Thursday 16 August 2012

රාජපක්ෂ ආණ්ඩුවේ හොරු එකට, රටවලට - අනුර

රජපක්ෂ ආණ්ඩුව මැතිවරණ නීති රීති සියල්ල උල්ලංඝණය කරමින් තමන්ගේ තුන්වෙනි වාරයේ බලය රැකගැනීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එම පක්ෂය විසින් අද සවස බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ පැවැත්වූ ප්‍රවෘත්තීය සාකච්ඡාවකදී දේශපාලන මණ්ඩල සභික අනුර දිසානායක මහතා මේ බව පැවසීය. සියවස් ගණනාවක් ජාතික ආර්ථීකය පෝෂණය කළ කෘෂිකර්මාන්තයට පණ දුන් මහ වැව් සංචාරක ව්‍යාපාරයට යොදා ගැනීම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථීක උපක්‍රමය වී ඇති බවත් ගොවීන් ජලය නැතුව පීඩා විඳිද්දී ඒ ගැන නොබලන ආණ්ඩුව මහජන සම්පත් ඡන්ද ව්‍යාපාරයට යොදාගනිමින් සිටින බවත් ඔහු එහිදී පවසා සිටියේය. එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා... රට එකට යමු පෙරට වගේ එකක් ආණ්ඩුව තමන්ගේ මැතිවරණ සටන්පාඨය විදියට ඉදිරිපත් කර තිබෙනවා. හැබැයි දැන් ඇත්තටම මහ පොළොවේ ක්‍රියාත්මක වෙමින් තිඛෙන්නේ හොරු එකට රට වලට ගෙනියන ප්‍රතිපත්තියක් බව පැහැදිලියි. මැතිවරණ නීති උල්ලංඝණය කරමින් රාජ්‍ය දේපොළ අයථා ලෙස යොදාගෙන ආණ්ඩුව පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය පවත්වාගෙන යමින් සිටිනවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු හෝ ඇමතිවරයෙකු වශයෙන් තිඛෙන බලතල පාවිච්චි කරමින් පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්වී සිටින පවුලේ ඥාතීන් හට ඡන්ද ව්‍යාපාරය කරගෙන යෑමට පහසුකම් සලසමින් සිටිනවා. උතුරු මැද පළාත් සභා හිටපු මහ ඇමතිගේ පුතා මධ්‍යම බලතල යොදාගනිමින් තාත්තාගේ මැතිවරණ ව්‍යාපාරයට උදව් කරනවා. එස්.එම්. චන්ද්‍රසේන ඇමතිවරයාගේ මල්ලී වන එස්.එම්. රංජිත් වෙනුවෙන් මධ්‍යම ආණ්ඩුවේ බලතල යොදා ගන්නවා. තිස්ස කරලියැද්ද ඇමතිවරයාගේ සොහොයුරිය වන කල්‍යාණී කරලියද්ද වෙනුවෙන් මධ්‍යම ආණ්ඩුවේ බලතල යොදා ගන්නවා. කෑගල්ල දිස්ති්‍රක්කයේ මිත්‍රපාල ඇමතිවරයාගේ මල්ලී වෙනුවෙන් රාජ්‍ය සම්පත් යොදවනවා. ජ්‍යෙෂ්ඨ ඇමති අතාවුද සෙනවිරත්නගේ පුතා වෙනුවෙනුත් මේ දේම කරනවා. රත්නපුර දිස්ති්‍රක්කයේ පවිත්‍රා වන්නිආරච්චි ඇමතිවරියගේ ස්වාමිපුරුෂයා වෙනුවෙන් රාජ්‍ය සම්පත් යොදවන්නේත් මේ විදියටමයි. මේ ආදී වශයෙන් තම පවුලේ ඥාතියාට දේශපාලන බලය ලබාදීම වෙනුවෙන් රාජ්‍ය දේපොළ අනිසි ලෙස භාවිතා කරමින් සිටිනවා. අනුරාධපුර දිස්ති්‍රක්කය නියෝජනය කරන බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාට විරුද්ධව ජනාධිපති විශේෂ විමර්ශන කොමිසන් සභාව චෝදනා ගණනාවක් එල්ල කර තිඛෙනවා. උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශය යටතේ පවතින සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ ඒජන්සිය හරහා ප්‍රදේශයේ වැව් 63ක් ප්‍රතිසංස්කරණය කිරීමට කොන්ත්‍රාත් ලබාදී තිඛෙනවා. ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 780ක් ලබාදී තිඛෙනවා. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ලී බඩු ලබාදීමේ කොන්ත්‍රාත්තුව ලක්ෂ 100යි. පෙරපාසල් පහසුකම් සංවර්ධනයට රුපියල් ලක්ෂ 100යි. කිරිහල් ඉදිකිරීමට රුපියල් ලක්ෂ 110යි. මෙම වංචාවන් පිළිබඳව විමර්ශනයේදී තොරතුරු හෙළිවී තිඛෙනවා. ඒ වගේම කලපලූවාව කුමුදු ට්‍රාන්ස්පෝර්ට් ආයතනයට වාහන ලබාගැනීමේ කොන්ත්‍රාත්තුවකට රුපියල් ලක්ෂ 15ක් ගෙවා තිඛෙනවා. සිරිදත්ත කන්ස්ට්‍රක්ෂන් සමාගමට ලක්ෂ 240ක් ගෙවා කොන්ත්‍රාත්තුවක් ලබාදී තිඛෙනවා. මැණික් ඒජන්සීස් ආයතනයට රුපියල් මිලියන 4.3ක කොන්ත්‍රාත්තුවක් ලබාදී තිඛෙනවා. මේ සියල්ල සිදුකර ඇත්තේ උතුරුමැද පළාතේ සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ ඒජන්සිය මගින්. මෙහි සභාපති සුමතිපාල නැමැත්තා මෙම පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සංධානයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට තරඟවදිනවා. රේල් පීලි සොරකමක් සම්බන්ධයෙන් මොහුට අධිකරණයේ නඩුවක් පවා තිබුණා. මෙවැනි තත්වයක් යටතේ නාමයෝජනා භාරදී තිඛෙන්නේ ජනාධිපතිවරයාට හසුරුවාගත හැකි පුද්ගලයන්ටයි. මේ ඔක්කොම එක අත්තක වහපු කුරුල්ලෝ. තමන්ගේ දේශපාලන බලය රැකගන්න ජනතාවගේ මුදල් කොල්ල කෑ පුද්ගලයන්ට රැකවරණය ලබාදෙන්නේ මේ විදියටයි. මෙම විමර්ශන වාර්තාව 2010 නොවැම්බර් 25 වන දින ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට ලබාදී තිඛෙනවා. ජනාධිපති කොමිසමේ නිර්දේශය වී ඇත්තේ රුපියල් ලක්ෂ 1100ක මහජන මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් උතුරුමැද පළාත් මහ ඇමතිවරයා සහ නිලධාරීන් පිරිසකට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ පවත්වන ලෙයසි. අද වනතුරු මේ කිසිම පරීක්ෂණයක් සිදුකර නැහැ. මෙයින් පැහැදිලි වන්නේ ජනාධිපති වමර්ශන කොමිසන් සභා පත්කරමින් ජනතා මුදල් යොදා ජනාධිපතිවරයා ලබාගන්නා වාර්තා තමන්ගේ දේශපාලන බලය රැකගැනීමේ උපක්‍රමයක් වශයෙන් යොදාගන්නා බවයි. ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට දේශපාලන පිල් මාරු කිරීමේ උත්සාහයක් යම්කිසි පුද්ගලයෙකු දැරුවහොත් මේ විමර්ශන වාර්තා යොදවා ඒ පුද්ගලයාව මෙල්ල කිරීමට උත්සාහ දරණවා. ශී්‍රපති සූරියආරච්චි මහතා අත්‍යාවශ්‍ය කොමසාරිස්වරයාව සිටියදී වාහනයක් අයථා ලෙෂ පරිහරණය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කර සිරගත කිරීම හොඳ උදාහරණයක්. මේ ආදි

No comments:

Post a Comment