Saturday 25 August 2012

ගිලිණු නැවේ තෙල් කොල්ලුපිටිය මුහුදු තීරයට

පානදුර ආශ්‍රිත මුහුදු කලාපයේදී පසුගියදා මුහුදුබත් වූ නෞකාවෙන් කාන්දු වූ තෙල් මේ වනවිට දෙහිවල, වැල්ලවත්ත හා කොල්ලුපිටිය යන ප්‍රදේශවලට විසිරෙමින් ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් එස්.ආර්. සමරතුංග මහතා සඳහන් කළේ, එලෙස විසිරෙන තෙල් ඉවත් කිරීම සඳහා මේ වන විට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවය. අදාළ නෞකාවෙන් සිදුවන ඉන්ධන කාන්දුව මේ වන විට නැවතී ඇති බව ද ඔහු සඳහන් කළේය.

No comments:

Post a Comment