Monday 20 August 2012

ඌව වෙල්ලස්සේ සිසු තහනම ඉවතට

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සිසුන් 73 කුට පනවා තිබූ පන්ති තහනම අවලංගු කර තිබේ. එහි උප කුලපති මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් ද සිල්වා මහතා පැවසුවේ සිසුන් සහ ඔවුන්ගේ මවිපියන් සමග ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළැඹි බවයි. විශ්වවිද්‍යාල පරිපාලනය මෙම සිසුන්ගේ පන්ති තහනම් කිරීමට විරෝධය පළ කරමින් පසුගිය 16 වැනිදා සිට එහි සිසුහු පන්ති වර්ජනයක ද නිරත වූහ. උප කුලපතිවරයා පැවසුවේ, මෙම සාකච්ඡාවේදී සිසුන් පන්ති වර්ජනය අතහැර දැමීමට තීරණය කළ බවයි. දේශනවලට සිසුන්ගේ පැමීණීම 80% ක් ලෙස අනිවාර්ය කිරීමට විරෝධය පළ කරමින් සිසුන් ගත් ක්‍රියා මාර්ගවලට එරෙහිව මෙම පන්ති තහනම පනවූ බව උප කුලපතිවරයා පැවසීය.

No comments:

Post a Comment