Thursday 16 August 2012

කැකිරාව ඩිපෝව වසා දමයි

පසුගිය ජුනි - ජූලි මාසවල මාසික වේතනය නොලැබූ හේතුවෙන් කැකිරාව ඩිපෝවේ සේවකයින් වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට පිවිසී ඇති අතර අගෝස්තු 15වන දින රාත‍්‍රී එම ඩිපෝවේ ධාවනය කළ හැකි සියලූ බස්රථ සේවක විරෝධතා නොතකා ප‍්‍රවාහන බලධාරීන් බලහත්කාරයෙන් වෙනත් ඩිපෝවලට ලබාදී ඇති බවත් ඩිපෝව වසා දැමිමේ ක‍්‍රියාවලිය ක‍්‍රියාත්මක කරමින් සිටින බවත් සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය පවසයි. එම සංගමයේ ප‍්‍රධාන ලේකම් සේපාල ලියනගේ විසින් වහා මෙම ඩිපෝව නැවත යථා තත්වයට පත් කරන ලෙස ජනාධිපතිවරයාට ලිපියක් යවමින් පවසා ඇත. එමෙන්ම ඔහු පවසන පරිදි අවු. 50කට ආසන්න කාලයක් පවත්වාගෙන ආ ශ‍්‍රී ලංගම කැකිරාව ඩිපෝව වසා දැමීමේ කුමන්ත‍්‍රණය ක‍්‍රියාත්මකවීම නිසා එම ප‍්‍රදේශයේ පාසල් ළමයින්ට, වැඩකරන ජනතාවට හා ප‍්‍රදේශවාසීන්ට බරපතල ගැටලූ රාශියක් උද්ගතවී ඇති බවත් මාසික වේතනය නොලැබූ නිසා වෘත්තීය ක‍්‍රියාමාර්ග ගැනීිමේ දී එම සේවකයින්ගේ මාසික වේතනය ලබාදී එම ගැටළුව පාලකයින් විසින් විසඳිය යුතු නමුත් මේ මොහොතේ ක‍්‍රියාත්මක වන්නේ අදාළ ආයතනය වසා දැමීමේ ක‍්‍රියාවලියක් බවද පෙන්වා දෙයි

No comments:

Post a Comment