Tuesday 21 August 2012

සොරුන් අත තිබූ වටිනාම භාණ්ඩය හමු වෙයි

ජාතික කෞතුකාගාරයෙන් සොරාගත් භාණ්ඩ අතර විටිනාම භාණ්ඩය වන අනුරාධපුර යුගයට අයත් මුද්දක් ‍ඊයේ සොයාගත් බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහන මහතා සඳහන් කළේ, ඊයේ රාත්‍රි‍ 8.00 ට පමණ කොළඹ අපරාධ කො‍ට්ඨාසය විසින් මාලිගාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු‍‍‍‍ගේ නිවසේ තිබී මැණික් බහාලු එම මුද්ද සොයා ගත් බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මුද්දට අමතරව තවත් කාසි වර්ග, කඩු බහාලන කොපු ද ‍සොයා ගත් බවයි. මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ඒ අතර භාණ්ඩ සොරාගැනීම සම්බන්ධයෙන් පිළියන්දල පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ලබන 3 වැනිදා දක්වා ඊයේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

No comments:

Post a Comment