Tuesday 21 August 2012

ලාංකික සරණාගතයින්ට ඉන්දීය පුරවැසිභාවය දෙන්න

ශ්‍රී ලාංකික සරණාගතයින්ට ඉන්දීය පුරවැසිභාවය දෙන ලෙස දකුණු ඉන්දීය ඩී.එම්.කේ. පක්ෂ නායක කරුණානිධි ඉන්දීය අග්‍රාමාත්‍ය මංමෝහං සිංගෙන් ඉල්ලා ති‍බේ. ඉන්දීය මාධ්‍ය අනාවරණ කළේ, අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකරමින් ඔහු මෙම ඉල්ලීම කර ඇති බවයි. ඉන්දීයාවේ වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින්ට ඉන්දීය පුරවැසි භාවය‍ හෝ ස්ථිර පදිංචියට අවසරය දෙන ලෙස කරුණානිධි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ. ශ්‍රී ලංකාවට ලබා දී ඇති පුනුරුත්ථාපන ආධාර යොදවන ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කණ්ඩායමක් ශ්‍රී ලංකාවට යවන ලෙස ද ඩී.එම්.කේ. පක්ෂ නායකයා ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇතැයි ඉන්දීය මාධ්‍ය අනාවරණ කළේය.

No comments:

Post a Comment