Tuesday 7 August 2012

සාරියේ කුඩු සඟවා ගත් ගුවන් සේවිකාව බන්ධනාගාරයට

හෙරොයින් තොගයක් රැගෙන ආ බවට සැකපිට අත්අඩංගුවට ගත් ප්‍රමුඛ පෙළේ දේශීය ගුවන් සමාගමක සේවිකාව ලබන 21 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීය. මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී සැකකාරිය සහ ඇය සමග ගමන්ගත් තවත් කාන්තාවක වැල්ලවත්ත පොලීසිය මගින් පාමංකඩ ප්‍රදේශයේදී පෙරේදා අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරියගේ සාරියේ සඟවා තිබූ හෙරොයින් පැකට් 27 ක් සොයා ගැනුණු අතර පොලීසිය අධිකරණය හමුවේ සදහන් කළේ, එම කාන්තාව මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ තැනැත්තියක බවයි සැකකාර ගුවන් සේවිකාව සමග ගමන් ගත් අනෙක් කාන්තාව ඇප මත මුදාහැර ඇති අතර වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.

No comments:

Post a Comment