Wednesday 22 August 2012

මහාධිකරණයේදී රැඳවියාගෙන් අසූචි ප්‍රහාරයක්

හලාවත මහාධිකරණයේදී බන්ධනාගාර රැඳවියකු අසූචි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් පිළිබඳ පුළුල් පරික්ෂණ ආරම්භ කර තිබේ. ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසුවේ අද පෙරවරුවේ සැකකරු අධිකරණය තුළදී එම ප්‍රහාරය එල්ල කර ඇති බවයි. මහාධිකරණ විනිසුරුවරිය දෙසට එම ප්‍රහාරය එල්ල වී ඇතත් ඉන් එතුමියට ඉන් බලපෑමක් සිදුව නැහැ. මේ සම්බන්ධයෙන් හලාවත පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර බන්ධනාගාර නිලධාරින් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා සඳහන් කළේය. මෙම අසුචි ප්‍රහාරය එල්ල කර ඇත්තේ, ස්ත්‍රී දුෂණ සිද්ධියක් සම්බන්ධයෙන් දිර්ඝ කාලයක් පුරා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවෙකි.

No comments:

Post a Comment