Tuesday 7 August 2012

කළුතර සභාපතිට ඇප නැහැ

අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටින කළුතර ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාට ඇප ලබාදීම අධිකරණය අද ප්‍රතික්ෂේප කළේය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා නියෝග කළේ සැකකරු සහ එම ප්‍රාදේශිය සභාවේ කාර්යාල කාර්ය සහයකයා ලබන 21 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. කළුතර නාගොඩ ප්‍රදේශයේ ඉඩමකට පිවිසුම මාර්ගයක් සකස් කර යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සදහා සැකකරු රුපියල් ලක්ෂ 30 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අල්ලස් කොමිසම මගින් ඉකුත් 25 වැනිදා ඔවුන් අත්අඩංගුවට ගැනිණ. අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු පැහැදිලි කරමින් පැවසුවේ, සැකකරු දේශපාලනඥයකු බැවින් ඇප ලබාදුනහොත් ඔහු සාක්ෂිකරුවන්ට බලපෑම් කරනු ඇති බවයි.

No comments:

Post a Comment