේ හටගෙන ඇති ගින්න නිවා දැමීම සඳහා තවදුරටත් කටයුතු කරමින් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ, ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ ගින්න හේතුවෙන් මේ වන විට අක්කර 300 කට අධික ප්‍රමණයක් විනාශ වී ඇති බවයි. ගින්න නිවීම සඳහා යුද හමුදා සාමාජිකයින් 250 කට අධික සංඛ්‍යාවක් ද සහභාගිවී සිටින බව ඔහු සඳහන් කළේය. පෙරේදා ඇති වූ මෙම ගින්න ප්‍රදේශයේ පවතින අධික සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

No comments:

Post a Comment