Friday 31 August 2012

මාස 8ක් තුළ ඩෙංගු රෝගීන් 28,083ක්

වසරේ මේ දක්වා ගත වු කාලය තුළ ඩෙංගු රෝගය වැළදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 28,083 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ අගෝස්තු මාසයේ ඩෙංගු රෝගය වැළදී ඇති සංඛ්‍යාව 3487 ක් බවය. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ, කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 6683 කි. රෝගීන් 5263 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 1803 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ මහනුවර, හම්බන්තොට, කුරුණෑගල , රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලින්ද වැඩි ඩෙංගු රෝගීන් වන බවයි.

No comments:

Post a Comment