Saturday 25 August 2012

හොර පාරෙන් රට පනින්න හැදූ 98ක් දැලේ

නීති විරෝධිව ඔස්ට්‍රේලියාවට යාමට සුදානම් වු පුද්ගලයින් 98 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසුරිය මහතා සඳහන් කළේ, මඩකලපුවට නැගෙනහිර මුහුදේදි සංක්‍රමණකයින් 21 දෙනෙකු සිය භාරයට ගත් බවයි. තවත් නීති විරෝධී සංක්‍රමණකයින් 77 දෙනෙකු හලාවතට බටහිර මුහුදේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප්‍රකාශ කළේය. කෝසල වර්ණකුලසුරිය මහතා සඳහන් ඔවුන් වැඩිදුර පරික්ෂණ සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දෙන බවයි.

No comments:

Post a Comment