Friday 24 August 2012

ප්‍රංශ පාපැදි සවාරිය ජයගත් පා පැදි ශුර ලාන්ස් ආම්ස්ට්‍රෝන්ට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පනවා තිබේ.

අමෙරිකානු තහනම් උත්තේජක ඒජන්සිය 7 වරක් ප්‍රංශ පාපැදි සවාරිය ජයගත් පා පැදි ශුර ලාන්ස් ආම්ස්ට්‍රෝන්ට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පනවා තිබේ. මීට අමතරව ඔහු අඛණ්ඩව වසර 7 ක් හිමිකර ගත් ප්‍රංශ පා පැදි සවාරි කිරුළ ද අහිමි කළ බව අමෙරිකානු බලධාරිහු පැවසූහ. ලාන්ස් ආම්ස්ට්‍රෝංට එරෙහිව මෙම පියවර ගෙන තිබෙන්නේ ඔහු තහනම් උත්තේජක භාවිත කළ බවට තහවුරුවීම හේතුවෙනි. කෙසේ වෙතත් ලාන්ස් ආම්ස්ට්‍රෝං මේ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර සිටී. මේ අතර ජාත්‍යන්තර පාපැදි සංගමය අමෙරිකානු බලධාරින්ගේ මෙම තීරණය ක්‍රියාවට නංවන්නේ දැයි ‍මේ දක්වා ප්‍රකාශයට පත්කර නොමැත. කෙසේ වෙතත් අමෙරිකානු තහනම් උත්තේජක පාලනාධිකාරියට එරෙහිව අභියෝග කිරීම සඳහා ජාත්‍යන්තර පාපැදි සංගමය මීට පෙර ආම්ස්ට්‍රෝංට සහය පළ කළේය. අමෙරිකානු බලධාරින් පවසන්නේ තම තීරණයට එරෙහිව සටන් නොකිරීමට ආම්ස්ට්‍රෝං තීරණය කිරීම හේතුවෙන් ඔහුට එරෙහි චෝදනා සැකයෙන් තොරව බව පැහැදිලි වන බවයි. පිළිකා රෝගයකින් සුවය ලැබීමෙන් අනතුරුව ලාන්ස් ‍ආම්ස්ට්‍රෝං අඛණ්ඩව 7 වතාවක් ප්‍රංශ පාපැදි සවාරිය ජයග්‍රහණය කර තිබීම ද විශේෂත්වයකි.

No comments:

Post a Comment